• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් අද ආරුගම්බේ ගිහින්! PHOTOS I Sri Lanka Latest News

August 25, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
රනිල් අද ආරුගම්බේ ගිහින්! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

සංවර්ධනය විය යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නිසි සැලැස්මක් ඔස්සේ එම කටයුතු ක්‍රියාවට නංවන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ආරුගම්බේ වෙරළ තීරයේ ප්‍රචලිත දියමත ලිස්සා යාම වැනි ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමෙන් ඉහළ ආදායමක් උපයා ගැනීමට ඇති හැකියාව ද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ආරුගම්බේ සංචාරක කර්මාන්තයේ නියුතු ව්‍යාපාරිකයන් සමඟ අද (25) පෙරවරුවේ පැවති හමුවේදීය.

සංචාරක ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සොයා බැලීමට කැඳවා තිබූ මෙම සාකච්ඡාවට රාජ්‍ය නිලධාරීන් මෙන්ම සංචාරක කර්මාන්තය ආශ්‍රිත රැකියාවන්හි නියුතු පිරිස් ද එක්ව සිටියහ.

2035 වසර වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් හිමිවන්නේ සංචාරක ව්‍යාපාරය මඟින් බව ලෝක වාර්තා පෙන්වා දෙන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා ශ්‍රී ලංකාව ද සූදානම් කළයුතු බවත්, සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ගැටලුවලට සෘජුව විසඳුම් ලබාගැනීමට හැකියාව පවතින බවත් පැවසීය.

නැගෙනහිර පළාතේ සංචාරක කරමාන්තය අදියර දෙකක් යටතේ සංවර්ධනය කළ යුතු අතර, ඉදිරි වසර 10 තුළ එම කටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට අපේක්ෂා කරන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (25) උදෑසන අම්පාර දිස්ත්‍රික්කයේ ආරුගම්බේ හා පීනට් ෆාම් වෙරළ තීරයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය.
එම සංචාරක ප්‍රදේශවල පවතින අඩුපාඩු පිළිබඳව සොයා බැලූ ජනාධිපතිවරයා එහි පැමිණ සිටි සංචාරකයන් සමඟ සුහඳ කතා බහක ද නිරත විය.
ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී සංචාරක ක්ෂේත්‍රයේ පවතින ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් විමසා බැලිණි.
ආරුගම්බේ වෙරළ තීරය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ දී එහි පවතින ධීවර වරාය ධීවරයන්ට අවශ්‍ය පහසුකම් සමඟ වෙනත් ස්ථානයක ස්ථාපනය කිරීමට ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳ මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා ජනාධිපතිවරයා දැනුවත් කළ අතර ඒ පිළිබඳව කඩිනම් පියවර ගත යුතු අතරම මෙම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස වෙන්කර ගනිමින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම මෙම ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නිරත වූවන්ට ව්‍යාපාරික ස්ථාන සඳහා ස්ථීර ඔප්පුවක් නොමැතිකම හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර ඒ පිළිබඳව ද වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙසත්, ඊට විසඳුම් ලබාදීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ව්‍යාපාරික ස්ථානවලට සහ එහි පැමිණෙන සංචාරකයන්ට මුහුණදීමට සිදුව ඇති පානීය ජල ගැටලුව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ආරුගම්බේ ප්‍රදේශයේ පානීය ජල ගැටලුව විසඳීම සඳහා යෝජිත හැඩ ඔය පානීය ජල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු අවසන් වීමට තවත් වසර කිහිපයක් ගත විය හැකි බැවින් නාවික හමුදාවේ සහය ඇතිව දැනට පවතින ස්වභාවික කුඩා ජල මූලාශ්‍ර සඳහා ප්‍රතිආශ්‍රැතකරණ ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරීම පිළිබඳව සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙසද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.
පසුගිය වසරේදී අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා. ඒ අනුව ණය නොගෙවූ බංකොලොත් රටක් බවට අප පත්වුණා. රජය ගෙන ගිය නිවැරදි වැඩපිළිවෙළ හේතුවෙන් මෙම වසරේ අප බංකොලොත්භාවයෙන් නිදහස් වුවත් අපට එම ණය ගෙවීමට සිදු වෙනවා. ඒ වගේම රට ඉදිරියට ගෙන යාමේ දී විදේශ විනිමය අවශ්‍යයි. ඒ නිසා වෙළෙඳ ශේෂය ඉහළ නංවා නොගතහොත් ණය වැඩි වී තවත් වසර 10කින් අපට නැවත ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වෙනවා.
එය වළක්වා ගැනීම සඳහා අප නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. එහිදී නැගෙනහිර පළාත පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සංවර්ධනය වෙනුවෙන් නව සැලැස්මක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය දියුණු කිරීමට අපට ඉන්දීය රජයේ සහාය හිමිව තිබෙනවා.
මහවැලි ව්‍යාපාරයේ වම් ඉවුරේ ඉඩම් කොටසත් මෙයට එක් කර ගනිමින් එම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා . ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ දී අක්කර දහසක පමණ ආයෝජන කලාපයක් ඇති කිරීමට ද නියමිතයි. එහි සංචාරක කරමාන්තය දියුණු කරනවා වගේම කෘෂි නවීකරණ වැඩසටහනක් සමඟ ධිවර කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් ද කටයුතු කරන බව කිව යුතුයි.
ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කයේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය යුතුව තිබෙනවා. මෙම ප්‍රදේශයේ ජීවත් වන්නේ ඉතා දිළිදු ජනතාවක්. අප ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. අම්පාර දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය නවීකරණය වගේම කෘෂි නවිකරණයක් සිදු කළයුතුයි. වී වගාවේ දී හෙක්ටයාර් එකකට වී මෙට්‍රික් ටොන් 07ක්,08ක් වත් ලබා ගත යුතුයි. සත්ව පාලනය පිළිබඳවද ද නව වැඩසටහන් එම පළාතේ ක්‍රියාත්මක කර තිබෙනවා.
එළැඹෙන දශකයේ දී මෙරටට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 සිට ලක්ෂ 50ත්, ඉන් අනතුරුව කෝටියත් අතර සංඛ්‍යාවකින් ඉහළ නංවාගත යුතුයි. 2035 වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක් ලැබෙන්නේ සංචාරක ව්‍යාපාරය මගින් බව වාර්තා පෙන්වා දෙනවා. ඒ නිසා එහි තමන්ගේ දායකත්වය පිළිබඳ රටවල් අවධානය යොමු කළයුතුයි.

