වව්නියාව නෙළුකුලම් භාරතීපුරම් ප්‍රදේශයේ දී ජල ටැංකියකට වැටී දෙහැවිරිදි දැරියක ජීවිතක්ෂයට පත්ව තිබේ. (Sri Lanka Latest News)
ඊයේ (25) සවස එම දැරිය ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී ටික වේලාවකින් පෙනෙන්නට නොතිබූ නිසා අතුරුදන් වූ දැරිය සොයා මවුපියන් සොයා බලා තිබූ අතර අසල ජල ටැංකියට වැටී ඇති බව සොයාගෙන ඇත.
දැරිය වවුනියාව රෝහලට ඇතුළත් කර ඇති නමුත්, ඒ වන විටත් රෝහලේදී මියගොස් ඇති බව ප්‍රකාශ කර ඇත.
තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවට මුලික විමර්ශනවල දී තහවුරු වී ඇත.
මෙම ජල ටැංකිය නිවසේ අය නාන්නට භාවිත කරන්නකි.
සිද්ධිය සම්බන්ධයෙන් නෙළුකුලම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
gossiplankanews










