• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉපදෙනකොටම කිරි කැටියන් මරපු අපේ කාලයේ හෙද යක්ෂණිය I Sri Lanka Latest News

August 27, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මේ වගේ තිරිසන්, නින්දිත ක්‍රියා කරන්න පුළුවන් හෙදියකගේ රැකවරණය යටතේ අපේ ජීවිතේ වටිනාම දේවල් හානියක් වෙයි කියලා අපි කවදාවත්ම හිතුවෙ නැහැ. අපේ චූටි පුතා හොඳින් ජීවත් වෙලා හිටියා. ඒත් ඔබ එයාව අරගෙන ගියා. ඔබ අපේ දරුවා මරාදැමූ රාත්‍රියේ අපේ මනස කම්පනයට පත්වූ හැටි විස්තර කරන්න බැහැ. අපේ ජීවිතයේ ප්‍රීතිමත්ම කාලය විය යුතුව තිබුණු කාලය අපේ නරකම බියකරු සිහිනය බවට ඔබ පත්කළා.(Sri Lanka Latest News)

අපේ දරුවන්ගේ ජීවිත සමගත්, දෙවියන් වහන්සේ සමගත් සෙල්ලම් කිරීම ඔබේ අයිතියක් යැයි ඔබ සිතුවා. අපේ ජීවිත අද කාංසාව සහ මානසික අවපීඩනය සමග අරගල කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. ඔබ එයට වගකියන්න ඕනෙ. ඔබ හිතුවේ අපේ ජීවිතවලට ඇතුළු වෙලා ඒවා උඩු යටිකුරු කරන්න පුළුවන් කියලා. ඔබ ඒක කරලා තිබුණෙත් කවදාවත් ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ දකින්නේ නැහැ. ඔබ අපිට කළ දේ වෙනුවෙන් ඔබ දිගු ජීවිතයක දුක් විඳීමක් අත් දකීවි. මගේ ආදරණීය පුතා, පිරිමි ළමයා, මේ මගේ පළමු දරු සම්පත. ඔබ ඒ වස්තුව අපෙන් ඩැහැගෙන යන්න ගියා….’

කුමක්ද මේ අතිශය හැඟුම්බර කතාන්දරය? අපේ සවනට මෙම වගතුග ඇසෙන්නේ කොතැනකින්ද? දරු ස්නේහයක් ගැන කියැවෙන මෙම වගතුග තවත් වදන් පෙළකින්ම ගලා යයි. එම කතාව තවත් ටිකක් සොයා බලමු.

‘අද අපට ඇතිවී තිබෙන කම්පනය අප මියයන දවස දක්වාම අප සමග ජීවත් වනු ඇත. ඔබගේ වචනවලින්ම කියා තිබෙන්නේ ඔබ එම දරුවන් හිතාමතාම මරාදැමූ බවයි. ඔබ විශ්වාසවන්ත හෙදියක් ලෙස පෙනී සිටිමින් ඔබේම භූමිකාව අපයෝජනයට ලක්කර තිබෙනවා. ඔබගේ දෛවය අද පැහැදිලිවම දෙවියන් වහන්සේ සමග විසන්ධි වී තිබෙනවා. මගේ ආදරණීය පුතා මට නැතිවන විට මගේ හදවත කැබලි මිලියනයකට කැඩිලා ගියා.

මට මගේ දරුවාට මවක් වන්නට තිබුණු අවස්ථාව ඔබ නැතිකර තිබෙනවා. අපි රැවැටුණා. අපි රැවැටුණා. අපේ පවුලම චිත්තවේගයෙන් වෙළිලා ගියා. ඔය ලස්සන ලුසී දාගෙන ඉඳලා තියෙන්නේ වෙස් මුහුණක්. ඔබ ජීවත් වෙලා තිබෙන්නේ යක්ෂයා සමගයි. අපේ පුතා වගේම අනෙකුත් මවුපියන්ගේ දියණියන් පවා ඔබ විසින් සොරාගෙන තිබෙනවා. මේ අහිංසක කිරි දරුවන්ට මෙතරම් අපරාධයක් සිදුකළ හැකිද? ගැහැනියක් ගැබ් ගන්නවා කියන්නේ ඉතා සුන්දර සිහිනයක ආරම්භයක්. එදා ඉඳන් ස්කෑන් පරීක්ෂණ කරමින් දරු සම්පත ගැන සිහිනය යථාර්ථයක් කරගන්නවා.

