• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙට තර්ජනයක් වුණු අපේ තර්ජනී දැල්පන්දුව බිමින් තියයි I Sri Lanka Latest News

August 12, 2023
in Exclusive, News, Sports
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුළු රටක් ස්තුතියි කිව යුතු චරිතයක් පහුගිය දවසක සිය ක්‍රීඩාවෙන් සමුගත්තා. ඒ තමයි තර්ජනී ශිවලිංගම්. තර්ජනී ‘මව්රට’ අපිත් ඔබට උත්තමාචාරය පුද කරනවා. ස්තුතියි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඉතිහාසය වර්ණවත් කරන්න ඔබ පැමිණියාට. ස්තුතියි ඔබ අපි වෙනුවෙන් තරග කළාට. ස්තුතියි ඔබ ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ගෙනාවාට. අවසාන වශයෙන් අපට කියන්න තියෙන්නේ ඔබ මේ රට රනින් බබළවන්නට හෙලූ හැම දාඩිය බින්දුවකටම ස්තුතියි කියලා. ඇත්තටම අපි ඔබට ණයගැතියි.(Sri Lanka Latest News)

ක්‍රිකට් වෙනුවෙන් සියල්ල සිදුකරන රටක ක්‍රිකට් නොවන වෙනත් ක්‍රීඩාවක් වෙහෙසී සිදුකරන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවකටම අපි අපේ උත්තමාචාරය පුදකළ යුත්තේ ඔබ ඒ ක්‍රීඩාවේ නියැළෙන්නේ අමාරුවෙන් බව අපි දන්නා නිසා.

කිසිසේත්ම සිතන්න එපා අපි මෙහෙම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව අවතක්සේරු කරන්න කියලා. ක්‍රිකට් වෙනුවෙන් ලබාදෙන සහාය හොඳයි. නමුත් අනෙක් ක්‍රීඩාවන්ටත් ඒ සහාය දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒකට හේතු ඇති. අපි ඒ ගැන තර්ක විතර්ක කරන්න හදනවා නෙවෙයි. අපි තර්ජනී ගැන කතා කරන්නයි හදන්නේ.

තර්ජනී කියලා කියන්නේ ලෝකයේ උසම නෙට් බෝල් ක්‍රීඩිකාව බව තමයි බොහෝ තැන්වල ලියැවිලා තියෙන්නේ. නමුත් ඈ කොච්චර දුක් වින්ඳද, මෙතැනට එන්න ඈ කොච්චර අසීරුවෙන් වැඩ කළාද කියන එක සහ ඇගේ උසත් එක්ක ඈ මුහුණ දුන්නු අපහසුතා ගැන ඈ බොහෝ තැන්වල කියලා තිබුණා. ඇත්තටම තර්ජනී කියලා කියන්නේ අසාමාන්‍ය උසකින් යුක්ත ක්‍රීඩිකාවක්. තර්ජනීව මීට කලින් දැකලා තියෙන කෙනෙක් විදියට ලියුම්කරුටත් තර්ජනීව දැක්කම පුදුම හිතුණා. තර්ජනී කියලා කියන්නේ යුද්ධය මැද්දේ වෙඩි සද්ද මැද්දේ ජීවත් වෙච්ච තරුණියක්.

එහෙම නැතුව සැපපහසුව ඉපදිලා නිදහසේ ජීවත් වෙලා ජයග්‍රහණ ළඟට ආපු කෙනෙක් නෙවෙයි. කොළඹ ප්‍රධාන පාසලක ඉපදිලා පාසල ඇතුළෙන්ම එන සහායත් එක්ක පුහුණුකාරිනියන්ගේ උදව් උපකාරත් එක්ක ජයග්‍රහණ පස්සේ ගිය තරුණියක් නෙවෙයි. තර්ජනී මුලින්ම කොළඹ ආපු දවසේ ඇයව එක්කගෙන ආපු නිලධාරියා අපූරු කතාවක් අපිත් එක්ක කිව්වා. ඔහු කියනවා මෙන්න මෙහෙම.

