• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බොලිවුඩයත්-කොලිවුඩයත් මසාලාවක් කළ සර් ඇට්ලී I Sri Lanka Latest News

July 23, 2023
in Exclusive, Heart, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමස්තයක් විදියට ගත්තහම හොලිවුඩ් නිවුස්වලට වැඩිය බොලිවුඩ් – කොලිවුඩ් නිවුස් අහන්න වගේම බලන්න ලංකාවේ සිනමා ලෝලීන්, එහෙමත් නැත්නම් චිත්‍රපට පිස්සන් වැඩි කැමැත්තක් දක්වනවා. ඒ කැමැත්ත ඒ විදියට ඇතිවෙලා තියෙන්නේ ඉන්දියාවට අපට අසල්වැසිකම් කියන රට හින්දද? නැත්නම් වෙන හේතුවක් හින්දද කියලා නම් කියන්න දන්නේ නැහැ.(Sri Lanka Latest News)

කොහොමත් මේ කියන්න පාරම්බාන කතන්දරේ හේතුපාඨය වෙන්නේ නම් ඒ කැමැත්ත අකැමැත්ත ගැන දිග පළල නෙවෙයි. ඒක ඇවිදින් බොලිවුඩයයි කොලිවුඩයයි එකට පටලැවුණු හරිම රසවත් ඕපාදූපයක්.

මොකක්ද ඒ රසවත් ඕපාදූපය? කා ගැනද ඒ ඕපාදූපය? ෂාරුක් ඛාන්, රන්වීන් කපූර්, තලපති විජය, කමල් හසන්, එහෙමත් නැත්නම් දීපිකා පදුකෝන්, අයිෂ්වර්යා රායි,
බොලිවුඩ් කොලිවුඩ් පටලැවුණු රසවත් ඕපාදූපයක් කිව්වම කාගෙත් හිතට මුලින්ම එන්නේ අන්න ඒ නම් සෙට් එක තමයි. හැබැයි ඕපාදූපයට මුල් වුණේ නළුවෙක් හෝ නිළියක් නෙවෙයි. ඕපාදූපයට රසම රස තොරතුරු ටික දුන්නේ ඈ… එහෙමත් නැත්නම් මේ මොහොත වන විට සුපිරි මට්ටමට ඇවිදින් ඉන්න ඉන්දියානු සිනමාවේ චිත්‍රපට නිර්මාණකරුවෙක්.

ඔහුගේ නම ‘ඇට්ලි’. ‘ඇට්ලි’ කියන්නේ ඇට්ටි හැලෙන පාරට්ටුවට අද ඉන්දියාව පුරා කතාබහට ලක්වෙච්ච හරි අපූරු චරිතයක්. ඇට්ලිගේ පැටිකිරිය ගැන කියන්න නම් මීට අවුරුදු කිහිපයක් උඩට දුවන්න වෙනවා. හරියටම කියනවා නම් ඔන්න අපි යනවා 2013 අවුරුද්දට. 2013 අවුරුද්දේ මේ කියන ‘ඇට්ලි’, ‘ඇට්ලි’ කියන තනි නමින් අද හිට් වෙලා හිටියට ඇට්ලිගේ සම්පූර්ණ නම ‘අරුන් ඇට්ලි කුමාර්’. මේ කතන්දරයෙහි අපි ඔහුට ඇට්ලි කියලම කියමු. ඒ නමේ හරි අමුතු විදියේ ‘කික්’ එකකුත් තියෙනවා වගේ දැනෙනවා.

ඇට්ලි සමාජය හමුවේ එහෙමත් නැත්නම් මිනිසුන් අතර මුල් වතාවට කික් එකක් වුණේ 2013 සමාජ ජාල වෙබ් අඩවි හරහා ඔහු විසින්ම මුදාහැරිය පින්තූරයක් නිසයි. ඒ පින්තූරය නිකන්ම නිකන් පින්තූරයක් නෙවෙයි. බොලිවුඩයේ ‘කිං ඛාන්’ ඇට්ලිගේ කර වටේ අත දාගෙන බොහොම යාළුකමට ඉන්න සීන් එකක් තමයි ඒ පින්තූරයේ තිබුණේ. පින්තූරය උඩින් ඇට්ලි වචන තුන හතරකුත් ඉංග්‍රීසියෙන් කොටලා තිබුණා. ඒ, Shah Rukh sir and me කියලයි.