ඔබ උදුරාගෙන ගිය සමහර දරුවන්ගේ සමහර මවුපියන් අද මානසික උපදේශන ලබාගන්න තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ මවුපියන්ගේ දැවැන්ත ආතතිය හා පීඩනය අඩු කරන්න ලෙහෙසියෙන් බැහැ. ඔවුන් අද රෑ නින්දෙන් බියවී බියකරු සිහින දකිමින් නැගිටිනවා. මේ සියල්ලටම ඔබ වන්දි ගෙවිය යුතුයි. ඔබ කොතරම්ම බියකරු ගැහැනියක්ද කියලා අද ලෝකය දැනගෙන තිබෙනවා. යහපත් අයුරින් හොඳ සෞඛ්‍යයෙන් ජීවත් විය හැකි දරුවන් හත් දෙනකුගේම ජීවිත ඔබ විසින් උදුරා ගත්තා. දැන් ඔබ මේ පාපයන්ට වන්දි ගෙවන්න ලෑස්ති වෙන්න…’

මෙම අනුවේදනීය ශෝකාන්තය මෙයට දින කිහිපයකට පෙරදී අසන්නට ලැබුණේ මහා බි්‍රතාන්‍යය නොහොත් එංගලන්තයෙනි. මුළුමහත් ලෝකයම මහත් ශෝකයට සහ ආන්දෝලනයට පත්කළ මෙම සිදුවීමට අදාළව ප්‍රධානත්වය ගෙන තිබුණේ එංගලන්තයේ රෝහලක සේවය කරන තරුණ හෙදියකි. ඇගේ නම ලුසී ලෙට්බි වන අතර, (Lucy Letby) වන අතර, ඇය දැනට වයස අවුරුදු 33ක කාන්තාවක් වෙයි.

වෘත්තියෙන් හෙදියක් වන ඇයට එරෙහිව නගා ඇති චෝදනාව වන්නේ අතිශය බියකරු කතාන්දරයකි. එනම් ඇය තමන් සේවය කරන ළමා රෝහල තුළදී ඇගේ භාරයේ සිටි කුඩා දරුවන් 07 දෙනකු ඝාතනය කළේ යැයි පැවසෙන චෝදනාවය. උත්පත්තියෙන් පසුව දින ගණනක් වයසැති දරුවන් 13 දෙනකුට යම් මරණීය අවස්ථාවන් තමන් සිතාමතාම උදාකර ඇති අතර, එයින් දරුවන් 07 දෙනකු ඝාතනයට ලක්කර ඇත.

මෙහිදී මෙම සිදුවීම් යම් එක් පූර්ණ වසරක් තුළදී සිදුව ඇති අතර, එහිදී මෙසේ මරණයට පත්ව ඇත්තේ මෙම තරුණ හෙදියගේ ආරක්ෂාව යටතේ රෝහල තුළ සිටි දරුවන්ය. මෙම ශෝකීය එමෙන්ම ඉතා අබිරහස් කතාන්දරය සිදුව ඇත්තේ 2015 ජුනි සිට 2016 ජුනි දක්වා වන කාලයක් තුළදීය. එහිදී ඇගේ වයස ගතවෙමින් තිබී ඇත්තේ අවුරුදු 26ක් වැනි අවස්ථාවකය.

එම වසරක වැනි කාලය තුළදී කුඩා දරුවන් 13 දෙනකු හදිසියේම රෝගී තත්ත්වයන්ට පත්වීම පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇතිව තිබිණි. එමෙන්ම එම දරුවන්ගෙන් 07 දෙනකුම යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිට හදිසියේම අබිරහස් ලෙස රෝගී වීම මෙම තත්ත්වය විය. මෙලෙස මරණයන් සිදුවන විටදී එම තත්ත්වයන් එකල එතරම් සැකයකට භාජනය වී නොමැත. එහෙත් පසුව එම රෝහල මගින් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසුව එය සැක සහිත තත්ත්වයක් බවට අනාවරණ කරගෙන ඇත.

