• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල්ට තවත් චෝදනාවක්! දිවුලපොතාන ආදිවාසීන් වගා බිම්වලින් එළියට! පැමිණිල්ල ලෝක ආදිවාසී සමුළුවට යන ලකුණු! Sri Lanka Latest News

August 14, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල්ට තවත් චෝදනාවක්! දිවුලපොතාන ආදිවාසීන් වගා බිම්වලින් එළියට! පැමිණිල්ල ලෝක ආදිවාසී සමුළුවට යන ලකුණු! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර ගණනාවක සිට හේන් වගා කරමින් ජීවිකාව ගෙනගිය තමන් එම ඉඩම් වලින් පලවා හැරීමට, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්ගේ, උපදෙස් අනුව ක්‍රියා කරමින් සිටින බව මහවැලි බී කලාපයේ මාදුරුඔය දිවුලපතාන ගම්වාසීහු චෝදනා කරති. 

යුද්ධය නිමාවීමෙන් අනතුරුව තමන් දෙහිඅත්තකණ්ඩිය, සඳුන්පුර, මාවනාවෙල, හේනානිගල, රතුගල, දඹාන, රත්කිඳ, ඇතුළු ප්‍රදේශවලින් පැමිණ 2009 සිට වර්ෂා ජලයෙන්  හේන්වගාව නිදහසේ සිදුකරගෙන ගියද එය වළක්වා තමුන් වගා බිම් වලින් පන්නා දැමීමට කටයුතු කරන බව එම ගොවීහු පවසති.

නැගෙනහිර පළාතේ කිරි ගවයින් මෙම භූමියට නිදහස් කිරීමේ අරමුණින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්  ගේ උපදෙස් අනුව ශ්‍රි ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයේ නිලධාරීන් පිරිසක්  කටයුතු කරන බවද දිවුලපතාන ගම්මානයේ ආදිවාසි නායක මොරාන වරිගේ ගුණවර්ධන සඳහන් කළේය.

1983 වර්ෂයේ පැවති යුදමය වාතාවරණය සමග ප්‍රදේශයේ පාරම්පරික හේන් වගාවේ නිරත පවුල් 1800 කට වැඩි පිරිසක් විවිධ පළාත්වලට විසිරී ගිය බව බව ඔහු පැවසුවේය.

යුද්ධය නිමාවීමත් සමඟ 2009 වසරේ පැමිණි තමන් හේන් වගාවේ නිරත වු මේ වෙනවිට එම භූමි වලින් තමන් පලවා හැරීමට ක්‍රියා කිරීම බරපතළ මානව හිමිකම් කඩවීමක් බවද මොරාන වරිගේ ගුණවර්ධන කීවේය,

දිවුලපතාන ගම්මානයෙ අද (13)  පැවති මාධ්‍ය හමුවකදී ආදිවාසී නායකයා මේ බව පැවසුවේය.

දිවුලපතානන ගම්මානයේ පවුල් 50ක් පමණ යන එන මං නොමැතිව අසරණ වී සිටින බවත්, වර්ෂා කාලයේදී තමන් වට්ටක්කා කැකිරි, පිපිඤ්ඤා, මඤ්ඤොක්කා, තල,කුරහං, වී, වගාව ඇතුළු විවිධ හේන් වගාවන් සිදුකර ගෙන ගිය බවත්, ඔහු පැහැදිලි කළේය.

වර්ෂාව  නොමැති කාලවලදී ඉදල්, කොහු,වංගෙඩි නිෂ්පාදනය කරමින් ජීවිකාව කරගෙන ගිය බව කී ආදි වාසී නායකයා  මාදුරුඔය දිවුලපතානට කිරි ගවයින් මුදා හැරීමේ අරමුණින්, තමන් ප්‍රදේශයෙන් පලවා හැරීම බරපතළ අසාධාරණයක් යැයි පෙන්වා දුන්නේය.

ඊට රජය මැදිහත්වී කඩිනම් විසඳුම් ලබා නොදුනහොත් තම ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලාඇත්තන් හරහා ආදිවාසී සමුළුවට මෙන්ම මානව හිමිකම් සංවිධානවලට මේ පිළිබඳව දැනුම්දීමට කටයුතු කරන බවද මොරාන වරිගේ ගුණවර්ධන කීය.

තමන් ඉල්ලන්නේ රජයෙන් අස්වැසුමවත්, රැකියාවන් හා ආධාරවත් නොව ජීවත්වෙන විමේ අයිතිය වෙනුවෙන් හේන් වගා කටයුතු කරමින් බඩ වියත රැකගැනීමේ අයිතිය බවද දිවුලපතාන ගම්වාසීහු සඳහන් කළහ.

වසර ගණනාවක සිට හේන් වගාකරමින් පදිංචිව සිටි මෙම දිවුලපතාන ගම්වාසීන් බලහත්කාරයෙන් ඉවත් කිරීම පිලිබඳ අප ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි බී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ඔවුන් පදිංචිව සිටින්නේ නීතියානුකූලව නොවන බවය.

එම ඉඩම් රජයේ බවත්, ප්‍රදේශවල අදාල පුද්ගලයන් මායිම් සලකුණු කර ගනිමින් සිටින බවත්, ඉදිරි වර්ෂා කාලයේදී ඒ පවුල් සඳහා බඩඉරිඟු වගා කිරීමටවත් අවස්ථාවක් ලබාදීමට අවශ්‍ය කටයුතු කරන බවත් ඔහු පැවසුවේය.

lankasara

SendShareShare
Previous Post

කාලයක් පේන්නෙ නැතිව හිටපු මැදගොඩ අභයතිස්ස හාමුදුරුවොත් එළියට එයි! 13 ගැන ජනවරමක් ගන්න කියලා රනිල්ට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

පෞද්ගලික විශ්වවිද්‍යාල පටන් ගන්නවා! රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.