ගතවූ මාස 8 ක කාලසීමාව තුළදී පාතාල කණ්ඩායම් විසින් පුද්ගලයන් 36 දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත. Sri Lanka Latest News
මෙම කාලසීමාවේ පාතාල සන්නද්ධ කණ්ඩායම් විසින් ප්‍රහාර 60 ක් එල්ලකර ඇති අතර ඉන් 36 දෙනකු මියගොස් 28 දෙනෙක් බරපතළ තුවාල ලැබූහ.
මෙම ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයක් බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගෙන සිදුවී ඇති අතර ප්‍රහාරවලින් වැඩි ප්‍රමාණයකට හේතුවී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල්ය.










