වවුනියාව බන්ධනාගාරය වහාම ක්‍රියාත්මක වන පරිදි අගොස්තු මස 15 වෙනිදා දක්වා වසාදැමීමට බන්ධනාගාර බලධාරීන් ඊයේ (31) තීන්දු කර ඇත. (Sri Lanka Latest News)
බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනකුට වසූරිය හා සමාන රෝගයක් වැළදීමත්, තවත් සැක සහිත රෝගීන් කීප දෙනෙකුත් බන්ධනාගාරයෙන් හමුවීමත් සමගම සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත බන්ධනාගාරය වසාදමනු ලැබීය.
බන්ධනාගාරයේ සිටි සියළුම රැදිවියන්ට අවශ්‍ය ප්‍රතිකාර හා ඖෂධ ලබා දී ඇති අතර, රැඳවියන් සියලුම දෙනා එන්නත් කරණයටද ලක් කොට තිබේ.
මේ වනවිට ලංකාවෙන් වසූරිය රෝගය තුරන් කර ඇති පසුබිමක වැළඳි ඇත්තේ වසූරිය නම් එය වැළඳෙන්නට හැකි වන්නේ විදේශීය පුද්ගලයෙකුගෙන් බවත් මෙම රෝගය කුමක්ද යන්න පිළිබඳ දීර්ඝ ලෙස පරීක්ෂණ කරන බවත් සෞඛ්‍ය අංශ කියයි.
වවුනියාවේ සෞඛ්‍ය බලධාරීන් බන්ධනාගාරය තුළට පැමිණ එහි තත්ත්වය හා රෝගීන් නිරීක්ෂණය කොට අවශ්‍ය උපදෙස් බන්ධනාගර නිලධාරීන්ට ලබාදී ඇති අතර, එම නිලධාරීන් ප්‍රකාශ කළේ අධික රැදිවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සිටීම නිසා තත්ත්වය බරපතල විය හැකි බවය.
මීට වසර තුනකට පමණ පෙර සිට වවුනියාව බන්ධනාගාරයේ ඉඩකඩ ප්‍රමාණවත් නොවන නිසා රැඳවියන් පිරිස අඩු කරන ලෙස හෝ බන්ධනාගාරයේ පහසුකම් වැඩිදියුණු කරණ ලෙස ඉල්ලීම් කීපයක්ම කෙරුණු නමුත් ඊට බලධාරීන්ගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව බන්ධනාගාර නිලධාරියෙකු කියා සිටියේය.
වවුනියාව බන්ධනාගරයේ සිටි රැඳවියන් වසංගතය නිසා වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත මාරු කොට තිබේ.
lankasara










