• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

බැමිණිතියා සාය මිහින්තලාව සහ බෞද්ධ රැල්ල! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

August 13, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
සජිත් මිහින්තලා ගිය ගමනේදී නායක හාමුදුරුවෝ ආණ්ඩුවේ පතුරු යවයි! වහාම ජනාධිපතිවරණයක් හරි මහමැතිවරණයක් තියලා අලුත් නායකත්වයක් රටට ගේන්න! ආණ්ඩුව අතහැරලා දාපු පොසොන් පිංකම-සති පිරිත-ආලෝක පූජාව සම්පූර්ණයෙන්ම සජිත් බාරගනී! පුදබිමම සූර්ය විදුලි ආලෝකයෙන් ඒකාලෝක කරන්නත් පොරොන්දු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බැමිණිතියා සාය ලංකාවේ ඉතිහාසයේ දරුණුතම සාගතයය. මේ සාගතය ආවේ ක්‍රි.පූ. පළමු ශතවර්ෂයේය. මේ සාගත කාලයේ රට පාලනය කළේ පුලහත්ථ, බාහිය, පනයමාර, පිළියමාර, දාඨික යන නම්වලින් හැඳින්වුණු බ්‍රාහ්මණයන් පස්දෙනාය. මේ පාලනය හඳුන්වන්නේ බ්‍රාහ්මණ ශාපය ලෙසය. මේ බ්‍රහ්මණ ශාපයට හේතුව දඹදිව මධ්‍ය ප්‍රදේශයේ සාගර නම් නුවර සිටි මිළිඳු නම් රජුගේ අධර්ම ක්‍රියාවන් බව ඉතිහාසය සඳහන් කර ඇත. මිළිඳු රජු භික්ෂුන් නොසලකා බමුණන් වටකොට ගෙන රාජ්‍ය පාලනය කරන්න යෑමෙන් මේ දරුණු සාගතය ආ බවත්, මේ සාගතය දඹදිව සිට කේරළය හරහා ලංකාවටද පැතිරුණු බවත් ඉතිහාසයේ සඳහන්ව ඇත.Sri Lanka Latest News

‘එතකොට ලංකාවට එනවා කියන සාගතයත් රාජ්‍ය පාලනයේ අධර්මිෂ්ටකම් නිසා එන සාගතයක්ද…?’

ඒක නම් කියන්න දන්නේ නැත. හැබැයි මේ සාගතය එන්නේ මිහිඳු හිමි ලංකාවට බෞද්ධාගම ගෙන ආ මිහින්තලයේ ලයිට් කපා මිහින්තලය අඳුරු කර තිබෙන වෙලාවකය. මිහින්තලාව පමණක් නොව දළදා මාලිගාවත් තව ටිකෙන් අඳුරු වෙනවාය.

‘ආණ්ඩුවට මොකක්ද මේ හැදිලා තියෙන බෞද්ධ උරුමයේ සංකේත වන් මර්මස්ථානවල ලයිට් කපන පිස්සුව…?’

