• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අස්වැසුමේ ප්‍රශ්නත් අරන් සමෘද්ධි වෘත්තීය සමිති 2ක් සජිත් හමුවන්න විපක්ෂනායක කාර්යාලයට එයි! අස්වැසුමට ලැබුණු සල්ලි බෙදන්න ගිහින් ආණ්ඩුව අනාගත්ත විදිහ සජිත් පැහැදිලි කර දෙයි! සජබය බලයේ හිටියා නම් කරන දේත් කියයි! VIDEO I Sri Lanka Latest News

July 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
එක්ස්ප්‍රස් පර්ල් විවාදයට කලින් විපක්ෂනායක පරිසර අධීක්ෂණ කාරක සභාවේදී තියෙන ප්‍රශ්න ඔක්කොම නිලධාරීන්ගෙන් අහයි! නිලධාරීන් මැදට පැන උත්තර දෙන්න ගිහින් විපක්ෂනායකගෙන් හොඳට අහගනී! VIDEO & PHOTOS
Share on WhatsAppShare on Facebook

අස්වැසුම විවාදයෙන්ම එය ‘අස්වැසුමක්’ ද ‘ඇස්බැන්දුමක්’ ද කියා ප්‍රකාශ කළේ තමා බවත් එය ‘ඇස්බැන්දුමක්’ ලෙස දැනදැනත් රාජ්‍ය පාර්ශ්වයේ මැතිඇමතිවරු එදින ඊට පක්ෂව අදහස් ප්‍රකාශ කළ බවත් ඔවුන් තම දේශපාලන බලවතුන්ගේ විධානවලට අනුව වහලුන් එහෙයියන් අතකොලුවන් ලෙස එදින කටයුතු කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ දී පොදුජන සමෘද්ධි වෘත්තීය සංගමය සහ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී ය.

සමෘද්ධි ව්‍යාපාරය පවුල් ලක්ෂ 17ක් සෘජුව සහ පවුල් ලක්ෂ 40ක් ගණුදෙනුකරුවන් ලෙස මෙරට සමාජ තලය තුළ ක්‍රියාත්මක වැදගත් වැඩසටහනක් බවත් එහි ඉතා හොඳ ගුණාංග මෙන්ම සුළු අඩුපාඩු තිබෙන බවත් එම සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ හරිහැටි නිවැරදි අධ්‍යයනයකින් තොරව කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව දත්ත කේන්ද්‍රීය නොවූ ක්‍රම හරහා අස්වැසුම ක්‍රියාත්මක කළ බව පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ දරිද්‍රතාවයෙන් පෙළෙන පුද්ගලයන්ට ලබා දීමට විදේශීය ආයතනයකින් මුදල් ආධාර ලැබුණු විට එය කෙසේ හෝ පවුල් ලක්ෂ 20කට ලබා දීම සඳහා සාවද්‍ය සමීක්ෂණයක් හරහා අස්වැසුම ලෙසින් ක්‍රියාත්මක කළ බව යි.

තමා රටේ ජනාධිපතිවරයා වූවා නම් මෙහි දී ප්‍රථමයෙන් ම සිදු කරනු ලබන්නේ කොවිඩ් තත්ත්වයෙන් පසු රටේ ගෘහයක සමාජ ආර්ථික ආදායම් වියදම් සමීක්ෂණයක් සිදු කර දරිද්‍රතා රේඛාව හඳුනා ගන්නා බවත් ඒ තුළින් දුප්පත්කම තුරන් කිරීමේ වැඩසටහන් සඳහා සැබෑ දුප්පතුන් හඳුනා ගන්නා බවත් මෙහි දී විපක්ෂ නායකවරයා පැවසීය.

මේ වන විට ජුලි මාසයේ දි සමෘද්ධිය සහ අස්වැසුම ලබා නොදුන් බවත් සියලු කටයුතු පටලවා ගෙන දැන් ජන සංගණනයක් සිදු කිරීමට උත්සාහ කරන බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කියා සිටියේ වෙරිටේ රිසර්ච් ආයතනයට අනුව මෙරට විදුලි පාරිභෝගිකයන් විසින් විදුලිය පරිභෝජනය කරන ප්‍රමාණය මත පදනම්ව දරිද්‍රතා රේඛාව නිවැරදිව හඳුනා ගත හැකි බවත් එය සියයට 80කට වඩා සාර්ථක විද්‍යාත්මක ක්‍රමවේදයක් බවත් පැවසීය. මේ තුළින් අස්වැසුම සඳහා වැය වූ විශාල පරිපාලන වියදම් පවා අවම කර ගත හැකි බවත් පැවසීය.

සහනාධාර ලබා දිය යුත්තේ ඊට සුදුසකම් ඇති පුද්ගලයන්ට බවත් එම පුද්ගලයන් සොයා ගත යුත්තේ දත්ත කේන්ද්‍රීයව විද්‍යාත්මකව අපක්ෂපාතීව සියැසින් අවබෝධ කර ගැනීමේ ක්‍රම 03න් බවත් එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය තුළ මේ සම්බන්ධයෙන් තමා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දැවැන්ත හඩක් නැගීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා විසින් ඊයේ දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ජනාධිපතිවරයාගේ සෘජු නියෝග ආණ්ඩුකාරවරුන් හරහා පළාත්සභාවල ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ජාතික ප්‍රමුඛතාවට ඇහුම්කන් දීම බවත් මේ වන විට ඇති ජාතික ප්‍රමුඛතාව වන්නේ පිරිසුදු ජනවරමක් ලබා දීම බවත් ඒ තුළින් වඩාත් හොඳින් රට ඉදිරියට ගෙන යා හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

එබැවින් විවිධ පාර්ශ්වයන්ට අවශ්‍ය පරිදි සමෘද්ධි සහනාධාරය විනාශ කිරීමට ඉඩ නොදෙන බවත් එහි ගැටලු ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට කටයුතු කළ යුතු බවත් මේ වැඩසටහන් විද්‍යාත්මකව දත්ත මත කේන්ද්‍රීයව මෙන්ම මනුෂ්‍යකම මූලික කර ගෙන ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

ජනාධිපති නැගිටලා යනවා කියන කෑල්ල නම් නෑ! සර්ව පාක්ෂික සමුලුව ඇතුළේ උණුසුම් වෙච්ච තැන් නම් මේ වීඩියෝ එකේ තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

සිසු සැරිය බස් රථයක් අනතුරකට ලක්වෙයි! සිසුන් තිදෙනකුට තුවාල! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.