• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔද තෙද ඇති… තෙද බල ඇති… ඇහුවත් ඇති… හිනා යනවා I Sri Lanka Latest News

August 10, 2023
in Exclusive, News
Reading Time: 33 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ප්‍රහසන කලාව නව මගකට යොමුකළ තරුණ ශිල්පීන් දෙපළක් වන ගාමින්ද ප්‍රියවිරාජ් සහ සුනෙත් චිත්‍රානන්ද සිය යූ ටියුබ් චැනලය වන Chooty Malli Podi Malli වෙත නව වීඩියෝවක් නිකුත් කර තිබෙනවා. ‘ඇහුවත් ඇති හිනා යනවා’ ලෙස නම්කර ඇති එම වීඩියෝ ඇති විනෝදාත්මක බව නිසාම, ‘මව්රට’ පාඨක ඔබ වෙනුවෙන් අප එය මෙලෙස ඉදිරිපත් කරමු.(Sri Lanka Latest News)

මේ වීඩියෝ දෙවැනි කතාංගය ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ ‘වැඩ’ නමින්. මීට අවුරුදු 10කට විතර කලින් ඉහළ ජනප්‍රියත්වයක් රඳවාගෙන සිටි ගායකයෙක් ගැනයි මේ කතාව. මේ වෙද්දී මේ ගායකයාට වැඩ අඩුයි. ඔහුගේ විවිධ වැඩ ගැන කතා ටිකක් තමයි අපි දැන් අහන්න සූදානම් වෙන්නේ. ඔන්න මේ ගායකයා ගාවට ආවා පුවත්පත් කලාවේදියෙක්. ගායකයා ගාව මේ වෙලාවේ ඉන්නවා එයාගෙ පරණ යාළුවෙකුත්. දැන් අපි අහමු කතාව.

Sri Lanka Latest News

ගායකයා – මචං පොඩ්ඩක් බලපං, පත්තරෙන් එනවා කියලා කිව්වා අද. ආවද බලපං.

යාළුවා – ඔව් ඔව්. පත්තරෙන්…

ගායකයා – ආ… එන්න එන්න…

පත්තර වාර්තාකරු – අයියේ… කාලෙකින් ආටිකල් එකක් කරන්න බැරිවුණා.

ගායකයා – කරමු කරමු. මගේ ආටිකල් කීපයක්ම ගියා මේ ටිකේ.

පත්තර වාර්තාකරු – දැක්කෙ නෑනේ. කොහෙද ගියේ?

ගායකයා – ඔයගොල්ලන්ගෙ පත්තරේ නෙවෙයි. එංගලන්තෙ පත්තරේ.

පත්තර වාර්තාකරු – මෙහෙ පත්තරවල ගියෙ නැද්ද?

ගායකයා – මෙහෙ ඒවයෙ ගියේ නෑ.

පත්තර වාර්තාකරු – එහෙනම් අපි වැඩේ පටන්ගමුකෝ. මේ ටිකේ දවස ගෙවෙන්නෙ කොහොමද?


ගායකයා – හෙම්බිරිස්සාව.

පත්තර වාර්තාකරු – නෑ. මම ඇහුවේ වඩකටයුතු කොහොමද කියලා?

ගායකයා – වැඩ ඉවරයක් නෑ. ඊයේ, පෙරේදා. ඔයා එන හින්දා මම අද හිටියේ. දිගටම වැඩ. මේ වැඩ ටික ඉවර වෙන්න යයි සති හතරක් පහක් විතර.

පත්තර වාර්තාකරු – ඒ කියන්නේ මේ ටිකේ සරුයි?

ගායකයා – සරුයි වගේ තමයි.

පත්තර වාර්තාකරු – එහෙනම් අපි ලියමු මේ දවස්වල වැඩ අධික නිසා අතමිට සරුවෙලා කියලා.

ගායකයා – අතමිට සරුවෙලා කියන එක ඕනෙ නෑ නේද? ඇත්තම කිව්වොත් මල්ලි අතේ තියෙන එකත් යනවා මේ වැඩවලට.