රනිල් බලයට ආ හැම විටදීම පන්සල් සමග ගැටුම් ඇතිකර ගැනීමේ ඉතිහාසයක් තිබේ. එය හරියට රනිල්ගේ ආණ්ඩු පසුපස එන අඳුරු සෙවණැල්ලක් වැනිය. 2001 බලයට ආ රනිල්ගේ ආණ්ඩුවට පැටලෙන්න සිදු වූයේ සෝම හාමුදුරුවන්ගේ අපවත් වීමත් එක්කය. සෝම හාමුදුරුවෝ අපවත් වෙන්න කලින් සිටම රනිල් එල්.ටී.ටී.ඊ.ය සමග අස්සන් කළ සටන් විරාම ගිවිසුමෙන් උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන් විනාශ වෙන බවට එල්ලාවල මේධානන්ද හිමි රට පුරා මහ හඬක් ගෙන ගියහ එල්ලාවල මේධානන්ද හිමි පුරාවිiා චක්‍රවර්ති ලෙස ජනප්‍රිය වූයේ මේ කාලයේය. නැගෙනහිර බෞද්ධ උරුමයන් සටන් විරාම ගිවිසුම හරහා එල්.ටී.ටී.ඊ.ය විනාශ කරන බව පවසමින් ඒ හිමියෝ රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව රට පුරා බෞද්ධ රැල්ලක් නිර්මාණය කළහ. හෙළ උරුමය නැගිටින්නේ ඒ රැල්ලෙන්ය. ඉන් පසු මේ රැල්ලට ලංකාවේ ජනප්‍රිය භික්ෂුන් විශාල පිරිසක් එක්වෙති. සෝම හිමි රුසියාවේදී අපවත් වන්නේ මේ කාලයේය. සෝම හිමි ජනප්‍රිය වූයේ අෂ්රොෆ්ගේ මුස්ලිම් දේශපාලනයට පහර ගසලාය. රනිල්ගේ ආණ්ඩුව හැදෙන්නේ අෂ්රොෆ්ගෙන් පසු මුස්ලිම් කොංග්‍රස් නායකත්වයට පත් රාවුෆ් හකීම්, චන්ද්‍රිකාගේ ආණ්ඩුවෙන් කැඩිලා චන්ද්‍රිකාගේ ආණ්ඩුවට බහුතරය අහිමි කරලා රනිල්ට ආණ්ඩුවක් හදන්න සහාය දුන් නිසාය. ප්‍රභාකරන් සමග රනිල් අස්සන් කළ සටන් විරාම ගිවිසුමයි, හකීම්ගේ හයියෙන් දුවන ආණ්ඩුවයි නිසා ජනප්‍රිය භික්ෂුන් රටේ ආණ්ඩු විරෝධී සිංහල බෞද්ධ රැල්ලක් නිර්මාණය කරන අතර, මුස්ලිම් දේශපාලනය සමග සටන් කළ සෝම හිමි අපවත් වීමෙන් ඒ රැල්ල සුනාමියක් විය. සෝම හිමි අපවත් වුණා නොව අපවත් කළාය කියමින් එවක ජනාධිපති චන්ද්‍රිකා සහ ඇගේ මාධ්‍ය මෙහෙයුම්කරු මංගලත්, ජවිපෙත් මතයක් සමාජගත කළ අතර, හෙළ උරුමය එය වවාගෙන කෑවේය. අවසානයේ හෙළ උරුමය සිංහල බෞද්ධ රැල්ලේ ජනප්‍රිය හාමුදුරුවරු දේශපාලනයට ගෙනැවිත් යූ.ඇන්.පී. සිංහල බෞද්ධ ඡන්ද කඩලා වෙන් කළේය. ඒ සමගම කතෝලික පල්ලිවලට පහරදී මූලධර්මවාදී ආගම්වලට එරෙහි ජන මතයක් නිර්මාණය කළ අතර, රනිල් සිංහල බෞද්ධයකු නොවන බවත්, ඔහු බෞද්ධාගම විනාශ කොට අන්‍ය ආගම් ආරක්ෂා කරන බවටත් කටකතා රට පුරා ප්‍රචාරය කරනු ලැබීය. සෝම හිමිගේ අපවත් වීම පිටුපස රනිල්ගේ ආණ්ඩුව සිටින බවටත් කටකතා නිර්මාණය කොට රට පුරා ප්‍රචාරය කෙරිණි. සෝම හිමිගේ අවසන් කටයුතු සඳහා නිදහස් චතුරස්‍රය ඉල්ලා සිටි විට රනිල් මුලින් ප්‍රතිපත්තියක් මත එය දීම ප්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ නිදහස් චතුරස්‍රය දෙන්නේ මහානායක හිමිවරුන්ට බවය. එහෙත් විජමු ලොකුබණ්ඩාරගේ මැදිහත්වීමෙන් රනිල් එයට අවසර දුන්නේය. රනිල්ගේ මේ ප්‍රතිපත්තියට පහර ගසමින් සෝම හිමිට නිදහස් චතුරස්‍රය නොදීමෙන් රනිල්ගේ බෞද්ධ විරෝධීකම ප්‍රදර්ශනය වුණාය කියමින් ශ්‍රීලනිපය, ජවිපෙ සහ හෙළ උරුමය යකා නැටූහ. අවසානයේ රනිල්ගේ ආණ්ඩුවට යන එන මං නැතිවිය.

