අප්‍රිකානු කලාපයේ යෝධ නායකයෙකු ලෙස සැලකෙන රුවන්ඩාවේ ජනාධිපති ජෙනරාල් පෝල් කගාමේ පසුගියදා තම රටේ ආයෝජනය කළ ව්‍යාපාරික චීන ජාතිකයින් 18 දෙනෙකු වහාම තම රටෙන් පිටුවහල් කරන ලෙස නියෝගයක් නිකුත් කර ඇත.Sri Lanka Latest News
එම චීන ආයෝජකයින් 18 දෙනා රුවන්ඩා කම්කරුවන්ගෙන් අයුතු ලෙස වැඩගැනීම, ඔවුන්ට අයුතු ලෙස සැලකීම සහ ඔවුන්ගේ ව්‍යාපාර පවත්වාගෙන ගිය රුවන්ඩා වැසියන්ගේ ඉඩම් කොල්ලකෑම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී ඇත.
චීන ආයෝජකයින් රුවන්ඩා ජනතාවගේ ශ්‍රමය සූරාගෙන කා තිබෙන අතර ඔවුන් වහලුන් මෙන් අසාමාන්‍ය පැය ගණනක් වැඩ කිරීමට සලස්වා ඇත.
“අප්‍රිකාව අප්‍රිකානුවන් සඳහායි… අපට අප්‍රිකාවේදී වහලුන් විය නොහැක… ඔවුන්ගේ වෙනස්කම් කිරීමේ විකාර අපි මෙහි නොඉවසමු… රුවන්ඩාව කියන්නේ අප්‍රිකානුවන්ට සහ අපට යහපතක් කරන අයට අයිති රටක්… මම චීන ආයෝජකයින් 18 දෙනාට වහාම රුවන්ඩාවෙන් පිටව යන ලෙසත් කිසි විටෙකත් ආපසු නොඑන ලෙසත් දැන්වුවා… රුවන්ඩා ජනතාව ඔවුන්ගේ රටේ ඔවුන්ගේ අයිතිවාසිකම් භුක්ති විඳිය යුතුය… මේක මෙහි ඉතිරිව සිටින අනෙකුත් චීන ආයෝජකයින්ට පාඩමක් වේවි කියලා මම හිතනවා…” ජනාධිපති කගාමේ ඔවුනට මෙසේ පවසා අනතුරු ඇඟවීය.