ඒ අනුව ලුසී ලෙට්බි නමැති තරුණ හෙදියගේ රාජකාරි ක්‍රියාකලාපයන්ට අදාළව ගැඹුරු විමර්ශනයක් රෝහල් බලධාරීන් විසින් සිදු කරන්නට ගත්තේය. මේ අනුව පෙනීගොස් ඇත්තේ මෙම හෙදිය මෙම සෑම මරණයකටම වගකිව යුතු බවය. මරණයට පත්වූ දරුවන්ගේ සියලු මවුපියන්ගේ සාක්ෂිද ඉහත විමර්ශනයට අයත් විය. රෝහල් විමර්ශනයෙන් පසුව මෙම සිදුවීමේ අනෙකුත් ඉදිරි විමර්ශනයන් එංගලන්තයේ ආරක්ෂක අංශ වෙත පැවරිණි.

ඒ අනුව මෙම කුඩා දරු මරණ සඳහා ලුසී ලෙට්බි චූදිතයකු ලෙස නම් කෙරිණි. එහිදී ආරක්ෂක සහ නීති අංශ විසින් ඇය වහාම අත්අඩංගුවට ගන්නේය. මෙලෙස අත්අඩංගුවට ගත් ඇයට එරෙහිව එංගලන්තයේ මහාධිකරණ උසාවියකදී නඩු පැවරෙන්නේය. මෙහිදී මරණයට පත්වූ දරුවන්ගේ මවුපියන්ද නඩු මගට බැසීමට තීරණය කළේය. මෙම තත්ත්වය යටතේ මෙම සිදුවීම දැඩි සංකීර්ණ තත්ත්වයකට පත්වූයේය.

මෙම සිදුවීමේදී මුලින්ම එහි පෙරමුණ ගෙන කටයුතු කර තිබුණේ ඉහත ඇය සේවය කළ රෝහලේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරයකු විසිනි. ඔහු දක්ෂ වෛද්‍යා වෘත්තිකයකු වූ අතර, ඔහු වෛද්‍යා විද්‍යාවට අදාළව තම විමර්ශනය බොහෝ ගැඹුරින් සිදුකරන්නට ගත්තේය. එහිදී පෙනීගොස් තිබුණේ මෙම හෙදිය විසින් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටි සියලු දරුවන්ට විවිධ ක්‍රම හරහා රෝගයන් ඇතිකර තිබීමය.

එනම් එම දරුවන්ගේ රුධිරයට විවිධ එන්නත් ක්‍රම භාවිත කරමින් හිස් වායුව ඇතුළු කිරීම සිදුකර ඇත. එය ටික දිනක් සිදුකරන විටදී දරුවාගේ අක්මාව අක්‍රිය වී ඇත. ඉන් පසුව දරුවා අක්මා රෝගයකින් මියයන්නේය. එසේම ඇය තවත් භාවිත කර ඇති ක්‍රමයක් වන්නේ මෙම කුඩා දරුවන්ට අසීමිත ලෙස කිරී පෙවීමය. එසේ නියමිත ප්‍රමාණයට වඩා කිරි පෙවීම නිසා දරුවන්ගේ ජීර්ණ පද්ධතිය අකර්මණ්‍ය වී රෝගී තත්ත්වයට පත්වෙයි.

ඇය මෙම කාලයේදී සේවය කර ඇත්තේ එංගලන්තයේ චෙස්ටර් නමැති නගරයක පිහිටා තිබුණු රජයේ මූලික රෝහලක් වන චෙස්ටර් මහ රෝහලේය. එය සියලු නවීන වෛද්‍ය පහසුකම්වලින් සමන්විත වූ ඇඳන් 625කින් සමන්විත රෝහලකි. මෙය එංගලන්තයේ ලිවර්පූල් විශ්වවිද්‍යායලයට සහ චෙස්ටර් විශ්වවිද්‍යාලයටද අනුබද්ධිත රෝහලකි.

මෙය වසර 55ක් පැරැණි රෝහලක් වන අතර එංගලන්තයේ තිබෙන නිදහස් වෛද්‍ය ප්‍රතිපත්තිය යටතේ මෙම රෝහලේදී සියලු වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්නේ නොමිලේය. ඉහත ලුසී ලෙට්බි නමැති හෙදිය මෙම රෝහලෙහි සේවයට පැමිණෙන්නේ 2012 වසරේදී තමන්ට වයස අවුරුදු 22ක්ව තිබියදීය. ඉන් පෙර ඇය එම නගරයේම ඇති චෙස්ටර් විශ්වවිද්‍යාලයේදී හෙදකමට අදාළව උපාධියක්ද හිමිකරගෙන තිබිණි. මුලින් පුහුණුවීමේ හෙදියක් වශයෙන් පැමිණ ඇය ස්ථිර සේවයට පිවිසියාය. දැනට ඇය එම රෝහලේ වසර 11කට ආසන්න කාලයක් සේවය කර ඇත.

