ඉදිරි මහමැතිවරණයට තරග කරන ලකුණ සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර එකගතාවයක් ඇතිවී තිබෙන බව දැනගන්නට ඇත.
ඒ ඊයේ (07) රාතියේදී කරු ජයසූරිය මහතාගේ නිවෙසේ දෙපාර්ශවයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ජාවකදීය.
මෙම සාකච්ජාවට කරු ජයසූරිය, රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර, එරාන් වික්‍රමරත්න යන මහත්වරුන්ද, ෂාමිලා පෙරේරා මහත්මියද සහභාගී වී සිටි බව වාර්තා වේ.
මෙහිදී ප්‍රේමදාස මහතාගේ නව සන්ධානයට ‘හංසයා’ ලකුණ ලබා දීමට එකගතාව පළවී ඇත.
කෙසේවෙතත් මේ වනවිට වික්‍රමසිංහ මහතා විසින් පක්ෂ ව්‍යවස්ථාව මුල්කරගෙන වගන්ති 6ක් පිළිබදව දැනුම් දෙමින් කරු ජයසූරිය මහතා වෙත ලිපියක් යොමු කර ඇති අතර ඒ හේතුවෙන් නැවතත් අර්බුදකාරී වාතාවරණයක් මතුව ඇති බව දැනගන්නට තිබේ.
මේ තත්ත්වය යටතේ තවදුරටත් දෙපාර්ශ්වය අතර එකගතාවක් ඇති කර ගැනීම සදහා සාකච්ජා පැවැත්වෙමින් තිබෙන බව දැනගන්නට ඇත.
කෙසේවෙතත් හෙට (09) දිනයට ප්‍රථම මෙම ගැටලුව විසදා ගැනීමට නොහැකි වුවහොත් දෙපාර්ශ්වයට වෙනවෙනම තරග කිරීමට සිදුවනු ඇති බවද වාර්තා වේ.










