රටේ නිර්වින්ධන ඖෂධ වල බරපතල හිගයක් මතුව ඇති බවත් ඒ නිසා රෝහල් පද්ධතියේම ශෛල්‍යකර්ම නතර වී ඇති බවත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කරන විට ඔහු ඒ සදහා කාලය ඉල්ලා සිටියත් ජනතාවට කාලයක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
සෞඛ්‍ය ඇමතිවරයා විසින් පිළිතුරු සැපයීමට කාලය ඉල්ලා සිටියාට ශෛල්‍යකර්ම සිදුකරන තෙක් බලා සිටීමට ජනතාවට කාලයක් නොමැති බැවින් මේ ගැටලුවට වහාම විසදුමක් ඉදිරිපත් කරන ලෙස ද ඉල්ලා සිටියේය.