පත්තර වාර්තාකරු – ඒ කියන්නේ?

ගායකයා – වැඩ වැඩ…

පත්තර වාර්තාකරු – ඒ කියන්නේ මිනිස්සු දැන් සල්ලි ගෙවන්නෙ නැද්ද වැඩවලට?

ගායකයා – සල්ලි ගෙවන්න ඕනෙ. නැත්නම් බාස්ලා වැඩ කරන්නේ නෑනේ.

පත්තර වාර්තාකරු – මොන බාස්ලද?

ගායකයා – අපේ නංගි රටනේ. ඒගොල්ලන්ගෙ ගෙයක් හදනවා. මම එතැන වැඩ ෆුල් ටයිම්. අත්වැඩ දෙනවා.

පත්තර වාර්තාකරු – ෂෝ නැද්ද?

ගායකයා – ෂෝ නෑ….

ඔන්න දැන් මේ ගායකයාගෙ යාළුවා කතාකරන්න පටන්ගන්නවා.

යාළුවා – උඹත් හරි මෝඩයි බං. ඒක තමයි උඹලට ඔය පීක් එක අල්ලගෙන ඉන්න බැරි වුණේ.

ගායකයා – මොකක්ද උඹ කියන්නේ?

යාළුවා – උඹලා ඒ දවස්වල ආඩම්බර වෙලා පාටි දැම්මා. කාර් ගත්තා, ගෙවල් ගත්තා, ගැළපෙන්නැති බිස්නස් පටන්ගත්තා ඔක්කොම කළා. දැන් හොම්බෙන් ගිහින්.

ගායකයා – හරි හරි ඉතිං කෑගහන්න එපා. හැමදාම ඔය මන්තරේ කියනවා.

යාළුවා – උඹ මොකක්ද අර පත්තරකාරයට කිව්වේ කිසි වැඩක් නෑ කියලා. එහෙම කියනවද බං?

ගායකයා – ඇයි? අපේ රටේ රසිකයො කියන එවුන් දැනගන්න ඕනේ අපිට වැඩ නෑ කියලා. උන් දැනගන්න ඕනෙ අපිව ගන්න.

යාළුවා – එතකොට උඹලා ඒ කාලේ රසිකයන්ට දාපු පාට්? ස්ටේජ් එක ගාවටම කාර් එකේ එන්න ඕනේ. සින්දු කියන චාන්ස් එක එනකං කාර් එකේ තමයි ඉන්නේ.

ගායකයා – හරි හරි ඉතිං. උඹ මේ තරහාකාරයෙක් වගේ මට බණින්න එපා.

යාළුවා – උඹ මොකක්ද අර පත්තරකාරයට කිව්වේ වැඩ නෑ කියලා? වැඩ තියෙනවා කියපං. අන්න මිනිහෙක් එනවා. වැඩ නෑ කියන්න එපා හොඳේ.

අමුත්තෙක් පැමිණෙයි.

අමුත්තා – අයියේ. අයියා සින්දු කියනවද තාම?

ගායකයා – නැතුව ඉතිං. මාර ප්‍රශ්නනෙ මල්ලි ඔයා අහන්නේ.

අමුත්තා – කීයක් ගන්නවද දැන්?

ගායකයා – මෙහෙමයි ඉතිං. මම සාමාන්‍යයෙන් පනහක් තමයි ගන්නේ. මල්ලිලගෙ වැඩේ අනුව මම ඩිස්කවුන්ට් එකක් දෙන්නම්. කවද්ද ඔය වැඩේ තියෙන්නේ?

අමුත්තා – ලබන මාසේ.

ගායකයා – ඒක හොඳයි. මේ මාසෙම වැඩ. සම්පූර්ණ ෆුල්.

අමුත්තා – අපේ වැඩේ ලබන මාසෙ අන්තිම තියෙන්නේ.

