සෞඛ්‍ය සේවකයින්ට මාධ්‍ය වෙත තොරතුරු ලබාදීම වළක්වාලමින් පනවා ඇති චක්‍රලේඛය අහෝසි කිරීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොමැති බව සෞඛ්‍ය ලේකම්වරයා පවසයි.Sri Lanka Latest News
අද (31) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා ඒ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා,
“ජනමාධ්‍යට ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් අප විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය රජයේ ආයතන සංග්‍රහයේ තියෙන විධිවිධානවලට අනුකූලව තමයි සඳහන් කළේ. මම හිතන්නේ අපිට මේ චක්‍රලේඛය ඉවත් කර ගැනීමට කිසිදු අවශ්‍යතාවයක් නැහැ. ඒ පිළිබඳව ඒ රාජ්‍ය නිලධාරීන් දැනුවත්වෙලා අනුගත වෙලා කටයුතු කරන්න ඕනේ.”
ප්‍රශ්නය – වෘත්තීය සමිති තුන්වැනිදා දැඩි ක්‍රියාමාර්ගයකට යන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ ගැන දැනුවත් වෙලා තියෙනවද ?
“අප බලමු එදාට ඒ තත්ත්වය කොහොමද කියලා. අපි ඒ තත්ත්වයට මුහුණුදෙන්න ඉතාමත් සූදානමින් සිටිනවා.”










