• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවදාවත් මුහුද දැකලා නැති ළමයි ජීවත් වෙන ‘ගලමුදුන ගම්මානය’ I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දශක කිහිපයකට පෙර මේ රටේ ඈත දුෂ්කර යැයි හැඳින් වූ ප්‍රදේශයන්හි ගම්බිම් වෙත මේ වන විට මාර්ග ඉදිවී ඇත. විදුලිය ලැබී ඇත. රජයේ බස් එකක් නැතත් අඩුම තරමේ ත්‍රිරෝද රථයකින් හෝ ඔවුහු සිය ප්‍රවාහන සේවා ඉටුකර ගනිති. ගොවිතැන මෙන්ම දෛනික ජන ජීවිතයේ වැඩි කොටසක් වෙනුවෙන් ඔවුහු නවීන තාක්ෂණය ඈඳාගෙන හැල්මේ දුවන කාර්යබහුල ජන ජීවිතයකට හුරුවී සිටිති.(Sri Lanka Latest News)

එසේ වුවද තවමත් ඉපැරණි ගැමි සුවඳ රැඳී ඇති, පැරණි ගම්බද සිරියාව අදටත් කියාපාන අපූරු හුදකලා ගම් පියසක් නකල්ස් වන මැද පිහිටා ඇතැයි කිවහොත් ඔබ සමහර විට පුදුම වනු ඇති. එහෙත් එය සැබෑවකි. මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගලමුදුන ගම්මානය තවමත් පවතින්නේ එබඳු අයුරිනි. මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හුදකලා ගම්මානයක් වන ගලමුදුන ගම්මානයේ මේ වන විට පවුල් 40ක් පමණ පදිංචිව සිටිති.

ප්‍රධාන මාර්ගයේ සිට සැතපුම් හත අටක් මහ වන මැදට වන්නට පිහිටි මෙම ගම්මානයට යාමට ඇත්තේ රූස්ස කැලෑවක් මැදින් වැටුණු අඩි පාරකි. මේ වන විට ගමට මාර්ගයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබුණද, අදටත් මේ ගමේ බහුතරය සිය ගමන්බිමන් ඉටුකර ගන්නේ වනඅලින්, වලසුන් ඇතුළු වන සතුන්ගෙන් ගහන වූ රූස්ස වනපෙත මැදින් වැටුණු අඩි පාර ඔස්සේය.

ගස් ගල් මැදින් වැටුණු අඩි පාරේ ඇතැම් තැනෙක කුඩා හා විශාල ප්‍රමාණයේ දොළ පාරවල්ය. මහ වැසි සමයේදී බෙහෙවින් සක්‍රීය වන මෙම දොළ පාරවල් නිසා ඇතැම් අවස්ථාවල මේ ගමේ මිනිසුන්ට තම ගමටම කොටු වී සිටින්නට සිදුවූ අවස්ථාවන් ගැනද අපට අසන්නට ලැබිණි.

නගරයේ සංකර සමාජයෙන් ඈත්ව පිහිටීම නිසාදෝ මේ ගම්මුන් තුළ ඇති අව්‍යාජ සිනහව ගම තවත් සුන්දර කරවයි. ගමේ බොහෝමයක් නිවෙස් තවමත් කටුමැට්ටෙන් ඉදිකර, ඉලුක්, මානා හෝ පිදුරු හෙවිල්ලූ නිවාසයන්ය.

මේ එකුදු නිවෙසකවත් ගෑස් හෝ විදුලි උදුන් භාවිත නොවන අතර, සියලු ඉවුම්පිහුම් කටයුතු සිදුවන්නේ දර ආධාරයෙනි. බොහෝ දෙනෙකු කුප්පි ලාම්පු එළියෙන් තවමත් අඳුර දුරු කරගන්නා අතර, නිවෙස් කිහිපයක පමණක් සූර්ය පැනල භාවිත කරන බව අපට අසන්නට ලැබිණි.

මෙම නිවෙස්වල ඇති මුළුතැන්ගෙයද අපූරු ස්ථානයකි. මෙම මුළුතැන්ගෙයි එක් පසෙක විශාල ප්‍රමාණයේ බඩඉරිඟු අටුවකි. ප්‍රධාන ජීවන මාර්ගය වන හේන් ගොවිතැනින් ලබාගන්නා බඩඉරිඟු, කුරහන් ආදිය අපූරු ක්‍රමයකට ඔවුහු මෙම අටුවල අසුරා තබා ඇති අයුරු අපට දැකගන්නට ලැබිණි. ඊට යටින් පිහිටි දර ළිපෙන් නිකුත් වන දුම්වලින් නිරතුරුව පදම් වීම නිසා මෙම ධාන්‍ය වර්ගවලට ආවේණික රසයක් ලැබෙන බවද, ඊළඟ කන්නය උදාවන තෙක් ඒවා කල් තබාගත හැකි බවද මේ ගම්මු පවසති.

බත් සහ ඉරිඟු, තලප මොවුන්ගේ ප්‍රධානතම ආහාරය වන අතර, වී මෝල් හෝ ඇඹරුම් යන්ත්‍ර නැති මේ ගමේ ඒ සියල්ල සිදුවන්නේ වංගෙඩිය, මෝල්ගස හා මිරිස් ගල් ආධාරයෙනි. ගොවිතැන් සඳහා මොවුහු බොහෝ විට ස්වභාවික ක්‍රම භවිත කරන අතර, කෘෂි රසායන පොහොර ආදිය භාවිත වන්නේ ඉතා සුළු වශයෙනි.

