මාතලේ ඇල්කඩුව වතු යායට අලුතින් පත්ව ආ සහකාර වතු කළමණාකරුවෙක් විසින් වතු යායේ තාවකාලික නිවසක් කඩා විනාශ කිරීමේ සිද්ධියකට අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මැදිහත් වීම හේතුවෙන් මේ වනවිට මහත් ආන්දෝලනයක් මතුව තිබේ.Sri Lanka Latest News
සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන වීඩියෝවකින් දැක්වෙන්නේ අමාත්‍යවරයා අදාළ වතු කළමනාකරුවා හට පහර දීමට උත්සාහ දරන ආකාරයකි.
මීට පෙරද තොණ්ඩමන් අමාත්‍යවරයා බොගවන්තලාව නගරය මැදදී පොලිස් නිලධාරියකුට තර්ජනය කළ වීඩියෝවක්ද එකල ප්‍රසිද්ධියට පත්ව තිබිණ.