‘දැන් මට කිව්වා නෙට් බෝල් ගහන්න ප්ලේයර් කෙනෙක් එනවා, එයාව එක්කගෙන එන්න කියලා. මේ ළමයා කොළඹ ආපු කෙනෙක් නෙවෙයි කියලත් කිව්වා. මට දැන් මේ ළමයව හොයාගන්න ගියාමත් මාර අමාරුයි. මං බැලුවා මේ ළමයට ඉන්න තැනක් කියන්න තේරෙන්නෙත් නෑ. මම ගියා කොටුවට. කොටුවට ගියාම මෙයා කියනවා මම මෙහෙ ඉන්නවා, අරෙහි ඉන්නවා කියලා. ඒත් ඒ කියන දේ පැහැදිලි නෑ.

මට පේනවා ඈතින් සෙනඟට උඩින් කවුරි හරි කෙනෙක්ගෙ රූපයක්. ඒ කියන්නේ මිනිස්සු ඔක්කොම එක ලෙවල් එකකට උසයි. මෙයා ඒගොල්ලන්ට වඩා ගොඩක් උසයි. ඈතින් පේනවා. හැබැයි උන්නු ගමන් නැතිවෙලා යනවා. මම එහෙන් මෙහෙන් හොයාගෙන හොයාගෙන ගියා තර්ජනී ගාවට. එතකොට තමයි මට තර්ජනීව මුණගැහුණේ…’

ඒ කියන්නේ තර්ජනීව බැලූ බැල්මටම ඇය සුවිශේෂ වෙලා තියෙනවා. මේ සුවිශේෂ බව තමයි අපේ ක්‍රීඩාව බබළවන්න, වර්ණවත් කරන්න හේතු වුණේ තර්ජනීගේ උස. තර්ජනී කියලා කියන්නේ ලංකා දැල් පන්දු කණ්ඩායමේ පන්දු විදින්නිය. තර්ජනී ඉන්න කාලේ අපිට ආසියානු ශූරයන් පවා වෙන්න පුළුවන් වුණා. ලෝකයේ ශ්‍රේණිගත කිරීම්වලින් ඉතා ඉදිරියට එන්න පුළුවන් වුණා. ඔබ දන්නෙ නැතුව ඇති, අපි ක්‍රිකට් නොවන වෙනත් ක්‍රීඩාවකින් වඩාත් ඉදිරියෙන්ම ශ්‍රේණිගත වෙලා ඉන්නවා නම්, ඒ නෙට් බෝල් ක්‍රීඩාවෙන්. ඒ ගැන අපි ගණන් හිලව් ඇතිව පැහැදිලි කරන්නම්.

තර්ජනී ඉපදෙන්නේ යාපනේ. කොළඹ නෙවෙයි. සාමාන්‍යයෙන් යාපනේ උපන්න ක්‍රීඩිකාවකට ජාතික කණ්ඩායමක ස්ථාවර වීම ඒ තරම් පහසු නෑ. ඒකට හේතුව සුළු ජාතිය කියන මෝඩ තර්කයෙන් නෙවෙයි. ලංකාවෙ සුළු ජාතිය කියන තර්කය දේශපාලකයා හැර වෙන කෙනෙක් පාවිච්චි කරන්නේ නෑ. නමුත් ඔබ දන්නවා මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙක් බවට පත්වුණා.

මට නොතේරෙන දේ තමයි ඇයි මුත්තයියා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ නායකයා නොවුණේ කියලා. ඒකට හේතුව වුණේ මුත්තයියා ක්‍රීඩා කරපු කාලේ අපිට ස්ථාවර කණ්ඩායමක් සිටීම සහ ස්ථාවර නායකයෙක් ලංකා ජාතික කණ්ඩායමට සිටීම වෙන්න ඇති. මොකද මුත්තයියා ක්‍රීඩා කරන්නේ අර්ජුන රණතුංග කියන ස්ථාවර නායකයා යටතේ. අර්ජුනගේ නායකත්වයට අභියෝග කරන්න මුත්තයියාට පුළුවන්කමක් නෑ. ඉන් පස්සේ සනත් ජයසූරිය, මාවන් අතපත්තු, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන වගේ නායකයොත් එක්ක ඔහුට ක්‍රීඩා කරන්න සිදුවෙනවා. අතරින්පතරදී මුත්තයියාට අරවින්ද ද සිල්වා වගේ නායකයොත් එක්කත් ගනුදෙනු කරන්න සිදුවෙනවා අපට මතක හැටියට.

