• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඡන්ද එනවා, පාකිස්තානය-බංග්ලාදේශය පුපුරනවා, අපිට නම් ගානක්වත් නෑ I Sri Lanka Latest News

August 11, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අපේ ‘ජෙමියාට් උලේමා ඉස්ලාම්’ (Jamiat Ulema-Islam) පක්ෂයේ මැතිවරණ රැස්වීම හරිම සාර්ථකව පැවැත්වීමට කටයුතු යොදලයි තිබුණේ. විශාල කූඩාරමක් ගහලා එය ඇතුළෙයි රැස්වීම පවත්වන්න පටන් ගත්තේ. 1000 – 1,500ක විතර විශාල සෙනඟක් මේක ඇතුළේ රැස්වෙලා හිටියා. වේදිකාවක්ද හදලා තිබුණා. එහි පක්ෂයේ ප්‍රාදේශීය නායකයන් කිහිප දෙනකුම අසුන්ගෙන හිටියා. රැස්වීමට සහභාගි වුණු පාක්ෂිකයන් විශාල ප්‍රමාණයක්ම සිටගෙනයි හිටියේ.(Sri Lanka Latest News)

මේ රැස්වීමට අපේ පක්ෂයේ ප්‍රධාන නායක සහ සභාපති ෆසාල් උර් රෙහෙමාන් (Fazal-ur-Rehman) සහභාගි වීමට නියමිතව තිබුණා. ඔහු සහභාගි වන වෙලාවක් ස්ථිරව ප්‍රකාශ කර තිබුණේ නැහැ. එහෙත් අපේ පක්ෂයේ ප්‍රධාන ප්‍රාදේශීය නායක අබ්දුල් රෂීඩ් (Abdul Rasheed) තවත් සුළු වේලාවකින් මෙහි පැමිණෙනවා යැයි නිවේදනය කළා. ඒ වුණත් ඔහුගේ පැමිණීමට පෙර රැස්වීමේ කටයුතු යම් පමණින් පටන් ගත්තා. මම හිටියෙත් වේදිකාවට කිට්ටු වෙන්න එක පැත්තකයි.

හරියටම විනාඩි ගණනාවයි ගියේ. වේදිකාව කිට්ටුවෙන් මහා ගිනිජාලාවක් එක්ක විශාල පිපුරුම් හඬක් ඇතිවුණා. කිසිම දෙයක් හිතාගන්න බැරිවුණා. මම මොහොතින් හිටපු තැනින් අඩි ගණනාවක් දුරට විසිවෙලා වැටුණා. දූවිල්ල ඇවිස්සිලා විශාල දුමකින් කූඩාරම පිරිලා ගියා. විනාඩි දෙක තුනක් ගියා ආයිත් පරිසරය පැහැදිලි වෙන්න. එතකොටයි දැක්කේ වේදිකාවේ සිටි පිරිසත්, ඒ අසල සිටි අනෙක් පිරිසත් ඔක්කොම වගේ ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නවා. හැම තැනම මිනිස්සුන්ගේ අතපය කෑලි ගැලවිලා විසිරිලා තිබුණා. මගේ ඇඟ උඩත් මිනිස්සු වැටිලා හිටියා. මට හිතාගන්න බැහැ මම කොහොම බේරුණාද කියලා. දෙවියන්ම තමයි මේ විනාශයෙන් මාව බේරාගත්තේ…’

කුමක්ද මේ ගත සිත තිගැස්සෙන කතාන්දරය? මෙයට දින කිහිපයකට පෙරදී මෙම සුවිශේෂ වගතුග ඇසුණේ පාකිස්තානයෙනි. 45 හැවිරිදි ආදම් ඛාන් නමැති පුද්ගලයකු මෙම කතාව කියා සිටින්නේ පාකිස්තානයේ මාධ්‍යවේදීන් වෙතය. මෙයට දින කිහිපයකට ඉහතදී පාකිස්තානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝබ්බ ප්‍රහාරයට පසුව මෙම වගතුග හෙළිවන්නට විය. එනම් ඉහත පාකිස්තාන ජාතිකයා තමන්ගේ පූර්ව පිනකට ජීවිතය බේරාගෙන ඇති අතර, එහිදී ඔහු වටා සිටි බොහෝ දෙනකු මියගොස් තිබිණි.