ගායකයා – මෙහෙමයි මල්ලි ලබන මාසේ 25 නුවරඑළියේ. 26 කළුතර. 27 රත්මලානේ. 28 දෙහිඅත්තකණ්ඩියේ. 29 මන්නාරම. 30 යාපනේ. 31 මඩකලපුව. එහෙම තමයි වැඩ තියෙන්නේ. ඔයගොල්ලන්ගෙ වැඩේ තියෙන්නේ කවදද?

අමුත්තා – 31 අයියේ. කමක් නෑ අපි යන්නම්. අපේ ෂෝ එක 10ට පටන්ගන්නේ. අයියට මඩකලපුවේ ඉඳලා එන්නත් බෑනෙ. අපි යන්නං අයියේ.

(අමුත්තා යන්නට යයි)

යාළුවා – මොකද බං දැන් කරන්නේ?

ගායකයා – මොකද බං තමයි. දැක්කද උඹ කරපු වැඩේ. ඉඳලා ඉඳලා ආවෙ එකයි. උඹ ඒකත් නැති කළානේ. මඩකලපුවේ වැඩේ අපරාදෙනේ.

යාළුවා – උඹනේ බං ගොං. මඩකලපුවේ, යාපනේ මන්නාරමේ වැඩ තියෙන්නේ කොහෙද බං උඹට?

ගායකයා – ඒ වුණාට කියන්න එපායැ රට වටේම වැඩ තියෙන විදියට.

යාළුවා – රට වටේ නෙවෙයි, මේ ළඟපාත කිව්වා නම් ඉවරනේ. ඔන්න ඒ පාර කොල්ලො දෙන්නෙක් එනවා ෆයිල් එකක් අරගෙන.

ගායකයා – ආධාරයක්ද දන්නෙ නෑ?

යාළුවා – නෑ නෑ. සංගීතකාරයො වගෙයි උන්ගෙ විදිය.

අමුත්තන් දෙදෙනෙක් පැමිණෙයි.

අමුත්තා – මේ අර සින්දු කියන කෙනාද?

ගායකයා – ඔව් ඔව්. මම තමයි. කොහෙද ෂෝ එක තියෙන්නේ?

අමුත්තා – පානදුරේ.

ගායකයා – මම හැටක් ගන්නවා.

අමුත්තා – අමාරුයි අයියේ.

ගායකයා – එහෙම නැතුව බෑනෙ මල්ලි. ඔයගොල්ලො ඔය එක එක ස්ටාර්ලට ඒගොල්ලන්ට මේගොල්ලන්ට හෙණ ගණන් දෙනවා. අපිට එහෙම දෙන්නෙ නෑනේ.

අමුත්තා – නෑ අයියේ අපේ බජට් එක එච්චර නෑනෙ.

ගායකයා – හරි. මොකක්ද ඔයගොල්ලන්ගෙ ෂෝ එකේ අරමුණ?

අමුත්තා – අපේ ක්‍රීඩා සමාජෙට බඩු ටිකක් ගන්න ෂෝ එක කරන්නේ.

ගායකයා – එහෙනම් මෙහෙම කරමු. මල්ලිලත් හිත හොඳින් කරන වැඩේනේ. ඒ හින්දා පනහකට කරමු. ඔන්න දහයක් අඩු කළා.

අමුත්තා – බජට් නෑ අයියේ අපට. අපි ෆුල් හිඳිලා ඉන්නේ.

ගායකයා – එහෙනම් මල්ලි අමාරුයි වැඩේ.

අමුත්තා – කමක් නෑ අයියේ කමක් නෑ.

ගායකයා – මම සාමාන්‍යයෙන් සින්දු 4ක් 5ක් කියනවනේ. මම සින්දු 3ක් කියන්නම්. 40කට කරමු.

අමුත්තා – සින්දු 3ක් 30කට කරන්න අමාරුයි නේද?

ගායකයා – එහෙනම් 30කට කරමු.

අමුත්තා – කමක් නෑ අයියේ අපි පස්සේ බලමු. බජට් නෑනෙ.

ගායකයා – නෑ. එක්සත් සමිතිය වෙනුවෙන් කරන ෂෝ එකනේ. මම සින්දු හතරක්ම කියන්නම්. 20කට කරමු.