නිකමට වාගේ ඇට්ලි දාපු ඒ පින්තූරය ඔහු හිතුවට වඩා වයිරල් වුණා. වයිරල් වුණේ හොඳ අතට වඩා නරක අතටයි. නරක අතටය කියලා කිව්වේ කිං ඛාන්ට සමීපව හිටපු ඒ පින්තූරය නිසා ඇට්ලි බොහෝ දෙනකු අතර උපහාසයට මෙන්ම අපහාසයටද ලක්වුණා.

‘කිං ඛාන් එක්ක ඔය විදියට ඉන්න මෙයා කවුද?එයාම එඩිට් කරපු ෆොටෝ එකක්ද කොහෙද මේ…’

ඉන්දියානු කොල්ලො කෙල්ලො මැදිවියේ ගැහැනු මිනිස්සු ඇට්ටි ලස්සනට හිනාවෙලා ෂාරුක් ඛාන් එක්ක ඉන්න ෆොටෝ එකට දුන්නේ අන්න එහෙම ප්‍රතිචාරයක්. තව තව දරන්න බැරි තරම් පල් හෑලිද ඒවායේ තිබුණා. ඇට්ලි නෙවෙයි ඒවා පයිසෙකටවත් ගණන් ගත්තේ. ඔහු ඒවට උත්තර දෙන්නවත් කරුණු පහදන්නවත් ගියේ නෑ.

ඇයි කට්ටිය ඇට්ලිට ඒ විදියට අපහාස කළේ? ෂාරුක් හෙවත් කිං ඛාන් එක්ක ෆොටෝ එකකට උන්නාය කියලා කෙනකුට විශ්වාස කරන්න බැරි තරමට ඇට්ලිට තිබුණේ හෑල්ලුවට ගිය ප්‍රතිරූපයක්ද?

2013 කියන්නේ ඇට්ලි ‘සංකර්’ කියන වාණිජ මට්ටමේ දමිළ බයිස්කෝප් හදන අධ්‍යක්ෂවරයාගේ ඇසිස්ටන්ට් විදියට වැඩකරපු පොඩි කොලු ගැටයෙක් අහම්බෙන් වාගේ සෙට් එකකදී මුණගැහිච්ච වෙලාවක තමයි ඒ කාලෙදී ඔහු ෂාරුක් එක්ක ෆොටෝ එක ගත්තේ.
‘සර් ඔයා එක්ක ෆොටෝ එකට ඉන්න පුළුවන්ද?ප්ලීස්…’

ඇට්ලි ඒ අහඹු වෙලාවෙදී ෂාරුක්ගෙන් ඇහුවා. බොහොම නිහතමානී සුපිරි තරුවක් වෙච්ච ෂාරුක් එකපයින්ම ඔහුට ඉඩ දුන්නේ ඇට්ලි බලාපොරොත්තු නොවුණු විදියට ඔහුගේ කර වටා අතකුත් දාලයි. ඇට්ලිට මාර ‘කික්’ එකක් වුණා ඒ සංගදිය. ඒ හින්දම තමයි ෆොටෝ එක දඩිබිඩියේ සමාජ ජාල වෙබ් අඩවි හරහා හුදාහැරුණේ. චිත්‍රපට අධ්‍යක්ෂවරයකුගේ ඇසිස්ටන්ට් විදියට හිටපු කිසිම කෙනෙක් හරියකට නොදන්න මේ හාදයට ෂාරුක් එක්ක ගත්ත ඒ ෆොටෝ එක කෝටියකටත් වඩා වටිනා වස්තුවක් වුණා. සදාචාරාත්මක නොවූ සමහරු ඒ ෆොටෝ එකට දැම්ම කින්ඩිය ඔහුට ගානක් නැතිවුණේ ඒකයි.