ඒ අනුව වාර්ෂිකව මෙම ප්‍රදේශයට අවම වශයෙන් සංචාරකයින් ලක්ෂ 10ක්-20ක් අතර ප්‍රමාණයක් ගෙන්වාගත යුතුයි. එම එක් සංචාරකයෙකුගෙන් දිනකට ඩොලර් 300ක් හෝ 500ක් අය කර ගැනිමේ වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් නැගෙනහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනවා.
අද තිබෙන්නේ වෙනස් සංචාරක ව්‍යාපාරයක්. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙහි පැමිණෙනවා. සංචාරක ආකර්ෂණය දිනාගත් දිය මත ලිස්සා යාම (surfing) වැනි ක්‍රීඩා මෙහි ප්‍රවර්ධනය කළයුතුයි.
මෙම සම්පුර්ණ ප්‍රදේශයම සංචාරක කලාපයක් ලෙස දියුණු කළයුතුයි. ඒ වගේම මෙම නගරයේ සහ ග්‍රාමීය සංවර්ධන වැඩපිළිවෙළ ද ඉදිරියට ගෙන යා යුතුයි. කිසිවිටකත් සංචාරක ව්‍යාපාරයේ දියුණුව සහ ජන ජිවිතය පටලවා නොගත යුතුයි. ඒ වගේම අම්පාර බස් නැවතුම්පොළ ද සංවර්ධනය කළයුතුව තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයට පැමිණෙන සංචාරකයන් දින කිහිපයක් මෙහි රඳවා ගැනීමට නම් නිසි වැඩපිළිවෙළක් අවශ්‍යයි. ඒ වගේම මුළු රටම සංචාරකයන්ගේ ආකර්ෂණීය ගමනාන්තයක් බවට පත් කර සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතා
ආරුගම්බේ වෙරළ තීරයට ඇතුළුවන ස්ථානයේ ධීවර තොටුපළක් තිබෙනවා. අප එය වෙනස්කර ගත යුතුයි. 1987 ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ද මෙය ඉවත් කිරීම පිළිබඳ කටයුතු කළා. නමුත් අවාසනාවකට එය ක්‍රියාත්මක කිරීමට හැකියාව ලැබුණේ නැහැ.
ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ නිරතව සිටින පිරිස් මුහුණ දී ඇති ගැටලු සඳහා අප කඩිනම් විසඳුම් ලබාදිය යුතුව තිබෙනවා. අද පරිසර අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වනජිවි දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ආයතනවල නිලධාරීන් ද සමඟ ගරු ජනාධිපතිතුමා මෙම සාකච්ඡාව කැඳවනු ලැබුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බැලීමටයි. මෙම කරුණු පිළිබඳව ජනාධිපතිතුමා හොඳ අවබෝධයකින් සිටිනවා. එම නිසා එම ගැටලු සඳහා අවශ්‍ය විසදුම් එතුමා ලබාදෙනු ඇතැයි අප විශ්වාස කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.එම් මුෂාරෆ් මහතා
මෙම ප්‍රදේශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනාධිපතිතුමාට දිර්ඝ ලෙස විස්තර කිරීම අවශ්‍ය නැහැ කියා අද මම තිරණය කළා. එතුමාට මෙම කටයුතු පිළිබඳ හොඳ අවබෝධයක් තිබෙනවා. අද ආරුගම්බේ මෙන්ම පිනට් ෆාම්හි නිරීක්ෂණ චාරිකාවක නිරත වී සාකච්ඡා කළයුතු කරුණු පිළිබඳ මනා අවබෝධයකින් යුතුවයි එතුමා මෙම ස්ථානයට පැමිණියේ.
රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ දැන් ජනාධිපතිතුමා ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළේ සාර්ථක අවසානයක් දැකීමට නම් තව වසර 10කට හෝ 15කට එතුමා මේ රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළයුතුයි. රට නිවරුදි ලෙස සංවර්ධනය කළ හැක්කේ ජනප්‍රිය නොවන තීන්දු මගින් බව අප ද විශ්වාස කරනවා. එම වැඩපිළිවෙළ සහ සැලැස්ම ජනාධිපතිතුමා දැන් ක්‍රියාත්මක කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා

