2015 වසරේ ෂියා මුස්ලිම් පල්ලියකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරමින් පුද්ගලයන් 27 දෙනකුට මරු කැඳවූ ISIS ප්‍රහාරයට සම්බන්ධවූ පුද්ගයකු ඇතුළු 05දෙනකු කුවේටයේදී එල්ලා මරා ඇත.Sri Lanka Latest News
මෙලෙස මරණ දඬුවම ක්‍රියාත්මක කළ වරදකරුවන් අතර ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුද සිටින බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මධ්‍යම බන්ධනාගාරයේදී මෙම රැඳවියන් එල්ලා මරා දමා ඇති බව කුවේට් රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.
වාර්තා සඳහන් කර ඇත්තේ, නඩු එල්ලා මැරූ පස්දෙනා අතර මුස්ලිම් පල්ලියට පහර දුන් පුද්ගලයා, මිනීමැරුම්වලට වරදකරුවන් වූ තිදෙනෙකු සහ වරදකරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සිටින බවයි.
වරදකරු වූ මිනීමරුවන්ගෙන් එක් අයෙක් ඊජිප්තු ජාතිකයෙක්, තවත් අයෙක් කුවේට් ජාතිකයෙක්, වරදකරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශ්‍රී ලංකාවෙන් පැමිණි අය බව AP පුවත් සේවය වාර්තා කරයි.