එසේම මෙම මහා මරාගෙන මැරෙන ප්‍රහාරය හේතුවෙන් පුද්ගලයන් 54 දෙනකු මියගොස් තවත් 200කට අධික පිරිසකට බරපතළ තුවාල සිදුවිය. ඉතා බලගතු බෝම්බ ජැකට්ටුවක් පැලඳි මරාගෙන මැරෙන ත්‍රස්තවාදියා ඉතා පහසුවෙන් මැතිවරණ රැස්වීමේ වේදිකාව ආසන්නයටම ගොස් පුපුරුවා ගැනීම සිදුකර ඇත. මෙලෙස පාකිස්තානය තුළින් ඇසෙන මෙම කතාන්දරයට වටපිටාවක් සැදුණේ කුමන ආකාරයටද?

මෙයට දින කිහිපයකට ඉහතදී එනම් පසුගිය ජූලි 30 වැනි ඉරිදා මෙම මහා ප්‍රහාරය සිදුවුණේ පාකිස්තානයේ වයඹදිග ප්‍රදේශයේ බජාවූර් දිස්ත්‍රික්කයේ, ඛාර් නමැති නගරයට ආසන්න වූ ප්‍රදේශයකදීය. මෙම ප්‍රදේශය ඇෆ්ගනිස්තානයට මාඉම්ව පිහිටා ඇති ප්‍රදේශයක් වෙයි. පාකිස්තානයේ ප්‍රකට දේශපාලන පක්ෂයක් වන ‘ජෙමියාට් උලෙමා ඉස්ලාම්’ (Jamiat Ulema-Islam) නමැති පක්ෂයේ දේශපාලන මැතිවරණ රැස්වීමකදී මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ල විය.

මෙම දේශපාලන පක්ෂය වර්තමානයේදී පාකිස්තාන පාලක රජයට හිතවත්කම් දක්වන පක්ෂයක් වශයෙන් සැලකෙන අතර, වත්මන් පාකිස්තාන පාර්ලිමේන්තුවේ අසුන් 342කින් අසුන් 14ක් මෙම පක්ෂයට හිමිය. ඒ, 2018 පාකිස්තාන මහ මැතිවරණයෙන් ජයගත් අසුන්ය. එසේම පාකිස්තාන ප්‍රාදේශීය පළාත් සභාවන්හි ආසන 23ක්ද මෙම පක්ෂයට හිමිවන බවටද කරුණු ප්‍රකාශ වෙයි. මෙලෙස මෙම පක්ෂයට පාකිස්තානය තුළ යම් සැලකිය යුතු දේශපාලනික බලයක් හිමිවී තිබෙයි.

එසේම මෙම පක්ෂයේ ප්‍රධාන නායකයා මෙන්ම සභාපතිවරයාද වන ෆසාල් උර් රෙහෙමාන් (Fazal-ur-Rehman) යනු පාකිස්තානයේ ප්‍රබල දේශපාලනික නායකයකුද වෙයි. ඔහු වසර 03ක් පාකිස්තානයේ විරුද්ධ පක්ෂ නායකයා ලෙසද කටයුතු කර ඇති අතර, එම කාලය පාකිස්තානයේ ජනාධිපති පර්වේස් මුෂාරෆ්ගේ සමය විය. ඇෆ්ගනිස්තානයේ වත්මන් පාලනය ISIS ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතට පත්වීමෙන් පසුව ජනාධිපති අෂ්රෆ් ගානිගේ පාලනය බිඳවැටිණි. මෙවැනි සංකීර්ණ පසුබිමක් යටතේ ඉහත කී බෝම්බ ප්‍රහාරය පිටුපස තිබෙන බව මේ වන විට සොයාගෙන ඇත. එය සොයා බලමු.

අද පාකිස්තානය යනු ශ්‍රී ලංකාවටම සමාන යම් දේශපාලන පසුබිමක් ඇති රටකි. එනම් එම තත්ත්වය උද්ගතවීම සිදුව ඇත්තේ මැතිවරණය නමැති මාතෘකාව පසුබිම් කරගෙනය. මෙය එක්තරා ආකාරයකින් පැවසුවහොත් මැතිවරණ අර්බුදයක් නොහොත් ගැහැටකි. දැනට වසර එකහමාරක පමණ කාලයක සිට මෙම මැතිවරණ අපලය මෙම රටවල් දෙකටම බලපා ඇත. එනම් මෙහිදී සිදුව ඇත්තේ අදාළ කිසිදු මැතිවරණයක් නොපවත්වා එම ක්‍රියාවලිය දිනෙන් දින කල්දැමීමයි. පාකිස්තානයේ වත්මන් රාජ්‍ය පාලකයාද මෙලෙස මැතිවරණ කල්දැමීම ප්‍රබලව සිදුකරන රාජ්‍ය නායකයෙකි.

