අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වරප්‍රසාද යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් කතානායකවරයා ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී කතානායකවරයා කියා සිටියේ පාර්ලිමේන්තුව මගින් සම්මත කරන යෝජනා සම්බන්ධයෙන් අධිකරණයට විමර්ශන කළ නොහැකි බවකි.
ඒ අනුව ඉරාන් වික්‍රමරත්න මහතා ප්‍රශ්න කර සිටියේ කවුරුන් හෝ අධිකරණ අවශ්‍ය නොමැති බවට යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙනවිත් සම්මත කළහොත් කුමක් සිදුවිය හැකිදැයි කියාය.










