• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා කියන ජනාධිපති ඡන්දෙට පාර්ලිමේන්තුවෙන් වෙන් කළ මුදල දෙන්නේ නෑ! තමන්ට ඕන වෙලාවට පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන ජනාධිපතිවරයා භාවිතයේදී තමන්ට ඕන විදිහට පාර්ලිමේන්තුව හසුරුවනවා! ජනතාව මේවා ප්‍රශ්න කරන තැනකට යා යුතුයි! I Sri Lanka Latest News

August 6, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මූල්‍ය බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට කියලා කියන ජනාධිපති ඡන්දෙට පාර්ලිමේන්තුවෙන් වෙන් කළ මුදල දෙන්නේ නෑ! තමන්ට ඕන වෙලාවට පාර්ලිමේන්තුව උත්තරීතරයි කියන ජනාධිපතිවරයා භාවිතයේදී තමන්ට ඕන විදිහට පාර්ලිමේන්තුව හසුරුවනවා! ජනතාව මේවා ප්‍රශ්න කරන තැනකට යා යුතුයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත්කර යවන මහජන නියෝජිතයින් මහජන මතයට පටහැනිව තමන් ගේ දේශපාලන බල පැවැත්ම පිණිස පාර්ලිමේන්තුව අවභාවිත කරන බවක් මෑත කාලිනව දක්නට ලැබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.Sri Lanka Latest News

විධායකයට අවශ්‍යය ලෙස පාර්ලිමේන්තුව හැසිරවීමක් පෙනෙන්නට  තිබෙන බවත්  මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායකයට ලැබී තිබෙන බැවින් ඒ බලය හරහා පාර්ලිමේන්තුව තමන්ට වුවමනා ලෙස ජනපතිවරයා විසින් හසුරවිමින් සිටින බවත් ඔහු කීවේය.

මාර්තු 12 ව්‍යාපාරයේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් විධායක අධ්‍යක්ෂවරයා ඊයේ (05) මේ බව ප්‍රකාශ කළේය. මහනුවර සර්වෝදය ශාලාවේ දී පැවැති සමුළුව අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද කීවේය.

“මහජන මතයට එරෙහිව නීති සම්පාදනය කිරීම් පාර්ලිමේන්තුවේ සිද්ධ වෙමින් තිබෙනවා. මේ රටේ බලය තිබෙන්නේ පර්ලිමේන්තුවට බවත් මූල්‍ය බලය ඇත්තේ ව්‍යවස්ථායකයට බවත් පිළිගන්නා ජනපතිවරයා පසුගිය අයවැය මගින් පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කර තිබිය දී එම මුදල් වියදම් කරන්න මුදල් ඇමැතිවරයා ලෙස අවස්ථාව ලබා දුන්නේ නැහැ. තමන්ට ඕන වෙලාවට පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයත් මූල්‍ය බලයත් සම්බන්ධව කතා කළාට භාවිතාවේ දී තමන් ගේ දේශාපලන බලව්‍යුහයට අවශ්‍යය විදිහට තමයි ඔහු ව්‍යවස්ථාදායකය හසුරුවමින් සිටින්නේ. මේවා සම්බන්ධව මේ රටේ පුරවැසියා ප්‍රශ්න කරන තැනකට යායුතුයි. “

“ඡන්දදායකයා හැටියට තමන් ගේ ඡන්දය පාවිච්චි කිරීමේ භුමිකාවෙන් ඔබ්බට ගොස් දේශපාලනඥයා හා රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රශ්න කරමින් තමන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පුරවැසියා නිර්මාණය කිරීම අප ගේ අරමුණයි. මහජන බලය තමයි ප්‍රධාන වෙන්නේ කියලා ජනපතිවරයා දින දෙකකට පෙර ප්‍රකාශ කළා . ඒ වගේම ඔහු පැවසුවා මේ රටේ ව්‍යවස්ථාදායකය තමයි ප්‍රමුඛ වෙන්නේ කියලත්. මේ ප්‍රමුඛ ව්‍යවස්ථාදායකයට බලය ලබා දෙන්නේ මේ රටේ පුරවැසියා යි. ඒ නිසා පුරවැසියා ශක්තිමත් කිරීම අපේ වගකීමක්. ජනාධිපතිවරයා එක පැත්තකින් පුරවැසියා ගේ අයිතිය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව බලවත් කියත් දී අනෙක් පැත්තෙන් ඒ බලවත් භාවය ඔවුන්ට ලබාදෙන ඡන්දය පුරවැසියා වෙතින් උදුරා ගනිමින් සිටිනවා. පළාත් සභා, පළාත් පාලන මැතිවරණ පමණක් නොව ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පවා අවිනිශ්චිත තත්ත්වයකට අද පත්ව තිබෙනවා. “

