• About us
  • Contact us
Sunday, July 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජාති භේද ආගම් බේද නෑ! සජිත් සිංහල-දෙමළ-මුස්ලිම් ඉස්කෝල සියල්ලටම බස් රථ දෙයි! අද දුන්නේ සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලයට! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 14, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
ජාති භේද ආගම් බේද නෑ! සජිත් සිංහල-දෙමළ-මුස්ලිම් ඉස්කෝල සියල්ලටම බස් රථ දෙයි! අද දුන්නේ සමන්තුරේ මුස්ලිම් මහා විද්‍යාලයට! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රෞඩ ඉතිහාසයකට හා අභිමානවත් දේශයකට හිමිකම් කියූ අප රටේ ඇති ජාතික සම්පත් බහුතරයක් වත්මන් රජය විසින් විකුණා දැමීමට සූදානම් බවත් එහි එක් පියවරක් ලෙස නුදුරේදීම රූපවාහිනී සංස්ථාවට අයත් චැනල් අයි නාලිකාව විකුණා දැමීමට සූදානම් බවත් මේ වන විට එය කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් හා විනිවිදභාවයකින් තොරව පෞද්ගලික අංශයට බදු දී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

රජයට මූල්‍ය ගැටලු තිබුණත් නව ආයෝජකයන් රාජ්‍ය මාධ්‍යයකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් තිබිය යුතු බවත් එම ක්‍රමවේදයෙන් බැහැරව රජයට හිතෙන හිතෙන ආකාරයට රාජ්‍ය සම්පත් විකුණා දමන සූදුවක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් පැවසූ මේ යන ආකාරයට අවසානයේ රජයේ පාසල් හා රෝහල් වුවද පෞද්ගලීකරණය කිරිමට ද මේ රජය සිදු කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රටේ වටිනා සම්පත් විකුණා දැමීමේ මේ සුදුවට එරෙහිව නැගී සිටිය යුතු බවත් මේ සියලු දේවල් ජනතාවගේ සහ රටේ සම්පත් බවත් එම සම්පත් සමඟ වැඩ කිරීමේ දී විනිවිදභාවය හා ප්‍රසම්පාදන ක්‍රමයක් තිබිය යුතු බවත් මෙවැනි අනිතික වෙන්දේසි නැවත රජයට පවරා ගන්නා බවත් අධ්‍යාපනය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රය පුද්ගලීකරණය කිරිමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (14) අම්පාර සමන්තුරේ මුස්ලිම මහා විද්‍යාලයට සක්වල බස් රථ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහි දී විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ රටේ ලක්ෂ 39කට සාමාන්‍ය ආහාර සුරක්ෂිතභාවයත් නොමැති හා දරුවන් ලක්ෂ 29කට හරියාකාර ශක්තියක් නොමැති බවට යුනිසෙෆ් සංවිධානය කිව්වත් මේ ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සොයා නොමැති බවත් ජනාධිපති අගමැති ඇමතිවරු සිටියත් රටේ දුප්පතුන් ලක්ෂ 70ක් පමණ සිටින බවත් මේ වගේ රටක අන්ධකාරයක ජීවත් වන ජනතාවට නව එළියක් වීමට සමගි ජන බලවේගය සූදානම් බවත් පැවසීය.

එසේ ම ජාත්‍යන්තරයේ ඇති රටවල් තම ප්‍රතිපත්ති ලෙස තද බලය භාවිත කරන බවත් තවත් රටවල් මෘදු බලය භාවිත කරන බවත් තද බලය යනුවෙන් හදුන්වන්නේ යුධ ශක්තිය ආර්ථික ශක්තිය මුල් කර ගෙන පාලනය කිරීම බවත් එසේම ලොකු හමුදාවක් ආර්ථික බලයක් නොමැති රටවල් මෘදු බලය භාවිත කරන බවත් එහි දී සාකච්ඡා කිරීමේ දක්ෂතා, රාජ්‍යතාන්ත්‍රික දක්ෂතා හා සබඳතා උපයෝගී කර ගෙන කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මොහොත් පවා අප රට බංකොලොත් වී ඇති හෙයින් මේ අවස්ථාවේ රටට වැදගත් වන්නේ තද බලය, මෘදු බලය නොව සුහුරු බලය බවත් ඒ සඳහා පාසල් පද්ධතිය ශක්තිමත් කළ යුතු බවත් පැරණි විශය නිර්දේශ නවීකරණය කර අධ්‍යාපන ක්‍රමයේ දැවැන්ත වෙනසක් සිදු කළ යුතු බවත් ඉංග්‍රීසි භාෂා ක්‍රමයට පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට මුල් තැන ලබා දිය යුතු බවත් ඒ තුළින් සුහුරු බලයක් නිර්මාණය කළ හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා පාසල් දූදරුවන්ට දිවා ආහාරය සහ නිල ඇදුම් ලබා දුන්නා සේ සමගි ජන බලවේග රජයක් තුල කුමන ගැටලුවක් තිබුණත් නැවතත් දිවා ආහාරය ලබා දීමට කටයුතු කරන බවත් ඊට අමතරව සුහුරු පරිගණකයක්, ටැබ් යන්ත්‍රයක් හෝ හිමිකර දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඒ තුළින් සුහුරු සිසුවෙක් සුහුරු තාරුණ්‍යයක් සුහුරු රටක් හා සුහුරු බලයක් රට තුල ගොඩ නගන බවත් පැවසීය.

