ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය බදාදා දින පාර්ලිමේන්තුවට පැමිණ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සහ පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකිරීමට පියවර ගත්තේය. සිය කතාව අවසන් කිරීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සිය නිල කාර්යාලයට ගියේ කෙටි විවේකයක් ලබාගැනීම සඳහාය.Sri Lanka Latest News
එහිදී ජනාධිපතිවරයා නිල කාර්යාලයේ රැඳී සිටියදී පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ජනාධිපතිවරයා මුණගැසීම සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණියේය.
ඒ ආවේ හිස් අතින් නොව ලිපි ගොනුවක්ද රැගෙනය.
එම ලිපිගොනුවේ සඳහන්ව තිබුණේ අස්වැසුම සහන වැඩසටහන මුල්කරගෙන මතුව ඇති බරපතළ අර්බුදය මුල්කරගෙන ඒ සම්බන්ධයෙන්යළි සලකා බලන ලෙස ඉල්ලා පොහොට්ටු මන්ත්‍රීවරුන් 60කට ආසන්න පිරිසක් අස්සන් තබන ලද ලිපියකි.
එම ලිපිය ජනාධිපතිවරයා අතට පත්කළ ජගත්, අස්වැසුම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිවරයාට දීර්ඝව කරුණු පැහැදිලි කර දීමට පියවර ගත්තේය.
ඒ අනුව ජනාධිපතිවරයා අවසානයේදී කියා සිටියේ තමන් එම ලිපිය අධ්‍යයනය කොට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදෙන බවකි.










