සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී තිබේ.Sri Lanka Latest News
එසේම එහි 2 වන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් සමඟ ඛනිජ තෙල් මෙහෙයුම් ආරම්භ කරන බවද අමාත්‍යවරයා දැනුම් දී ඇත.