අමුත්තා – පොඩ්ඩක් ඉන්න. අපි කට්ටියත් එක්ක කතා කරලා එන්නම් අයියේ. අපි ගාව තියෙන්නේ 2,500යි. අයියට ඒ ගානට කතා කරන්නත් බෑනෙ. අපි ඉස්සර ආසාවෙන් අහපු සින්දුනේ අයියා කියන්නේ.

ගායකයා – නෑ. කමක් නෑ එහෙනම් මල්ලිලට තියෙන්නේ 2500 නම් ඒ ගානට කරමු. මම සින්දු 3ක් කියන්නම්.

ඔන්න ඒ අමුත්තො දෙන්නත් ගියා. දැන් තවත් අමුත්තෙක් එනවා ගායකයා මුණගැහෙන්න.

අමුත්තා – ආයුබෝවන්… මාව මතක නෑ මම හිතන්නේ?

ගායකයා – මතකයක් නම් නෑ.

අමුත්තා – ගිය අවුරුද්දෙත් හම්බවුණා. කොහොමද ෂෝස් තියෙන්නේ මේ ටිකේ?

ගායකයා – අද හවස එකක් තියෙනවා.

අමුත්ත – කොහෙද?

ගායකයා – බොරැල්ල කැම්බල් පාක් එකේ.

අමුත්තා – කීයටද පටන් ගන්නේ?

ගායකයා – හතහමාරට අටට පටන්ගන්නවා කියලයි තියෙන්නේ. හෙට තව ඉවෙන්ට් එකක් තියෙනවා බී.ආර්.සී. එකේ. ඒක උදේ ඉඳලා තියෙනවා. අනිද්දා තියෙනවා කඩවත පුවක්වැටියේ. හැන්දෑවෙ තියෙනවා මුදුන්ගොඩ බේසම් පිට්ටනියේ. ඊළඟට තියෙනවා අනුරාධපුරේ.

අමුත්තා – නාරාහේන්පිට පස් කෑල්ලේ තියෙනවා කියලා බෝඩ් එකක් දාලා තිබුණා?

ගායකයා – ඔව් ඒක තියෙනවා. එතකොට මල්ලිලගෙ ෂෝ එක තියෙන්නේ කවද්ද?

අමුත්තා – අපේ ෂෝ එකක් නෑනේ.

ගායකයා – එහෙනම් ඔයා මගෙන් දින ඇහුවේ?

අමුත්තා – නෑ නෑ. මම කඩල බිස්නස් කරන කෙනෙක්. ෂෝ ටික අහගන්න මම ආවේ. කඩල කරත්තේ දාගන්න. තෑන්ක් යූ.

මේක වෙන කතාවක්. කතාවේ නම ‘සාස්තර කීම’. මේ සාස්තරකාරයා බොහොම හොඳට සාස්තර කියනවා කියලා හැමෝම අතර ප්‍රසිද්ධයි. ඒ නිසා එයා ගාවට සෙනඟ සෑහෙන්න එනවා. ඔන්න තව මහත්තයෙක් සාස්තර අහන්න ඇවිත්. මේ, ගුරුන්නාන්සේ සහ සාස්තර අහන්න පැමිණි අමුත්තා අතර ඇතිවන සංවාදයකි.

Sri Lanka Latest News

ගුරුන්නාන්සේ – පුළුටු ජාති කාලා එහෙම නෑ නේද?

අමුත්තා – මොනවද පුළුටු කියන්නේ?

ගුරුන්නාන්සේ – මස් මාළු පිළිහුඩු ජාති එහෙම.

අමුත්තා – පිළිහුඩුවො නම් කෑවෙ නෑ.

ගුරුන්නාන්සේ – මස් මාළු කරවල එහෙම කෑවද?

අමුත්තා – නෑ නෑ.

ගුරුන්නාන්සේ – හා. එහෙනම් සාත්තරේ කියවෙයි ඈ. තමන්ගෙ කාරණාව හිතේ තියාගෙන වැඳගන්නකො. කෝ නෝනා…?