මේ ක්‍රීඩකයාගේ වටිනාකම ටිකක්වත් අඩුවෙන් අපි දකින්නෙ නෑ. මුත්තයියා කියලා කියන්නේ ජාතික කණ්ඩායමේ ස්ථිරවම අපේ ක්‍රීඩකයෙක්. ඔහු ක්‍රීඩා කරන්නේ යුද්ධයේ උපරිමය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙන කාලේ. ඒ නමුත් කවුරුත් ඔහු සම්බන්ධයෙන් තර්ක විතර්ක ඉදිරිපත් කරන්නේ නෑ. අපේ ක්‍රීඩකයාය කියන සංකල්පයේ තමයි අපි ඉන්නේ. මං දන්නෙ නෑ ඔහුට ඒක මේ වෙනකොට තියෙනවාද කියලා. නමුත් අපිට නම් ඔහු අපේ.

තර්ජනී තමයි ඉන් පස්සේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමක් නියෝජනය කරන ක්‍රීඩිකාවක් වෙන්නේ. මීට අමතරව අම්රිතා මුත්තයියා වගේ ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව නියෝජනය කළා. ඒ වගේම තවත් බොහෝ ක්‍රීඩිකාවෝ හිටියා. මුස්ලිම් සහ ද්‍රවිඩ ජාතිකයන් විදියට උප්පැන්න සහතිකයේ නම තියෙන අය. ඒ අයගේ ජාතිය ආගම මොකක් වුණත් ඔවුන් ශ්‍රී ලාංකිකයෝ හදවතින්ම. මෙතැනදී සුවිශේෂ වෙන්නේ තර්ජනී යාපනේ තරුණියක් වීම සහ තර්ජනීට ක්‍රීඩාව ප්‍රගුණ කරන්න ලැබෙන්නේ යුද්ධය පවතින අතරතුරේදී වීම. ඉතින් ඒ නිසා තමයි ඇයට අපි ආදරය කළ යුත්තේ. නමුත් මතක තබාගත යුතු තවත් කාරණයක් තමයි තර්ජනීලත් එක්කම යාපනේ ඇතුළේ යුද්ධය නිසා පරවුණු මල් ඕනෙ තරම් තියෙන්න ඇති. ඒ අයත් අපිට අපේ ක්‍රීඩාවට එකතු කරගන්න පුළුවන් වුණා නම් අපි අද ඉන්නේ මෙතැන නෙවෙයි කියන එකත් ඔබට සිහිපත් කළ යුතුයි.

ලෝකයේ නෙට් බෝල් ක්‍රීඩා කරන රටවල් ප්‍රධාන වශයෙන් 44ක් ශ්‍රේණිගත කිරීම්වලට එකතු වෙලා තියෙනවා. ඒ ශ්‍රේණිගත කිරීම්වලට එකතු වෙලා තියෙන රටවල් 44 අතර ශ්‍රී ලංකාවට මේ වෙනකොට හිමිවෙලා තියෙන්නේ 15 වැනි ස්ථානය. ඒ කියන්නේ අපිට ඉස්සරහින් ඉන්න එකම ආසියානු රටක්වත් නෑ. මේ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන ඉන්නේ ඔස්ටේ්‍රලියාව. දෙවැනි තැන නවසීලන්තය. තුන්වැනි තැන එංගලන්තය.

හතරවැනි තැන ජැමෙයිකාව. පස්වැනි තැන දකුණු අප්‍රිකාව. ඉන් පස්සේ ඉන්න සියලු රටවල් අප්‍රිකානු සහ යුරෝපා රටවල්. ශ්‍රී ලංකාවට 15 වැනි තැන දැනට හිමිවෙලා තියෙන්නේ. ඒක හොඳ ශ්‍රේණිගත කිරීමක්. මොකද අපි දන්නවා සියලු ශක්තීන් යොදවලා පෝෂණය කරන ක්‍රිකට් ක්‍රීඩාවෙදීත් අපට සමහර වෙලාවට පළමු 5 අතර ස්ථානයක් හිමි කරගන්න බැරි වෙලා තියෙනවා. අපි දැන් ඉන්නේ 8, 9, 10 වගේ ස්ථානවල. එහෙම තත්ත්වයක් යටතේ මේ වගේ ක්‍රීඩාවකින් අපිට මෙච්චර දුරක ඉදිරියෙන් ඉන්න පුළුවන් වීම විශාල ජයග්‍රහණයක්.