වසර 03ක පමණ මුල් සේවා කාලයේදී ඇයට කිසිදු චෝදනාවක් ගොනුවී නොතිබුණු අතර, මෙම අර්බුදය හටගනු ලබන්නේ 2015-2016 වසරවලින් පසුවය. එතැන සිට කුඩා දරුවන් 07 දෙනකුගේ මරණ සිදුවන විටදී එම දරුවන් රෝහලෙහි සිට ඇත්තේ මෙම හෙදියගේ භාරයේය. ඉහත මුලින්ම මෙම මරණවලට අදාළව විමර්ශනයන් සිදුකළ වෛද්‍ය විශේෂඥවරයා මෙම මරණ 07ටම අදාළව විමර්ශනය කරන විටදී පෙනීගොස් ඇත්තේ දරුවන් සියලු දෙනා යම් රෝගී තත්ත්වයන් දෙකකින් මරණයට පත්වූ බවයි.

එසේම එම රෝගී තත්ත්වයන් සිතාමතාම දරුවන්ගේ ශරීර තුළ ඇතිකරන ලද ඒවා බව පෙනීගොස් ඇත. මේ අනුව ලුසී ලෙට්බි හෙදියට එරෙහිව චෝදනා ගොනකෙරෙන අතර, 2018 ජූලි 03 වැනිදා චෝදනා 08කට අදාළව ඇය අත්අඩංගුවට ගනියි. එහෙත් දින 03කට පසුව ඇයට ඇප ලැබී නිදහස් වී පසුව මහාධිකරණයකට නඩුව යොමු වන්නේය.

මෙම කුරිරු හෙදිය දෙවැනි වතාවටත් 2020 නොවැම්බර් 10 වැනිදා අත්අඩංගුවට ගන්නේය. මෙවර ඇය ඝාතන චෝදනා 10කට වැරැදිකාරිය ලෙස ඉදිරිපත් කර තිබූ අතර, එම වතාවේදී ඇයට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරිණි. ඇය රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරිණි. මහාධිකරණ නඩුව පසුව තෙවතාවක්ම විභාග කර තිබිණි. එහිදී හෙළිව තිබුණේ මම හෙදිය විසින් කුඩා පිරිමි දරුවන් හතර දෙනකු සහ කුඩා ගැහැනු දරුවන් තිදෙනු මරණයට පත්කර තිබුණු බවය. ඒ අතරම තවත් දරුවන් 06 දෙනකුටද එවැනි කෲර ක්‍රියා සිදුකර එම දරුවන් අංගවිකලතාවන්ට පත්ව තිබිණි. නඩු විභාගයේදී විමර්ශනයන්ට අනුව ඇය දරුවන් ඝාතනය කර තිබුණේ ක්‍රමවේදයන් 04කට අනුවය. ඒවා මෙසේ ගෙනහැර දක්වා තිබිණි.

එන්නත් කිරීමක් මගින් කුඩා දරුවන්ගේ රුධිරයට වාතය අන්තර්ගත කිරීම. මෙලෙස හිස් වායුව රුධිර ධාවනයට එකතු වූ පසුව අතිශය භයානක රෝගී තත්ත්වයන් උද්ගත වෙයි.

අවශ්‍ය පමණට වඩා මෙම අලුත උපන් දරුවන්ට කිරි දියරය පෙවීම. මවු කිරිවලට අමතරවද මෙසේ සමහර දරුවන්ට අසීමිතව කෘත්‍රිම කිරි දියර පානය කරවා ඇත. එහිදී දරුවාගේ ආහාර ජීර්ණ පද්ධතියට හානි සිදුවෙයි.

දරුවන්ට රහසිගතව ඉන්සියුලින් ඖෂධ එන්නත් කිරීම. එවිට දරුවන්ගේ ශරීරවලින් සීනි මට්ටම අධිකව පහත වැටීම හේතුවෙන් විවිධ කම්පනයන් සහ සිහිමුර්ඡා වීම් සිදුව දරුවන්ගේ මරණ සිදුවෙයි.