ඒ ෆොටෝ එකේ සිදුවීමෙන් පස්සේ ඇට්ලි චිත්‍රපට නිර්මාණකරුවකු විදියට ඉතා සුන්දරව නිර්මාණය කරපු ‘රාජා රාණි’ ෆිල්ම් එක තියටර්වලට එන්නෙ ඔහු හිතුවටත් වඩා ‘රාජා රාණි’ ප්‍රේක්ෂකයන් අතර අතිශයින්ම ජනප්‍රිය වෙනවා. භාෂා කිහිපයකින්ම ඉන්දියාව පුරා ප්‍රාන්ත ගණනාවකම ‘රාජා රාණි’ තිරගත වුණත් ඇට්ලිගේ නම ලොකුවට හිට් වුණේ නැහැ. ඔහු ඒ ගැන තැවුණෙත් නෑ. ‘අරුන් ඇට්ලි කුමාර්’ තම හීනයට තම ටාගට් එකට යන්න හදන්නේ කලබල නැති හෙමින් ගමනක්.

ඇට්ලි ඔහුගේ හීනය හැබෑ කරගන්න කලබල නොවුණේ ඇයි?

ඇට්ලි දැනගෙන හිටියා එකම එක කාරණයක්. ඒ තමයි තමා තුළ ඉන්න කවුරුත් තවම නියමම විදියට හඳුනාගත්තේ නැති අපූරු නිර්මාණකරුවා කවදා හරි කොලිවුඩ් එක හොල්ලනවා කියලා. නිවුණු තරුණ කලාකාරයකු වෙච්ච ඔහුගේ ඒ නිමිත්තට නියමාකාරයට පණ දෙන්න ඉස්සරහට එන්නේ ‘තලපති විජය’යි. වයස් භේදයක් නැතුව ඒ වෙනකොට තම අණසක පතුරුවන මන්තරය ජප කරමින් හිටපු තලපති විජය, ඇට්ලිගේ ස්ක්‍රිප්ට් එකක් තම සුපිරි ජනප්‍රියත්වය තහවුරු කරන චිත්‍රපටයක් ලෙස කොලිවුඩයට අරන් එන්නේ ඇට්ලි ගැන ලොකු විශ්වාසයක් හිතලයි. ඒ තමයි ‘තේරි’ (Theri) චිත්‍රපටය.

‘තේරි’ කියන්නේ ඇට්ලිගේ වගේම තලපති විජයගේ සිනමා ගමනෙහි හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් ඒකෙ ආයෙ දෙකක් නැහැ. අන්න එතැන ඉඳන් අදටත් විජය, ඇට්ලිටත්, ඇට්ලි, විජයටත් තම තමන්ව කොලිවුඩය තුළ රජ කරවපු ඒ අමරණීය ඩීල් එක ගැන දෙන්නට දෙන්නා ගත්ත තීරණය සිහිකරලා සවුදිය පුරනවා.

ඉන් පස්සේ තමයි ඔන්න ඇට්ලි කොලිවුඩ්වල සුපිරි නිර්මාණකරුවන් අතර දිදුලන තරුවක් වෙන්නේ. කෝටිපති නිෂ්පාදකවරු ඇට්ලිගෙන් දවස් වෙන්කර ගන්න ගේ ඉස්සරහා පෝලිම් හැදෙන කොට, තලපති විජයලා වාගේ සුපිරි කොලිවුඩ් තරු ඇට්ලිගේ ෆිල්ම් එකක රඟපාන්න පොර ඇල්ලුවා. චිත්‍රපට නිෂ්පාදනයට දැඩිව ඇලුම් කළ තලපති විජය තම චිත්‍රපට බොහොමයක්ම දුන්නේ ඇට්ලිටයි.