ප්ලාස්ටික් ඇතුළු කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය ඉතා පහළ මට්ටමක පවතින අතර, නිවෙස්වල බොහෝ කටයුතු සඳහා යොදාගන්නේ රූස්ස කැලෑවේ ගහකොළ ආදියෙන් ලබාගන්නා කොළ, පොතු, වැල් ආදියයි.

නිවෙස් සඳහා සිමෙන්ති භාවිතයක් නොමැති අතර, බිත්තිවල මෙන්ම පොළොවේ ආලේප කර ඇත්තේද ගවයන්ගේ ගොම සමග මිශ්‍ර කළ මැටි වර්ගයන් හෝ මකුල්ල ආදී පස් වර්ගයන්ය.

නිවෙස් හා මිදුල් ඇමදීම සඳහා කැලෑවේ වැවෙන විවිධ පඳුරු වර්ග කපා එකට බැඳ මිටියක් සේ සාදාගෙන ඇති අතර, ජලය රැගෙන ඒම ආදී කටයුතු සඳහා පුවක් කොළවලින් තනාගත් ගොට්ට නමැති පැසක් උපයෝගී කරගනී.

නිවෙස්වල රෙදි වැනීම සඳහා රෙදි වැල් තැනීමට යොදාගෙන ඇත්තේද වනයේ පොළොව මත පැතිර ගිය විවිධ වැල් වර්ගයන් හා ඒවා එක්කර ගොතා ගත් තේඩාවන්ය. ගවයන් දිගේලි කරනු ලබන්නේද කලවැල් නම් වූ වැල් වර්ගයක් උපයෝගී කර ගනිමිනි.

නිවෙසේ පරිහරණය සඳහා පොල් කොළ හා පන් වර්ග යොදා ගනිමින් සැකසූ වට්ටි, පෙට්ටි මෙන්ම පැදුරු හා මාගල් බහුලව භාවිත කරයි.

මේ ගමේ දරුවන්ට සෙල්ලම් කරන්නට ක්‍රීඩාපිටි හෝ වෙනත් පහසුකම් නැති අතර, ඔවුන්ගේ ක්‍රීඩාපිටිය බවට පත්ව ඇත්තේ අස්වනු කපා අවසන් කළ ගමේ වෙල් යායන්ය.

ඔරලෝසු, රූපවාහිනී යන්ත්‍ර, ගුවන්විදුලි යන්ත්‍ර ආදිය මේ ගමට ආගන්තුකය. ඉර නැගෙන්නට මොහොතකට පෙර දවස ඇරඹෙන බවත්, ඉර මුදුන් වන විට දවසේ අඩක් අවසන් බවත්, ඉර බැස යද්දී රාත්‍රිය උදාවන බවත් හැර මේ මිනිසුන්ට ඉන් එහා දෙයක් සිතා කටයුතු කරන්නට තරම් කාර්යබහුලත්වයක්ද නොමැත.

උදෑසන සිට සවස් වනතුරු මහපොළොවත් සමග උරෙන්උර ගැටී වැඩකරන මේ ගම්මු ගමේ තැන තැන ඇති සිහිල් දිය පිරි වතුර වළකින් හෝ පිහිල්ලකින් වතුර ටිකක් නාගෙන කුමක් හෝ කා බී වටෙන් ගොඩෙන් අඳුර වැටෙද්දී නින්දට යාම ඔවුන්ගේ දින චර්යාවේ ප්‍රධාන අංගයකි.

ගමේ කිහිප දෙනකු නිවෙසකට එක්වී ආගිය තොරතුරු කතා කිරීම, එකට එක්වී බුලත් විටක් කෑම ආදිය හැරුණු විට මේ ගම්මුන්ට පැවැරුණු වෙනත් විශේෂ රාජකාරි කිසිවක් නැති අතර, ඔවුන්ට ඇත්තේ ඉතා සීමිත වැඩ කොටසකි. ඒ නිසාම එකිනෙකා අතර රණ්ඩුසරුවල්, කෝන්තර පිරිමහගැනිලි වෙනුවට ඇත්තේ සාමූහිකත්වය, එකිනෙකාට උදව්කර ගැනීම, ගමම එක පවුලක් සේ ජීවත් වීම, අනෙකාගේ දුක සැප සොයා බැලීම ආදී ගුණාංගයන්ය.

රෙදිපිළි, දුරකථන, නවීන විලාසිතා, පාවහන්, ප්‍රවාහන සේවා, රැකීරක්ෂා, නවීන පහසුකම්, අන්තර්ජාල, මුහුණුපොත ආදී බොහෝ දේ ආගන්තුක වූ මේ ගම්මුන්ගෙන් අතිබහුතරය ඉඳහිට හෝ ප්‍රධාන මාර්ගයක් වෙත එන්නේ නම් ඒ ඉතා කලාතුරකිනි. ඒ බොහෝවිට ගමේ වෙද මහතාට සනීප කළ නොහැකි රෝගයක් සුවපත් කරගන්නට හෝ ලුණුමිරිස් ටිකක් රැගෙන යන්නටය.

මේ ගමට යන මාර්ගය දුෂ්කරය. බැලූ බැල්මට ඒකාකාරී දුෂ්කර ජනජීවිතයද නගරයේ අපට නීරසය. එහෙත් ගලමුදුන ගම්වාසීහු ලෝකයාගෙන් හුදකලා වී අදටත් මේ මහ වන මැද ගෙවන්නේ ඉතා චාම් සරල දිවිපෙවතකි.

මීගහකිවුල – එන්.කේ. නිශ්ශංක

SendShareShare
Previous Post

ඔද තෙද ඇති… තෙද බල ඇති… ඇහුවත් ඇති… හිනා යනවා I Sri Lanka Latest News

Next Post

හොල්මන් කරන ලංකාවේ අබිරහස් තැන් I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.