විවිධ වෛද්‍ය උපකරණ භාවිත කරමින් දරුවන්ගේ ශරීරවල සංවේදී ස්ථානයන්ට සහ ඉන්ද්‍රියන්ට පහරදීම සිදුකිරීම. එමගින් ඉන්ද්‍රියන් අකර්මණ්‍ය කිරීම.

කිසිත් නොතේරෙන, එසේම කිසිවකුටවත් යමක් පැහැදිලි කර කියන්නට නොහැකි මෙම අලුත උපන් කිරි දරුවන්ට මෙවැනි අපරාධ සිදුකරන්නේ කෙසේදැයි අදහාගත නොහැක. එසේම එය ගත සිත කීරිගැසී යන මහා භයානක, කුරිරු කතාන්දරයකි. මෙම ලුසී ලෙට්බි නමැති බි්‍රතාන්‍ය තරුණ හෙදියට එරෙහිව පසුගිය මාස 09ක් පුරා මහාධිකරණ නඩුවක් විභාග කෙරුණු ලැබුවේය. එහිදී ආරක්ෂක විමර්ශකයන් විසින් අධිකරණය වෙත ඉතා සුවිශේෂ ලේඛන කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.

එනම් පොලිස් විමර්ශකයන් විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම හෙදියගේ නිවෙස සහ පුද්ගලික කාමරය දැඩි පරීක්ෂාවකට ලක් කළේය. එහිදී විමර්ශකයන්ට දෙනෙත් අදහාගත නොහැකි පුදුමාකාර ලියැවිල්ලක් හමුවිය. එය මෙම හෙදිය විසින් අත් අකුරින් ලියා තැබූ එකක් විය. ‘මම නපුරු කෙනෙක්. මම තමයි මේ දේවල් කළේ. ඔව්, මම ඔවුන්ව මරණයට පත්කළා….’ (I am evil. I did this. Yes I killed them) ඇගේම අත් අකුරින් ලියූ මෙම ලිපිය අධිකරණයේ විභාගයන්ට මහත් රුකුලක් විය. එමෙන්ම ඇගේ කාමරයේ සේප්පුවක තිබී රෝහලේදී කුඩා දරුවන් වෙනුවෙන් ලියා තිබුණු මුල් වාර්තා රැසක්ද හමුවී ඇත. ඇය එම වාර්තා රෝහලෙන් ඉවත් කර වෙනත් අසත්‍ය වාර්තා නිර්මාණය කර රෝහලෙහි තබා තිබිණි.

මුළුමහත් ලෝකයක්ම මහත් ශෝකයට පත්කළ මෙම කුරිරු සිදුවීමේ කූටප්‍රාප්තිය ඇතිවූයේ පසුගිය 2023 අගෝස්තු 21 වැනිදාය. එනම් මහාධිකරණ ප්‍රධාන විනිසුරුවරයා ඇය ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට තම නියෝගය සහ තීන්දුව ලබාදුන්නේය. ලුසී ලෙට්බි අධිකරණයේ සිටම සිරගෙය වෙත රැගෙන යනු ලැබුවේය. මෙතෙක් බි්‍රතාන්‍ය ඉතිහාසයේ සිටි දරුණතම අපරාධකාරිය ලෙසට මෙම තරුණ හෙදිය හඳුන්වා දී තිබිණි. ඇයට මියයන තෙක්ම සිරබත් කෑමට සිදුවනු ඇත.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මරදානෙන් පටන් අරන් ලෝකයම හෙල්ලූ කුඩු කප්පිත්තා සිද්දික් පොලිස් ලොක්කන්ගෙයි දේශපාලකයන්ගෙයි හයිය අරන් ලෝකයම හෙල්ලූ හැටි එළියට එයි! ෆයිල් එක අතුරුදන් කළේ පොලිසියේම ලොක්කෙක්! I Sri Lanka Latest News

Next Post

පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ කැරැල්‌ලෙන් පසු රාජ්‍ය ඇමැතිවරුත් කැරැල්ලක් ගහන්න ලෑස්ති වෙයි! වහාම ගැසට් එක ගහන්න! රාජ්‍ය ඇමැතිවරු 22ක් රනිල් හමුවෙන්න තීරණය කරයි! I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.