2015 රනිල් බලයට ආ පසු පන්සල්වල ඉන්නා අලි පවරා ගැනීමේ මෙහෙයුමක් පරිසරවේදීන් ආරම්භ කළහ. නීත්‍යනුකූල නොවන ලෙස අලි තියාගන්නා පන්සල්වල හිමිවරුන්ට නඩු වැටිණි. ඇතැම් හිමිවරුන් අත්අඩංගුවට පත්විය. වෙනකක් තබා රනිල්ගේ පන්සල වූ ගංගාරාමයේ අලියාද අත්පත් කරගැනීමට ආණ්ඩුව සහ පරිසරවේදීහු සැලසුම් කළහ. මේ අලි ප්‍රශ්නයට මුහුණ පෑ පන්සල්වල හිමිවරු එකට එක්වූහ. සම්බෝධි විහාරය එයට නායකත්වය දුන්නේය. ආණ්ඩුව අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන්න යනවාය කියමින් සම්බෝධි විහාරයට නායක හිමිවරුද එක්වී රැස්වීමක් සංවිධාන කළහ. යුද්ධයට නායකත්වය දුන් හමුදා නායකයන් අත්අඩංගුවට ගැනීමට එරෙහිවද මේ හාමුදුරුවරු සංවිධාන වූහ. බොදුබල සේනා හිමිද අත්අඩංගුවට පත්වූහ. සිංහල රාවය වැනි සංවිධාන හතු පිපෙන්නාක් මෙන් බිහිවිය. 2004 රනිල්ගේ ආණ්ඩුව වට්ටන්න කරළියට ආ හාමුදුරුවරුම මෙවරද වෙනත් සංවිධාන හරහා කරළියට ආහ. පාස්කු බෝම්බය පුපුරා ගියේ මේ සිංහල බෞද්ධ රැල්ල මතුවෙමින් තිබියදීය. රනිල් දායක සභාවේ සභාපති වූ කැලණි පන්සල සමග ගැටුමක් ඇති කරගත්තේය. කැලණි පන්සලේ නායක හිමියෝ රනිල්ව දායක සභාවෙන් ඉවත් කළහ. 2001 නිර්මාණය කළ බෞද්ධ රැල්ලේ තැටිය සෝම හිමි අපවත් වීමෙන් රත් වුණා වගේ 2015 නිර්මාණය කළ බෞද්ධ රැල්ලේ තැටිය රත්වුණේ පාස්කු බෝම්බ ප්‍රහාරයෙනි. අතුරලියේ හිමිගේ උපවාසයත් සමග ඒ රැල්ල සුනාමියක් බවට පත්විය.

2001 රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව භික්ෂුන් උසිගැන්වීම පිටුපස චන්ද්‍රිකා, මංගල, ජවිපෙ පමණක් නොව මහින්දත් ලොකු කාර්යභාරයක් කළේය. 2015 භික්ෂුන් උසිගැන්වූයේ තනිකරම මහින්ද ඇතුළු රාජපක්ෂලාය. එදා ඔවුන් සිංහල බෞද්ධ විරෝධියා, ඇන්ග්ලිකන්කාරයා කී රනිල්ව අද ජනාධිපති කර ඇත.

දැන් රනිල්ගේ ආණ්ඩුව නැගෙනහිර බෞද්ධ උරුමයන් ආරක්ෂා කරන හාමුදුරුවරු සමග ගැටුම් හදාගෙන තිබේ. දැන් බෞද්ධ මර්මස්ථාන වූ පන්සල්වල ලයිට් බිල ගෙව්වේ නැහැ කියා ලයිට් කපමින් සිටී.

