දැනට වසා දමා ඇති යාපනයේ කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ගොඩගසා තිබූ රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා යකඩ තොගයක් සොරකම් කළ පුද්ගලයින් විසි දෙදෙනෙකු කන්කසන්තුරේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ. (Sri Lanka Latest News)
සිමෙන්ති කම්හලේ පාලන නිලධාරියකු පොලිසියට කරන ලද පැමිණිල්ලකින් පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණයකින් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
සැකකරුවන් අත්අඩංගුවට ගන්නා විට ඔවුන් හොරකම් කරන ලද යකඩ පිටස්තර ව්‍යාපාරිකයකුට අලෙවි කොට ඇති අතර, පොලිසිය ඒ සම්බන්ධයෙන්ද පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ.
සැකකරුවන් විසි දෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කන්කසන්තුරේ පොලිසිය පියවර ගෙන ඇත.
ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ සභාපති ජගත් ධර්මප්‍රිය පවසන්නේ මේ වන විට එම සිමෙන්ති කම්හලේ තිබූ යකඩවලින් රුපියල් කෝටි 22කට වඩා වැඩි වටිනාකමකින් යුත් යකඩ හොරුන් පැහැරගෙන ගොස් ඇති බවයි.
එම සිමෙන්ති කම්හලට සපයා ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවීම නිසාත් මේ දිනවල වෙළෙඳපොළ වටිනාකම අනුව යාපනයෙන්ම යකඩ කිලෝවක් රුපියල් 100 බැගින් අලෙවි කිරීමට හකියාව ලැබී තිබීමත් නිසා කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ වසාදමා ඇති කොටසේ යකඩ හොරකම් කිරීම වැඩි වී තිබේ.
lankasara










