පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට පසුගිය ජූලි මස 31 දක්වා කාලය තුළ විශේෂඥ පුහුණුව අවසන් කර මෙරටට පැමිණි විශේෂඥ වෛද්‍යවරුන් 263 දෙනකුගෙන් 120 දෙනකු කිසිදු දැනුම් දිමකින් තොරව යළි විදේශගතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තෘතියික ප්‍රතිකාර සේවා පිළිබඳමාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දී ඇති වෛද්‍ය අතපත්තු සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරුන් අතරින් 29 දෙනකු නිර්වින්දන වෛද්‍යවරුන් බවයි. අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු සඳහන් කරයි. (Sri Lanka Latest News)
මාධ්‍ය කළ විමසුමකට පිළිතුරු දී ඇති වෛද්‍ය අතපත්තු සඳහන් කරන්නේ මෙම වෛද්‍යවරුන් අතරින් 29 දෙනකු නිර්වින්දන වෛද්‍යවරුන් බවයි.
පසුගියදා හම්බන්තොට රෝහලේ සිටි එකම නිර්වින්දන වෛද්‍යවරයා මෙලෙස විදේශගත වූ අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඊයේ (14) මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ පසුගිය මැයි 31 වැනිදා තෙක් පසුගිය වසර තුළ විශේෂඥ වෛද්‍යවරුන් 274ක් රට හැර ගොස් ඇති බවය.
එසේම එම කාලය තුළ සාමාන්‍ය වෛද්‍යවරුන් 842කු රට හැරගොස් ඇති අතර, මෙම තත්ත්වය මත රටේ සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් ඉදිරියේදී බරපතල අර්බුදයක් නිර්මාණය විය හැකි බවය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී තවදුරටත් සඳහන් කළේ හදිසි ප්‍රතිකාර සේවා සම්බන්ධයෙන් කාණ්ඩගත කර මෙරට සිටි වෛද්‍යවරුන් 30 දෙනාගෙන් 23 දෙනකුම මේ වනවිට විදේශ රටවල පදිංචියට ගොස් ඇති අතර, එම වෛද්‍යවරුන් ශ්‍රි ලංකාවේ සිටිනුයේ තවත් හත් දෙනකු පමණක් බවය.
lankasara