‘ඒ කියන්නේ 2001 වුණු දේම, 2015 වුණු දේම, 2024ත් වෙන්නද යන්නේ….?’

කියන්න දන්නේ නැත. හැබැයි එදා රනිල්ට එරෙහිව බෞද්ධ රැල්ල හදපු රාජපක්ෂලාත්, ඔවුන්ගේ අනුගාමිකයන් වූ පොදුජන පෙරමුණත් රනිල්ට හෝසන්නා කියමින් සිටී. එදා රනිල් නියෝජනය කළ යූ.ඇන්.පී. බලවේගයට අද නායකත්වය දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මිහින්තලේ ලයිට් බිල ගෙවමින්, දළදා මාලිගාවේ ලයිට් කැපිල්ලට එරෙහි වෙමින්, ආගම්වාදී නොවන, ආගම්වාදය අවුස්සා අන්‍ය ආගම්වලට ගරහන්නේ නැති, බෞද්ධාගම සුරක්ෂිත කරන ආණ්ඩු විරෝධයක් නිර්මාණය කරමින් සිටී. 1965 ඩඩ්ලි සේනානායකත්, බණ්ඩාරනායක මැතිනියත් ආගම නොතකන වාමවාදී චීන ගැති ආණ්ඩුවට එරෙහිව භික්ෂුන් එකතු කරගෙන ආගම්වාදී නොවන බෞද්ධාගම සුරක්ෂිත කරන බෞද්ධ රැල්ලක් හැදුවේය. එයට උතුරේ තිරුචෙල්වම්ලාද එක්විය. ඔහු යු.ඇන්.පී.යට භික්ෂු පෙරමුණක්ද හැදුවේය. රනිල් යූ.ඇන්.පී. නායකත්වයට පත්වී ඒ භික්ෂු පෙරමුණ විසුරුවා හැරියේය. රනිල් හැමදාම වරද්දා ගත්තේ එතැනය. මෙවරත් රනිල් එතැනම වරද්දා ගත්තොත් වරදින්නේ රනිල්ට පමණක් නොව රාජපක්ෂලා ඇතුළු පොදුජන පෙරමුණටමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හලාවත අවුරුදු 9ක සිසුවියගේ සිරුර ලණුවකින් එල්ලෙමින් තිබියදී හොයාගෙන! මරලා එල්ලුවාද? සියදිවි නසාගත්තාද? පොලිසියට සැකයක්! I Sri Lanka Latest News

Next Post

හිරකාරයන් හිරේ දානවට වඩා ගෙදරම හිර කරන්න හදයි! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

Load More
Exclusive

A/L මාස 2කින් කල්දාන්න ඉල්ලපු පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විසිකරයි! නියමිත කාලසටහනට විභාගය තියනවා! I Sri Lanka Latest News

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි...

Read more
කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

කෝටි 10ක හොර ෆෝන් ඊයේ කොල්ලුපිටියෙන් අල්ලද්දී පොලිසියට කෝටි 10ක්ම අල්ලස් දෙන්න හදලා! මේ කතාව ඇත්තක් නම් මාධ්‍ය සංදර්ශන දාන්නේ නැතිව වහාම අල්ලස් දෙන්න හැදුවෙ කව්ද-පැමිණිලි කළේ කව්ද කියලා රටට හෙළිකරන්න! I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ජනාධිපති‌ ඉන්න පැලවත්තේ යාබද නිවස පරීක්ෂා කරන්න ගිය නිලධාරීන්ගේ ඇස් උඩ යයි! අඩිය ගහන්න බැරි විදිහට බලු රෑණක් මුළු වත්තෙම ජරා කරලා! ඩෙංගු කීටයො හැමතැනම! ඒ අස්සේ තුවක්කුවකුත් මතුවෙලා! පස් සැරයක් නිලධාරීන් ආවත් පරීක්ෂා කරන්න ඉඩ දීලා නෑ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.