තව ද හිටපු දේශපාලනඥයෝ අම්පාර සමන්තුරේ වැනි දිස්ත්‍රික්ක කොන් කළාට තමා ජනාධිපතිවරයා වූ පසු එවැනි දෙයක් සිදු නොවන බවත් මේ දිස්ත්‍රික්කය මෙන්ම මේ නගරයම දියුණු කිරීම තමාම මැදිහත් වී සිදු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මෙරට නිදහස් අධ්‍යාපනය දියුණු කිරීම උදෙසා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 75ක් මෙරට පාසල් 75කට බෙදා දුන් බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ 3642ක් වැය වූ බවත් ඊට අමතරව සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 33කට රුපියල් ලක්ෂ 290ක සුහුරු පන්ති කාමර උපකරණ දුන් බවත් ඊට අමතරව හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56කට ලක්ෂ 1719ක් වටිනා රෝහල් උපකරණ සහ ඖෂධ දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

අනුරට විශේෂ STF ආරක්ෂාව! මෙන්න පොලිස් බල්ලොත් ඇවිල්ලා! LIVE දුන්න පාක්ෂිකයෙක් කියනවා ජනාධිපති වෙන්න යන හින්දලු ‌මෙහෙම වෙන්නේ…! VIDEO I Sri Lanka Latest News

Next Post

ලබන මාසෙ කෙහෙළියට එරෙහි විශ්වාසභංගය ගේනවා! දින 3ක විවාදයක් කරනවා! ජවිපෙ අනුර-විජිත-හරිනිත් අස්සන් කළා! පාර්ලිමේන්තුව සම්මත කරපු යෝජනා ගැන අධිකරණයට නියෝග ‌දෙන්න බෑ කියලා කතානායකතුමා උපදෙස් ගත්තේ කාගෙන්ද? ඒකත් පුලුවන් නම් හෙළිකරන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම යාමේ වසර දෙකේ දීර්ඝය තවත් ක්ෂේත්‍ර රැසකට එයි! විශේෂඥ වෛද්‍යවරුන්ට පොලිසියට රස පරීක්ෂවරුන්ටත් දෙන්න සැලසුමක්! Sri Lanka Latest News

Load More
ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද?  Sri Lanka Latest News
Exclusive

ආදරයද? සල්ලිද? පානදුරේ නදුනිටත් වුණේ තෙල්දෙණියේ භෞත චිකිත්සකවරියට වෙච්ච දේමද? Sri Lanka Latest News

පානදුරේ ගොරකාන ගල්කණුව ප්‍රදේශයේ පිහිටි එක් නිවසක් වටා දින කිහිපයක් තිස්සේ පැතිර ගියේ අමුතු නිහඬතාවක්. ඒ නිවසේ දොර දින කිහිපයක්...

Read more
අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

අවුරුදු 2500කට කලින් කම්පියුටර් ගැන හිතලාවත් නැති කාලයේ හදපු විශ්වකර්ම රොබෝ ලියන්නා! Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

යාල කැලේ අලි-කොටි-වලස්සුන්ට විතරක් නෙමෙයි.. සජිත් ගෙවල්වල ඇති කරන බල්ලන්-පූසන්-ගිරව්-පරවියන්-මාළුන්ටත් ආදරෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Sri Lanka Latest News

පහුගිය කාලේ හෝටලයක් කරන්න ගියාම ලොකු විරෝධයක් ආවා! ඔන්න දැන් නුවරඑළියේ පරණම තැපැල් කාර්යාලයේ උඩ තට්ටුව සුද්දන්ට නවතින්න පුළුවන් හෝටලයක් කරනවා! දැන් නම් කාගෙවත් විරුද්ධත්වයක් පේන්න නෑ වගේ! Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

මට මගේම කියන උන් වළ කැපුවා…! දමිතගෙ දැන් ඉමේජ් නැහැ ගන්න එපා ෆිල්ම් එක වැටෙයි…! දමිතට ආයේ ඔළුව උස්සන්න ඉඩ දෙන්න එපා…! ලක් අම්මා කියලා මට පහර ගැහුවා…! ඒත් මං වැටුණේ නැහැ…! දේශපාලනය දැන් මට තිත්ත වෙලා…! ඕවා බොරු.. බෙන්ස් ගත්තේ ගෙවල් හැදුවේ මගේම සල්ලිවලින්…! දමිතා අබේරත්නව බිමට ඇදලා දාන්න තවම කාටවත් බැරි වුණා…! දමිතා අබේරත්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.