බස් රථයක් තුළදී පාසල් දැරියකට ලිංගික හිරිහැර කළ පොලිස් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයෙකු සහ හිටපු නාවික හමුදා සෙබළෙකු ජාඇළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. (Sri Lanka Latest News)
මීගමුව සිට කඳාන දක්වා මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටියදී මෙම පාසල් සිසුවියට චූදිත ආරක්ෂක අංශ සාමාජිකයන් දෙදෙනා ලිංගික හිරිහැර කර ඇති බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති පොලිස් කොස්තාපල්වරයා පොලිස් විශේෂ කාර්ය බලකා කළුබෝවිල කඳවුරට අනුයුක්තව රාජකාරි කරන අයෙකු බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා සෙබලා මාතලේ ප්‍රදේශයේ පදිංචි 51ක් හැවිරිදි අයෙකු බවද වාර්තා වේ.
සැකකරුවන් අද (12) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ජා-ඇළ පොලිසිය වැඩිදුරටත් පවසයි.
lankasara