අප රටේ ප්‍රධානතම රාජ්‍ය පාලකයාද එසේම කටයුතු කරමින්, මෙරට මැතිවරණයන්ද ඉතා සූක්ෂ්ම අයුරින් කල්දමන සහ අහෝසි කරන බවට මේ වන විටත් බොහෝ පාර්ශ්ව චෝදනා කර තිබීම රහසක් නොවේ. මෙම තත්ත්වය මේ වන විට දෙරට විසින්ම සිදුකරනු ලබන අතිශය ප්‍රබල ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියකි. මෙහි භයානකම තත්ත්වය නම් මෙම දෙරටෙහිම වත්මන් පාලකයන් විසින් උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝග පවා කිහිප වතාවක් උල්ලංඝනය කර තිබීමය. මේ ආකාරයට පසුගිය කාලය තුළ දෙරට තුළදීම පළාත් මැතිවරණයන් පැවැත්වීම අහෝසි කර දැම්මේය. මෙහිදී දෙරට තුළම පාලකයන්ට නිදහසට හේතුව වූයේ අදාළ මැතිවරණයන් පැවැත්වීමට නිසි මූල්‍ය වත්කම් සහ ප්‍රතිපාදනයන් නොමැති බව ප්‍රකාශ කිරීමය.

කෙසේ හෝ මෙවැනි වටපිටාවක් තිබියදී පසුගියදා මෙසේ පාකිස්තානය තුළ බලවත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම ඉතා ප්‍රබල අපරාධයක් ලෙස ලොව පුරා පාර්ශ්ව පිළිගෙන ඇත. පාකිස්තානයේ මහ මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ මෙම 2023 ඔක්තෝබර් මාසයේදීය. ඉහත බෝම්බ ප්‍රහාරයට ලක්වූ ‘ජෙමියට් උලෙමා ඉස්ලාම්’ පක්ෂයද මෙම මැතිවරණයන් ඉලක්ක කරගෙන තම ප්‍රචාරක ව්‍යාපාරයන් ආරම්භ කර ඇත. දැන් එසේ නම් වත්මන් පාකිස්තාන රජයට හිතෛෂී මෙම පක්ෂයට මෙතරම් දරුණු අපරාධයක් සිදුකරනු ලැබුවේ කවුරුන් විසින්ද? මෙම මහා ප්‍රහාරය සිදුකර දින එකහමාරක් පමණ යනතුරු කිසිවකුත් එහි වගකීම භාරගත්තේ නැත.

එහෙත් අවසානයේදී පසුගිය සඳුදා සවස් වන විට ඇෆ්ගනිස්තානයේ ISIS ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්ත සංවිධානය එම වගකීම භාරගත්තේය. ඔවුන්ගේ නිල අන්තර්ජාල සන්නිවේදන මධ්‍යස්ථානයක් හරහා මෙම වගකීම භාරගනිමින් ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. වර්තමාන පාකිස්තාන රජයට හිතෛෂී ජෙමියට් උලෙමා ඉස්ලාම් පක්ෂයේ රැස්වීම සඳහා ප්‍රහාරය දියත් කළේ ISIS ඉස්ලාමික රාජ්‍ය සංවිධානය විසින් යැයි එම ප්‍රකාශය සඳහන් කර තිබිණි. එම සංවිධානයේ අන්තර්ජාල ‘ටෙලිග්‍රෑම් චැනලය’ ඔස්සේ මෙම ප්‍රකාශය සිදුකර තිබිණි. එහි මෙසේ සඳහන්ව තිබිණි.

