කොළඹ ප්‍රධාන ස්ථාන කිහිපයක උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ පිරිසකට එරෙහිව අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.Sri Lanka Latest News
කොටුව පොලීසිය විසින් සිදුකළ කරුණු දැක්වීමකට අනුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
ඒ අනුව අද දහවල් 12.00 සිට පස්වරු 06.00දක්වා කාලය තුළ පහත සඳහන් ස්ථාන ආශ්‍රිතව උද්ඝෝෂණ පැවැත්වීම තහනම් වනු ඇති.
ජනාධිපති ලේකම් කාර්යාලය,
ජනාධිපති මන්දිරය,
මුදල් අමාත්‍යාංශය,
මහ බැංකුව,
පොලිස් මූලස්ථානය,
කොටුව දුම්රිය ස්ථානයේ සිට CTO මංසන්ධිය දක්වා වන ඕල්කට් මාවත,
CTO මංසන්ධියේ සිට සෙරමික් මංසන්ධිය NSA වටරවුම දක්වා ඇති ලෝටස් මාර්ගය,
යෝර්ක් වීදිය,
බැංකු මාවත,
චැතැම් මාවත,
මුදලිගේ මාවත,
බාරොන් ජයතිලක මාවත,
පොලිස් මූලස්ථානය ඉදිරිපිට,
බාලදක්ෂ මාවත
චෛත්‍ය පාර,
ජනාධිපති මාවත,
ගාලුමුවදොර වටරවුමේ සිට NSA වටරවුම දක්වා ගාලු පාර ද ජනාධිපති ලේකම් කාර්යාලය වෙතද ගාලු මුවදොර පිටිය පරිශ්‍රයන්,