අපේ රට ඓතිහාසික වටිනාකම්වලින් මෙන්ම ස්වභාවික සෞන්දර්යයෙන් අනූන රටක්. එය එක් පළාතකට සීමා වී නැහැ. සැම පළාතකටම එක සේ වටිනාකමක් තිබෙනවා. ඒ වගේම ඒ ඒ පළාත්වලට ආවේණික සම්පත් තිබෙනවා. ඒ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබාදීමේ හැකියාව මේ නැගෙනහිර පළාතට තිබෙනවා.
අපේ රට වටිනා භූමියක් බව මම අමුතුවෙන් කිවයුතු නැහැ. එබැවින් මේ රටේ තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදී ප්‍රතිපත්තිමය තීන්දුවලට එළැඹීම තුළින් රට විශාල දියුණුවක් කරා ගෙන යා හැකියි. පරිනත දේශපාලනඥයෙක් වන ජනාධිපතිතුමාට එය කළ හැකි බව අප විශ්වාස කරනවා.
පුරාවස්තු එක පිරිසකගේ පමණක් නොව මේ රටේ උපන් සියලුදෙනාගේ උරුමයක් ලෙස ආරක්ෂා කර ගනිමින් ඒ පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර කටයුතු කළයුතුයි. ඒවගේම වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට ද නිසි සැලැසුමක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාව මතුව තිබෙනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-08-25

SendShareShare
Previous Post

අවුරුදු 3කට පසු ශානි නිදහස් මිනිහෙක්! I Sri Lanka Latest News

Next Post

බැසිල් පොහොට්ටු සාමාජිකයන් කැඳවයි! ඡන්දෙකට සූදානම් වන ලෙස දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News
Exclusive

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Load More
එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අල්ලස් ගැනීම, අල්ලස් දීම හෝ අල්ලස් දීමට උත්සාහ කිරීම, අල්ලස් ගැනීමට උත්සාහ කිරීම කියන මේ...

Read more
ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

තුන් මුල්ලක හිරවුණු විමල් බිත්ති හතරකට කොටු වෙයිද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.