2024 වසරේ ජනවාරි මාසයේ සිට ජල පාරිභෝගිකයන්ට හිමිවන මාසික ජල බිල්පත විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ සේවා හරහා ලබාදීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබෙනවා. (Sri Lanka Latest News)
ඒ, අනුව එම සේවාව සඳහා කඩිනමින් ලියාපදිංචි වන ලෙසයි ජල පාරිභෝගිකයින්ට ජල සම්පාදන මණ්ඩලය දැනුම් දෙන්නේ.
එමෙන්ම එළඹෙන ජනවාරි පළමු වනදා ජල පාරිභෝගිකයන් සඳහා ස්ථානීය ගාස්තු අඩු කිරීමේ විද්‍යුත් බිල්පත් සේවාවක් ද හඳුන්වා දීමට නියමිත බව තොරතුරු වාර්තා වනවා.
මේ අතර විදුලි ගාස්තුව ඇතුළු ජල පිරිපහදුවට අවශ්‍ය අමුද්‍රව්‍ය මිල අඩු වුවහොත් ඉදිරි මාස 06 තුළ ජාල ගාස්තු අඩුකළ හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පියල් පත්මනාථ සඳහන් කළා.
madyawediya










