• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවයි මහාපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුයි එක්ව කරන දැවැන්ත කුමන්ත්‍රණයක් සජිත් හෙළිකරයි! කුමන්‍ත්‍රණය පරද්දන්න ජනතාවත් එක්ක හිටගන්නා බවට ප්‍රතිඥාවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 7, 2023
in Exclusive
Reading Time: 6 mins read
A A
ආණ්ඩුවයි මහාපරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුයි එක්ව කරන දැවැන්ත කුමන්ත්‍රණයක් සජිත් හෙළිකරයි! කුමන්‍ත්‍රණය පරද්දන්න ජනතාවත් එක්ක හිටගන්නා බවට ප්‍රතිඥාවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට පාරිභෝගික සහ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් විශාල හඬක් නගන සිවිල් සංවිධාන සාමාජිකයන් සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටීම නිසා සිරගෙට යවන දැවැන්ත කුමන්ත්‍රණයක් වත්මන් රජයත් ඔවුන්ට හිතවත් මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනකුත් එකට එකතු වී ක්‍රියාත්මක කරන බවත් මේ කුමන්ත්‍රණය පරාජය කරන්න සමගි ජන බලවේගය එකට සිට ගන්නා බවත් මෙම සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ දේශපාලන මෙන්ම නීතිමය කටයුතු, සෙසු අයිතිවාසිකම් සම්බන්ධයෙන් ද මැදිහත් වී ඔවුන් සුරක්ෂා කිරීමට මැළි නොවන බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (7) විපක්ෂ නායක කාර්යාලයේ දී පසුගිය දා ගෑස් මිල වැඩි කිරීමට එරෙහිව සාමකාමී උද්ඝෝෂණයක නිරතව සිටිය දී වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සිවිල් සංවිධාන නියෝජිතයන් රැසක් සමග පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් පෙනී සිටින සමගි ජන බලවේගයවත් විපක්ෂ නායකවරයා ලෙස තමාවත් කිසිදු පාර්ශ්වයක මිල මුදලට යටත් නොවන බවත් වරදාන වරප්‍රසාද මිලමුදල්වලට ජනාධිපති අගමැති තනතුරුවලට තමා ඇතුලු පිරිස අලෙවි නොවන බවත් මෙසේ මිලමුදල්වලට තනතුරුවලට සිදු කරන ජරා ජීරණ දේශපාලනය නතර කිරීමට කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේ ම සිවිල් සමාජ සංවිධානවල සාමාජිකයන්ට සමගි ජන බලවේගය හා එක්වන ලෙසට ආරාධනා කරන බවත් අනාගතයේ දී ජනතා ආශිර්වාදය මත රාජ්‍ය බලය ලැබුණු පසු විපක්ෂයේ සිටියා මෙන් ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින බවත් තමා ඇතුළු පිරිසගෙන් ජනතාවට අඩුපාඩුවක් නොවීමට ද වගබලා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහි දී එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා ඇතුළු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ අත්වැල බැද ගැනීම සිදු විය.

එහි දී අදහස් දක්වමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා කියා සිටියේ සිවිල් සංවිධානවලට වත්මන් රජය යටතේ රැකවරණයක් නොමැති මොහොතක හා සිය ජීවිතය පවා අනතුරේ ඇති මොහොතක විපක්ෂ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ පාට භේදයකින් තොරව සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම ඉතා අගය කළ යුතු බවත් තමා ඇතුළු පිරිස සාමකාමී උද්ඝෝෂණයක නිරතවීමෙන් අනතුරුව වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සමගි ජන බලවේගයේ නීතිඥවරුන් 8 දෙනකු යොමු කර ඉන් නිදහස් වීමට උපකාරී කිරීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පිරිනමන බවත් ය.

එසේ ම ජනතාව වෙනුවෙන් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් ඉදිරිපත් වූ අවස්ථාවේදී මෙම අත්අඩංගු වීම සිදුවූ බවත් මේ මොහොතේ පවා තමා ඇතුළු සිවිල් සංවිධානවල නියෝජිතයන්ගේ ජීවිතවලට තර්ජනයක් ඇති බවත් ඒ සියලු අවස්ථාවල තමා ඇතුළු සිවිල් සංවිධාන වෙනුවෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් නැවත වරක් ස්තූති වන බවත් මෙහි දී අදහස් දක්වමින් එක්සත් ජාතික ස්වයං රැකියා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ප්‍රදීප් චාල්ස් මහතා පැවසීය.

මේ අවස්ථාවට පුරවැසියා සංවිධානයේ සභාපති රවීන්ද්‍ර නිශ්ශංක, ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන්, ස්වයං රැකියා කාන්තා සංගමයේ සභාපති ධම්මිකා රණසිංහ, ස්වයං රැකියා කාන්තා සංගමයේ ගම්පහ සභාපති ඩොරින් රන්දෙනිය, ආපන ශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක යොහාන් මනුනාථ, ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන් මාරඹගේ, ස්වයං රැකියා කාන්තා සංවිධානයේ ලේකම් ඩී. බී ගුණරත්න මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

SendShareShare
Previous Post

ඡන්දවලට සල්ලි නෑ කිව්වට ආණ්ඩුවේ ආදායම වැඩි වෙලාලු! Sri Lanka Latest News

Next Post

ගනුදෙනු නීත්‍යානුකූල නෑ! ගනුදෙනු පසුපස දේශපාලන සබධතා! නීතිපති තහනම් කරපු බොර තෙල් නැවක් නමයි කොඩියයි වෙනස් කරලා ආයෙත් ලංකාවට ඇවිත්! Sri Lanka Latest News

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.