රටවල් 71ක සහහාගීත්වයෙන් ට්‍රිනිටෑඩ් සහ ටොබෑගෝ රාජ්‍යයේ පැවති යොවුන් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය වෙනුවෙන් වීසා ලබා ගැනීමේ දී ඇතිවූ දුෂ්කරතා නිසා මෙරට මලල ක්‍රීඩා පුහුණුකරු ඇතුළු නිලධාරිනියකට එම තරගාවලියට සහභාගී වීමට අවස්ථාව උදා නොවූවද ඇති වූ අපහසුතාවය වළක්වා ගැනීම සඳහා ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පුහුණු කරුවන් ශ්‍රි ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමට උපකාර කළ ආකාරය ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය පවසයි. (Sri Lanka Latest News)
මෙම මළල ක්‍රීඩා උළලේ දී මීටර් 400 ඉසව්ව තත්ත්පර 51.61 කින් නිම කරමින් යොමාල් අකලංක රිදී පදක්කම ද, නිලුපුල් තේජන මීටර් 2.0 ක දක්ෂකමක් දක්වමින් උස පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම ද දිනාගැනීමට සමත් විය.
දහසක් බාධා මැද තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අවශ්‍ය පුහුණුව ලබාගැනීමට සහ ඔවුන්ගේ ආරක්ෂාව භාරව පුහුණුකරුවන් නොමැති වීම ගැටලුවක් වූ බව මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා බීබීසිය වෙත පවසා තිබිණි.
කෙසේ වුවත් තරගාවලියට ඕස්ට්‍රේලියානු කණ්ඩායම භාරව පැමිණි ලාංකික පුහුණුකරුවෙක් සහ ඉන්දියාවේ පුහුණුකරුවන් විසින් ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහය දැක්වූ ලේකම්වරයා හෙළි කර ඇත.
“ඇමෙරිකාවෙන් සුනිල් බණ්ඩාර පුහුණුකරුට වගේම කාන්තා කණ්ඩායම භාර නිලධාරිනියට වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළ නිසා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවුණා, බීච් වොලිබෝල් කණ්ඩායම භාරව සිටි පුහුණුකරු යටතේ මේ සංචාරයට එක්වෙන්න.”
”නමුත් ඒ තරගාවලිය අතර වාරයේදී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තමන්ගේ පුහුණුවීම්වලට අවශ්‍ය උපදෙස් ලබාගන්න පුහුණුකරුවෙක් හිටියේ නැහැ.”
“නමුත් හොඳ වෙලාවට ඕස්ට්‍රේලියාවේ ටීම් එකත් එක්ක ආවේ ලංකාවේ කෝච් කෙනෙක්. අනුලා කොස්තා කියලා. අපි එයාට කතා කරලා කිව්වම එයා ටීම් එක බලලා තිබුණා. ”
“ඒ වගේම ඉන්දියන් ටීම් එකේ මැනේජර් සහ කෝච්ටත් අපි දැනුම් දුන්නා. එයාලත් අපේ ළමයින් ගැන හොයා බලලා තිබුණා.” මලල ක්‍රීඩා සංගමයේ ලේකම්වරයා බීබීසී වෙත පවසා තිබිණි.
lankasara