තර්ජනී ඉපදෙන්නේ 1978 දෙසැම්බර් මාසෙ 30 වැනිදා. යුද්ධය පටන්ගන්න ටික කාලයකට කලින්. තර්ජනීට වයස අවුරුදු 4ක් 5ක් වෙද්දී උතුරත් දකුණත් යුද වදින්න පටන් අරගන්නවා. තර්ජනීගේ පාසල් කාලය සම්පූර්ණයෙන්ම ගතවෙන්නේ යුද්ධයත් එක්ක. තර්ජනීගේ තාත්තා ගොවියෙක්. ඔහුට ගොවිතැන් කරන්න සිද්ධ වෙන්නේ නෑ. ඔහුට සිදුවෙනවා මේ සියල්ල අතහැර දාලා පලායන්න. ‘ඉවිනායි පුන්වලිකඩවන්’ කියන ප්‍රදේශයේ තමයි ඈ ජීවත් වෙන්නේ. එය යුද්ධය තදින් තිබුණු ප්‍රදේශයක්. එහෙම ප්‍රදේශයක ජීවත් වෙන එක ඈට පහසු වෙන්නේ නෑ. නමුත් ඈ විශාලම් කියන මධ්‍යමහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ බව සඳහන් වෙලා තියෙනවා.

ඉන් පස්සේ ඈ නැගෙනහිර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවක් බවට පත්වෙනවා. ඒ යුද්ධය කොච්චර දරුණු විදියට කරදර කළත් ඈ ඇගේ වැඩ නතර කරන්නේ නෑ. ඉන් පස්සේ වැදගත්ම කතාව තමයි ඈ 2004දී ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමට එකතු වෙනවා. එක්තරා වෙලාවක ඈ විශ්වවිද්‍යාල තරගාවලියක ක්‍රීඩා කරනවා බලාගෙන ඉන්නව ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධානීන්. ඈව දැක්කට පස්සේ තමයි ඔවුන් තීරණය කරන්නේ ඇගේ පන්දු විදීමේ හැකියාව ඉතා සුවිශේෂ බව. ඒ නිසා ඈව ජාතික කණ්ඩායමට එකතු කරගත්තා නම් හොඳයි කියන අදහස මේ අය තුළ ඇතිවෙනවා.

මේකෙ නිරවද්‍යතාව කොහොමද කියන එක පැහැදිලි නෑ. ඈව කණ්ඩායමට එකතු කරගැනීම සම්බන්ධයෙන් නම් ගැටලුවක් නෑ. තිලකා ජිනදාස තමයි ඇයව 2004දී දකින්නේ. ශිරන්ති රාජපක්ෂ නෝනත් මේ තරගාවලිය අතරතුරේදී ඒ ස්ථානයේ හිටියා කියන එක සමහර තැන්වල සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා ඈ ගැන උනන්දුව ඇතිවුණාද කියලත් අදහසක් තියෙනවා. මොකද ලංකාවේ මේ කාලය වෙද්දී සියලු බලතල රාජපක්ෂ පවුල සතුවයි තිබුණේ. විශේෂයෙන්ම ක්‍රීඩාව භාවිත කළේ තමන්ගෙ අවියක් විදියට ඔවුන්.

කොහොම වෙතත් 2009 ආසියානු නෙට්බෝල් ශූරතාව, 2012 ආසියානු නෙට්බෝල් ශූරතාව, 2014 ආසියානු නෙට්බෝල් ශූරතාව කියන තරගාවලි නියෝජනය කරන්න තර්ජනී සමත් වෙනවා. ඒ වගේම 2011 වසරේ ලෝක නෙට්බෝල් තරගාවලිය ඈ නියෝජනය කරනවා. ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමේ නායිකාව බවට ඈ පත්වෙනවා. සමහර අවස්ථාවලදී ඇයට ප්‍රශ්න ඇතිවෙනවා. ඒ වගේම ඉතා වැදගත් වෙන්නේ ඈ ඔස්ටේ්‍රලියාවේ සිටි වෙස්ට් ෆැල්කන්ස් කියන නෙට්බෝල් සමාජය නියෝජනය කරමින් තරගවලට සහභාගි වීම.