“අල්ලස, දූෂණය, නාස්තිය නිසා මෙතරම් ආර්ථික ආගාධයකට රට වැටී තිබුණත් මේ මොහොතේත් අල්ලස, දූෂණය, නාස්තිය ප්‍රබලව සිදු වෙනවා. රුපියල් පන්සීයට ගන්න තිබුණු බෙහෙත් පෙත්ත මහනුවර ජාතික රෝහල මගින් රුපියල් 5000 කට ගත්ත බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා. තවමත් අපට ලැබෙන විදේශ ණය ආධාර වලින් මේ රටේ දේශපාලනඥයින් හා නිලධාරීන් අල්ලස් හා කොමිස් ගන්නවා නම් ඒක බරපතල තත්ත්වයක්. මහජනයා මේවා සම්බන්ධව ප්‍රශ්න නොකරන නිසා තමයි ඒ අයට මේවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. “

“රටක මැතිවණ පැවැත්විය යුත්තේ පාලකයාට අවශ්‍යය වෙලාවට නොව මැතිවරණ සිතියමට අනුවයි. ලෝකයේ දියුණු රටවල දකින්න ලැබෙන තත්ත්වයක් ඒකයි. අපේ රටේ අවාසනාවකට මැතිවරණ පවත්වන්නේ පාලකයාට ඕන වෙලාවටයි. මැතිවණ කොමිසමට මැතිවරණ පැවැත්වීම සඳහා ස්වාධීන බලයක් නැහැ. දැනට මැතිවරණ කොමිසමට පත් කරලා තියෙන්නේ සාමාජිකයෝ තුන් දෙනෙක් පමණයි. ඉතිරි සාමාජිකයින් පත් කරන්න පාලකයින් තවමත් ක්‍රියා කරලා නැහැ. මේ කොමිසමට මැතිවරණ පවත්වන්න අවශ්‍යය මූල්‍ය ස්වාධීන භාවය ලබා දී නැහැ. “

“බලයේ සිටින පාලකයාට අවශ්‍යය වෙලාවට මැතිවරණ පවත්වන එක ප්‍රජාතන්ත්‍රවාද ය නොවෙයි. මේ මොහොත් අපට පේන්නේ බලයේ ඉන්න පක්ෂයට වඩා තනි පුද්ගලයෙකුට ඕන ආකාරයට මේ රටේ මැතිවරණ කැලැන්ඩරය හසුරවමින් ඉන්නා බවයි. පළාත් පාලන මැතිවණය මෙන්ම පළාත් සභා මැතිවරණයත් අකුලා දමා අවසානයි. පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනපතිවරණය නියමිත කාලයේදී පවත්වයි කියලා අපිට විශ්වාසයක් නැහැ. මේ රටේ පුරවැසියා පෙළ ගැසුනොත් පාලකයින්ට අවශ්‍යය විදිහට මැතිවරණ සිතියම වෙනස් කරන්න බැහැ. පාලකයා තමන්ට වාසි මැතිවරණයක් එනතුරු මැතිවරණයක් නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්. “
“මැතිවරණය සඳහා මුදල් නැති ආණ්ඩුව ජන සංගණනයට රුපියල් කෝටි 300 ක පමණ මුදලක් වියදම් කරනවා. තමන්ට අවශ්‍යය මැතිවරණය එනතෙක් මේ රටේ ජනතාවට ඡන්ද අයිතිය නොදී ඉන්න තමයි මේ අය උත්සහ කරන්නේ. අද රට පත්ව තිබෙන තත්ත්වට සම්බන්ධයෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරයක් වගකිය යුතුයි. “
‘මේ පාර්ලිමේන්තුවේ 50 % කට වැඩි පිරිසක් අවුරුදු 15 කට වඩා කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයයි. වත්මන් ජනපතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට වසර 40 ක්. විපක්ෂනායකවරයාත් දශක කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. රටේ ආර්ථික බිඳ වැටීම සම්බන්ධයෙන් මේ අය වග කියන්න ඕන.”

SendShareShare
Previous Post

සැප්තැම්බර්වලට කලින් පළාත් සභා හරි පළාත් පාලන ඡන්දය හරි එනවා! සීමා නිර්ණය කොමිසමේ සභාපති හිටපු මැකොගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Next Post

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කෝටි එකහමාරක යකඩ හොරකමට 22ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.