මීගමුව, ලෙල්ලම ප්‍රදේශයේ දී වෙඩිවැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත්වී තිබේ.Sri Lanka Latest News
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ අදාළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී ඔහු මියගොස් ඇත.
මෙලෙස වෙඩිවැදී මියගොස් ඇත්තේ 25 හැවිරිදි පිටිපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දුංගල්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.