‘ඉස්ලාමික රාජ්‍ය සංවිධානය විසින් දියත් කර ඇති සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය සහ ඉස්ලාම්වාදය දිනාගැනීමේ දිව්‍ය නීතියට අදාළව මෙම ප්‍රහාරය පැමිණෙන්නේය…’

මෙය එක්තරා ආකාරයකින් බැරෑරුම් සංකීර්ණ වූ වගතුගකි. එනම් වත්මන් පාකිස්තාන රජය ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රබල ලෙස උල්ලංඝනය කරමින් සිදුකරන ක්‍රියාවලියට එරෙහිව මෙම ප්‍රහාරය දියත් කළේ යැයි එයින් අර්ථවත් වී තිබිණි. මෙයට පෙරද පසුගිය 2023 වසරේ ජනවාරි මාසයේදීද බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. එහිදී යම් පිරිසක් තුවාල ලැබීය.

එසේම දැනට මාස දෙකකට උඩදීද මෙම මැතිවරණ අර්බුදය හමුවේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ පක්ෂ්‍ය ඉතා ප්‍රබල උද්ඝෝෂණ රැසක් දියත් කළේය. එවිට ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනුණු අතර, එහිදී ඔහුගේ පාක්ෂිකයන් අතිශයින්ම උරණවී මුළු රට තුළම මහත් කලබල සිදුකරන්නට ගත්තේය. අවසානයේදී ඉම්රාන් ඛාන් නිදහස් කෙරිණි. එහෙත් මැතිවරණ කොල්ලයට එරෙහි ඔහුගේ අරගලය මේ වන විටද දියත් වෙමින් ඇත.

මේ ආකාරයට ජනතාවගේ මැතිවරණ කොල්ලකන රටවල රාජ්‍ය පාලකයන්ට එරෙහිව පැනනගින උද්ඝෝෂණයන් සහ අරගල ඉතා භයානක උච්ච ඒවා වෙයි. ශ්‍රී ලංකාවද පසුගිය සමයේ එවැනි තත්ත්වයන්ට පත්වූ එක් ප්‍රධානතම රටක් වෙයි. මෙවැනි වටපිටාවකදී මෙම දිනවල තවත් ප්‍රබල උච්චතම අරගලයක වගතුගක් ආසියාවේ රටකින් ඇසෙයි. එය නම් මේ දිනවල බංග්ලාදේශයේ උද්ගතව ඇති ජනතා අරගලයයි.

පසුගිය දින කිහිපයක සිට බංග්ලාදේශය තුළ එරට ජනතාව දසදහස් ගණනින් එක්ව එරට වත්මන් රජයට එරෙහිව වීදි බැස මහා ජනතා අරගලයක් දියත් කර ඇත. බංග්ලාදේශයේ අගමැති ෂෙයික් හසීනා සහ ඇගේ රජයට එරෙහිව මෙම උද්ඝෝෂණය සිදුවන අතර, මෙම ජනතාව එක හඬින් කියා සිටින්නේ ඇයට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසටය. පසුගිය සමයේ බංග්ලාදේශයද මැතිවරණ අර්බුදයට ප්‍රබල ලෙස මුහුණ දුන් රාජ්‍යයකි. මැතිවරණයන් නිසි ලෙස නොපැවැත්වීම, වංචා දූෂණය, මානව හිමිකම් උල්ලංඝනය සහ අධිකාරිවාදය ප්‍රබල ලෙස දියත් කර තිබීම ජනතා පාර්ශ්ව නගන චෝදනා වෙයි.

මෙහිදී අගමැතිනි ෂෙයික් හසීනාගේ රජයට 2009 වසරේ සිටම මෙම චෝදනා එල්ලවී තිබිණි. බංග්ලාදේශයේ වත්මන් විපක්ෂය වන බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (Bangladesh Nationalist Party) ප්‍රධාන කරගත් තවත් ජනතාවාදී පාර්ශ්ව ගණනාවක් මෙම මහා අරගලය මෙහෙයවමින් සිටිති. බංග්ලාදේශයේ අගනුවර වන ඩකා නගරය මුල්කරගෙන මෙම මහා උද්ඝෝෂණ පැවැත්වෙයි. මෙම උද්ඝෝෂණවලට සහභාගි වූ පිරිස්වලට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර සහ රබර් උණ්ඩ ප්‍රහාරද එල්ල කර ඇත. බංග්ලාදේශයේ මහ මැතිවරණය ලබන 2024 ජනවාරි මාසයට පෙර පැවැත්විය යුතු බවත්, ඊට පෙර අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බවත් විරෝධතාකරුවන් ප්‍රකාශ කර ඇත. ඉන් පසුව මධ්‍යස්ථ භාරකාර රජයක් යටතේ මහ මැතිවරණය පැවැත්විය යුතු බවත්, උද්ඝෝෂකයෝ කියා සිටිති. මෙම අරගල නිසා මේ වන විට සිය ගණනක පිරිසක් තුවාල ලබා ඇත.