2018 ආසියානු කුසලානයේදී ජයග්‍රාහී කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්වෙන්නේ සිංගප්පූරුව පරාජය කරලා 60ට 50ක ලකුණු ප්‍රමාණයකින්. අපට මතකයි ඒ තරගාවලිය. අපිත් බලාගෙන හිටියා ඔවුන් දෙස. අයි.එන්.එෆ්. ලෝක කුසලාන තරගාවලියටත් ඈ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වෙනවා. ලෝකයේ හොඳම පන්දු විදින්නිය ලෙස 2011දී, හොඳම ආසියානු පන්දු විදින්නිය ලෙස ඈ 2012දී සහ 2019දී ජයග්‍රහණ ලබනවා. ඒ වගේම ඈ වසරේ හොඳම පන්දු විදින්නිය ලෙස 2017දීත් සම්මාන ලබාගන්නවා.

ආසියානු කුසලානයේදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස 2018දී ඈ සම්මාන ලබාගන්නවා. එස්.එල්.ටී. මෝස්ට් පොපියුලර් ස්පෝර්ට්ස් පර්සනැලිටි විදියට ඈ තමයි 2019දී ජයග්‍රහණ ලබන්නේ. ඒ වගේම ක්‍රීඩාවේ සංකේතය නැත්නම් ස්පෝර්ට්ස් අයිකන් කියන සම්මානය මාලදිවයිනේදී 2022දී ඈ ජයග්‍රහණය කරනවා. මේ විදියට ජයග්‍රහණ රාශියක් ඇගේ නම ඉදිරියෙන් ලියැවිලා තියෙනවා.

කොහොම වෙතත් මේ සියල්ලත් එක්කම ඇගේ නම සඳහන් වෙලා තියෙනවා ලෝකයේ වඩාත් උස දැල් පන්දු ක්‍රීඩිකාව විදියට. ඇගේ උස මීටර් 2.6ක්. අඩිවලින් 6.9ක්. සාමාන්‍යයෙන් අඩි 6ට වඩා අඟල් 9ක් ඈ උසයි. ඒක හරිම සුවිශේෂ තත්ත්වයක්. තර්ජනී අපේ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාව බැබළවූ ඔබට අපි ආයෙත් ස්තුති කරනවා. ඔබට අපි අවසර ලබාදිය යුතු නෑ අපි මේ රට අතහැරලා යන්න.

මොකද අපි දන්නවා අපේ රටේ බොහෝ වෙලාවට සිද්ධ වෙන දෙයක් තමයි අපේ ක්‍රීඩිකාවෝ අපිට අවශ්‍යම වෙලාවේ රට අතහැරලා යනවා. අපිට ඒවට උදාහරණ තියෙනවා. අපි අපේ යැයි හිතාගෙන හිටියට, ටික කාලෙකින් ඔවුන් අපේ නෙවෙයි වගේ දෙයක් අපට දැනෙනවා. වෙන රටකදී ඔවුන් වැඩිපුර ඒ රට ගැන කතා කරමින්, ඒ රට ගැන උනන්දුවෙන් ඉන්නවා වගේ දැක්කම. ඒ නිසා එහෙම කරන්න එපා තර්ජනී. අපිට ඔබ වටිනවා.

තර්ජනීගේ පවුලේ තර්ජනී ඇතුළු දරුවෝ 6 දෙනෙක්. තර්ජනී තමයි 5 වැන්නා. තාත්තා මිරිස් ගොවියක්. මේ සියල්ල ඈ ඇගේ ජීවිතේ ජයග්‍රහණ පිටිපස්සේ තියාගෙන ඉන්නවා. ඈ යාපනෙන් මඩකළපුවට යනවා. මඩකළපුවෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියක් වෙනවා. මේ සියල්ල හරි වැදගත් ඇගේ ජීවිත කතාව ගැන කතාකරද්දී. නමුත් අපිට අමතක කරන්න බෑ මේ සියල්ල. නමුත් අවසාන වශයෙන් අපිට වටින්නේ තර්ජනී අපේ රටට කරපු සේවය. ඒ නිසා තවදුරටත් අපි වෙනුවෙන් අපේ රට වෙනුවෙන් ඔබට පුළුවන් හැම දේම කරන්න කියලා අපි ඔබෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ස්තුතියි තර්ජනී.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

රන්ජන් දැන් උපාධිධාරයෙක්! I Sri Lanka Latest News

Next Post

හිනිදුම්පත්තු සමූප නිලවරණයේ හතෙන් හයක්ම සජබෙට! I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.