ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (19) උදෑසන යාල ජාතික වනෝද්‍යානයේ සංචාරයක නිරත වූවා. Sri Lanka Latest News
මෙහිදී සංචාරකයන් හට ඉක්මනින් යාල ජාතික වනෝද්‍යානය වෙත ඇතුලු වීම සඳහා මාර්ග ගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමේ ක්‍රමවේදයක් කෙරෙහි අවධානය යොමු කෙරුණා.
තවද පවතින වියළි කාළගුණය හේතුවෙන් වනෝද්‍යාන පාලන අංශය විසින් වනෝද්‍යානය තුළ ඇති සිඳී ගොස් ඇති ජල වලවල් සඳහා ජලය මුදා හැරිමේ වැඩසටහනකටද එක් වූවා.
මෙම සංචාරය සඳහා ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියද එක් වූවා.















