සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය ඉදිරි මහමැතිවරණයට වෙනම තරග කරන බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දීමත් සමග එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දැඩි කලබලයට පත්ව එම පාර්ශ්වය යළි එක් කර ගැනීම සදහා මෙහෙයුම් කිහිපයක්ම දියත් කර ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව පළමු වටයේදීම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා කැදවා ඇති වික්‍රමසිංහ මහතා ඔහුට එම තනතුරින් ඉවත් වන ලෙසට දැනුම් දීමක් කර තිබේ.
එම දැනුම් දීමට අනුව ඊයේ (03) සවස අකිල විරාජ් කාරියවසම් මහතා මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂ නායකත්වයට ලබා දී ඇති බව වාර්තා වේ.
මීට අමතරව පක්ෂය යළි සමගි කිරීම සම්බන්ධයෙන් වික්‍රමසිංහ මහතා මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති බවද දැනගන්නට ඇත.