බංග්ලාදේශයේ මෙම උද්ඝෝෂකයන් එක හඬින් කියා සිටින්නේ ඔවුන්ට තවදුරටත් මෙම රජය අනවශ්‍ය බවයි. අද මෙම විරෝධතා ව්‍යාපාරය ‘ජන සාගරයක්’ බවට පත්ව ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත. වත්මන් බංග්ලාදේශ රජය යටතේ සාධාරණ ලෙස මැතිවරණයන් පැවැත්වීම සිදුනොවනු ඇතැයිද විරෝධතාකරුවෝ කියා සිටිති. මේ අතර බංග්ලාදේශය තුළ අතිශය දරුණු ලෙස උද්ධමනයද වැඩිවීම හේතුවෙන් ජනතාව ඉතා අසරණ තත්ත්වයට පත්ව ඇති බවද පැවැසෙයි. මේ අතර අගමැතිනි ෂෙයික් හසීා ප්‍රකාශ කර ඇත්තේ කෙතරම් අරගල ඇතිවුණත් තමන්ගේ ඉල්ලා අස්වීමක් සිදුනොවන බවයි.

එසේම විරෝධතාකරුවන් ඉල්ලා සිටින භාරකාර ආණ්ඩුවක් සඳහා වූ ඉල්ලීම ව්‍යවස්ථා විරෝධී බවත් ඇය ප්‍රකාශ කර ඇත. ඇයගේ මෙම අධිකාරිවාදී ප්‍රකාශ නිසා ජනතාව තවත් උරණවී සිටිති. මේ අතර මෙම තත්ත්වය ගැන ඇමෙරිකා එක්සත් ජනපද රජය ඉතා දැඩි අවධානයක්ද යොමුකර ඇත. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක මැතිව් මිලර් මෙම තත්ත්වය ගැන ප්‍රකාශයක් කර තිබේ.

‘බංග්ලාදේශයේ ජනතාවට සාමකාමීව එක්රැස් වීමට හැකි ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කරන ලෙසත්, එසේම ඉදිරි මැතිවරණවලදී ප්‍රචණ්ඩත්වය, හිරිහැර කිරීම් සහ බියගැන්වීම්වලින් ජනතාව රැකගත යුතු බවත් අපි බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටිනවා. නිදහස් හා සාධාරණ මැතිවරණ පසුබිමක් අපි බංග්ලාදේශ රජයෙන් ඉල්ලා සිටිනවා. එය රජයේ වගකීමක් ලෙස අවධාරණය කරනවා…’ යැයි ඇමෙරිකානු රාජ්‍ය නිලධාරියා ප්‍රකාශ කර ඇත.

අද ශ්‍රී ලංකාවේද සිදුවන්නේ මෙවැනිම වටපිටාවකි. අත්තනෝමතිකත්වය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම, භාෂණයේ නිදහස මර්දනය, සාමකාමී රැස්වීම් මර්දනයද අද අප ශ්‍රී ලංකාව තුළින් නිරන්තරයෙන් ඇසෙයි. අද අපේ රටේ මැතිවරණ කොල්ලයට එරෙහිව පුපුරා යන බෝම්බයද වැඩි දුරක නොවේ. එය ජනතා බෝම්බයකි. එවිට රජයට සහ පාලකයන්ට යන එන මඟක් තිබේද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සහෝදරවරුනි සමාවෙයල්ලා… ළඟට වරෙල්ලා වැලඳ ගනිල්ලා… උන් මැරුවෙ අපේ දරුවෙක් I Sri Lanka Latest News

Next Post

මාතා මහතා උමාරා I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

Load More
Exclusive

අමෙරිකාව එවපු ලියුමට අත්සන් කරන්න ලංකාව බෑ කීමෙන් අලුත් අර්බූදයක්! අනුර ආ උත්සවයට එනවා කියපු ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිත ගෝර් අන්තිම මොහොතේ ආවේ නැත්තේ විරෝධය පාන්නද? රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

අමෙරිකාව එක්ක අලුත් අවුලක් ​අවස්ථා ගණනාවකදීම ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වූ දකුණු සහ මධ්‍යම...

Read more
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.