අමුත්තා – හරියටම කියවුණා. සති තුනක් වෙනවා නැතිවෙලා.

ගුරුන්නාන්සේ – ඒක තමයි මම ඇහුවේ. මට දේවතාවුන්වහන්සේ පෙන්නුම් කළා. තාම තුන් මාසෙ දානෙ දුන්නෙ නෑනෙ?

අමුත්තා – තාම නෑ. අනේ කොහොමද එහෙම පේන්නේ? බලන් හිටියා වගේ කිව්වනේ.

ගුරුන්නාන්සේ – දැන් ප්‍රශ්නෙ තියෙන්නේ හොඳ තැනක ඉන්නවද, අපිට කරදර කරයිද කියන එකනේ? පොඩි පොඩි කරදර වගේ ආවද?

අමුත්තා – ඔව්. චූටි චූටි ඒවා. මට රෑට හීනෙන් පේනවා.

ගුරුන්නාන්සේ – හීනෙන් පේන එකේ ගැටලුවක් නෑ. මොකද මහත්තයට නෝනව පේන එකේ ප්‍රශ්නයක් නෑනෙ.

අමුත්තා – නෝනා ඉන්න කාලේ ප්‍රශ්න ටිකක් තිබ්බා. බෙල්ල මිරිකන්න එයිද?

ගුරුන්නාන්සේ – නෑ එන එකක් නෑ. පෙන්නුම් කරනවා එන්නෙ නැති බව. තුන් මාසේ දානෙ දෙන්න. දානෙ දෙන්න කලින් මෙන්න මේ අච්චුගහපු කොලේ ගන්න. මේකෙ තියෙනවා කරන්න ඕනෙ වතාවත් ටික. බය වෙන්න එපා කිසි දේකට.

අමුත්තා – මට දැන් මේ කියවිච්ච ටික හොඳටම ඇති.

ගුරුන්නාන්සේ – ඒ වුණාට මේ ටිකත් කරන්න ඕනෙ. මේකට ඕනෙ අඩුම කුඩුම ටිකත් මෙතනින්ම ගන්න පුළුවන්. ගෝලයා දෙයි. ඒකට 4500ක් වගේ සුළු මුදලක් ගනී. ඒ ටික අරගෙන ගිහින් ඒ කටයුතු ටික කරන්න. බෙල්ල මිරිකන්න එන්නේ නෑ. නෝනලා ජීවතුන් අතර ඉන්නකොට මරාගෙන කන්න ආවට, මළාට පස්සේ එන්නේ නෑ. මළාට එන්නෙ නෑනේ.

අමුත්තා – කොහොමද ඒ නෝනා ගැන කිව්වේ?

ගුරුන්නාන්සේ – ඒක තමයි මහත්තයා මේ සාස්තරේ තියෙන අරුමෙ….

සැකසුම-චානක ලියනගේ

SendShareShare
Previous Post

‘පරක්කු වෙලා ගොවීන්ට වතුර දීලා දැන් ගොවීන් වතුර ටිකට මරාගන්නවා! වහාම මේකට මැදිහත් වෙන්න!’ සජිත් කළ කතාව ඇමැති අමරවීර පිළිගනී! ‘ඔව් දැන් ගොයමත් මැරිලා ගොවීනුත් මරාගන්නවා! ඒක මම පිළිගන්නවා! අපිට මේක මීට කලින් විසඳන්න තිබුණා’ VIDEO I Sri Lanka Latest News

Next Post

කවදාවත් මුහුද දැකලා නැති ළමයි ජීවත් වෙන ‘ගලමුදුන ගම්මානය’ I Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

වගාවට තියා බොන්නවත් වතුර නැතිවේවි! විදුලි අර්බූදයක් ඒවි! ‘දිට්වා’ට මුහුණ දුන් අනුර එල්-නිනෝට මුහුණ දෙන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණදීම සඳහා ආයතන සතු සැලසුම් පිළිබඳ සොයා...

Read more
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.