මාතලේ ශාන්ත තෝමස් පිරිමි විද්‍යාලයේ 150 වන සංවත්සරයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, මේ මොහොතේ පාර්ශ්ව රැසක් අතර, යම් විවාදාත්මක තත්ත්වයක් උදා වී තිබෙන පෞද්ගලික විශ්ව විද්‍යාල සම්බන්ධයෙන් අදහස් පළකර සිටියේ ය.Sri Lanka Latest News
එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, වසරක දී රටට ඉන්ජිනේරුවන් දස දහසක් සහ වෛද්‍යවරුන් පන්දහසත්- හත්දහස් පන්සියයත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බවයි.
එම ඉලක්ක සපුරා ගැනීම සදහා රජය නව විශ්ව විද්‍යාල ස්ථාපිත කිරීමට කටයුතු කරන අතරම, පෞද්ගලික විශ්ව විද්‍යාල ආරම්භ කිරීමට ද කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසී ය.










