මෙරට සෑම ක්ෂේත්රයකම අඩු වැඩි වශයෙන් සදාචාර පරිහානියක් හා බිද වැටීමක් දක්නට ලැබෙන බවත් බුද්ධ කාලයේ මෙන්ම අද දිනත් සංඝ සභාව තුළ ද සාසනයට නොගැලපෙන විනය විරෝධී සිදුවීම් දක්නට ලැබෙන බවත් බහුතරයක් ස්වාමීන් වහන්සේලා සාසනය තුළ හොදින් සිටියත් සුළුතරයක් දෙනා විනය විරෝධී කටයුතුවල නිරත වන බවත් මේ පිරිස සම්බන්ධයෙන් විවේචනය සිදු කිරීමට සෑම පුද්ගලයකුටම අයිතියක් නොමැති නමුත් වර්තමානයේ සමාජ මාධ්‍ය හරහා සමස්ත භික්ෂුන්ම ඉලක්ක කර ගෙන මඩ ප්‍රචාර සිදුවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මේ තත්ත්වය පාලනය සදහා ස්වාමීන්වහන්සේලාට ධර්ම සංඝායනාවක් සිදු කළ හැකි නම් ඊට අවශ්‍ය සිව්පස ලබා දී හැකි උපරිම උපකාර කිරීමට සුදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ඊයේ (1) සෝමාවතී රජමහා විහාරයේ වස් ආරාධනා පිංකමට එක්වූ අවස්ථාවේදීය.
බුද්ධ සාසනය ඉලක්ක කර ගෙන මෙසේ එල්ල වන පාපතර චෝදනා පරාජයකළ යුතු බවත් එසේ චෝදනා එල්ල කරමින් භික්ෂුවට හිමි නිසි තැන නැති කිරීමට ගන්නා උත්සාහ පරාජය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය .
මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ආදරණීය බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියත් එතුමියගේ මෑණියන් ඇතුළු පිරිසක් එක් විය.
එසේම සෝමාවතී රජ මහා විහාරයේ දලදා පෙරහැරේ නැටුම් කණ්ඩායම් සදහා රුපියල් ලක්ෂ 10ක මුදලක් ජලනි ප්‍රේමදාස මැතිණිය විසින් පූජා කරන ලදී.