ඇට්ලිට තිබුණේ කිසිවකු හමුවේ තවත් කෙනකුට වචනයෙන් පහදා කියන්න බැරි සියුම් වූ නිර්මාණශීලී හැකියාවක්. ඔහු රහ හොඳින්ම හඳුනාගත් කදිම නිර්මාණකරුවෙක්. ඔහු ස්ක්‍රිප්ට් එකක් ලියනකොට එහි රඟපෑ යුතු නළු නිළියන්වත් මනසින් ඉස්සරහින් තියාගත්තා. සමහර චිත්‍රපට නිර්මාණකරුවන් ස්ක්‍රිප්ට් ලියලා නළු නිළියන්ව තෝරනකොට මේ මනස්කාන්ත චිත්‍රපට නිමැවුම්කරු නළු නිළියන් හොයාගෙන ස්ක්‍රිප්ට් හැදුවා.

කොහොමින් කොහොමින් හරි තම හීනය හැබෑ කරගත්තා. ටාගට් එක ජයගත්ත ඇට්ලිගේ තවත් දැවැන්ත හීනයක් වුණේ කොලිවුඩයයි, බොලිවුඩයයි එකට කලවම් කරලා නියම මසාලාවක් කරන්නයි. ඒ හීනයට අවැසි අඩුමකුඩුම හොයන්න 2018දී ඔහු පළමුවෙන් එන්නේ මුම්බායිවල තියෙන ‘රෙඩ් චිලීස් සිනමා සමාගම’ (Red Chillies Entertainment)ට. රෙඩ් චිලීස් සමාගම අයිති ෂාරුක් ඛාන්ට සහ ඔහුගේ බිරිය ගෞරිටයි.

‘ඔව්, සර් ඇට්ලි කියන්න. මොනවද ඔබට අපෙන් වෙන්න ඕනෙ…?’

ෂාරුක්, තවත් විදියටක කියනවා නම් කිං ඛාන් ඇට්ලිගෙන් රෙඩ් චිලීස් එන්ටර්ටේන්මන්ට් හමුවේදී එහෙම අහන්නේ ඉතා සුහදවයි. ඇට්ලි, ෂාරුක් දිහා බලන් ඉන්නවා ටිකක් වෙලා.

‘ප්ලීස් සර්, මට පුළුවන්ද ඔබ සමග ෆොටෝ එකක් ගන්න…?’

ඇට්ලිට අසුරු සැණින් මතකයට එන්නේ ඒ සීන් එක. ඒ විතරක් නෙවෙයි, ෆොටෝ එකට කට්ටිය දුන්න කුහක ප්‍රතිචාරය. මේ හැම දේම ඔහුට මතක් වෙනවා. ඔහුගේ ඇස්වලට කඳුළු එනවා. ඊළඟ මොහොතේ ෂාරුක් ඔහුව තදින් වැලඳගන්නවා.

‘සර්’ කියලා ෂාරුක් ඇට්ලිව අමතන එක එතැනින් නතර වුණේ නැහැ. කොලිවුඩයත් බොලිවුඩයත් එකට පටලවමින් ෂාරුක්, දීපිකා පදුකෝන්, නයනතාරා, විජය සේතුපතිව එකතු කරලා ඇට්ලි අධ්‍යක්ෂණය කරපු ‘ජවාන්’ (Jawan) ෆිල්ම් සෙට් එකේදිත් ෂාරුක් ඔහුව ඇමතුවේ ‘සර්’ කියන ගෞරව නාමයෙන්.

‘ඔබ ඇයි මට සර් කියන්නේ? ඒක මගේ හිතට හරි නැහැ වගේ ෂාරුක් සර්…’

ජවාන් ෆිල්ම් සෙට් එකේදී ෂාරුක්ගෙන් ඇට්ලි දවසක් එහෙම අහනවා හරිම නිහතමානීව.

‘මාව ජවාන් වෙනුවෙන් මෙහෙයවන නිර්මාණකරු ඔබයි. ඉතින් මම ඔබට සර් නොකියා මොනවා කියා අමතන්නද?’

ෂාරුක්ද ඇට්ලිට උත්තර දෙන්නේ හරිම නිහතමානීවයි. ඇට්ලිගේ මූණට ඒ වෙලාවේ අපූරු හිනාවක් එනවා. ඒ උද්දාමයෙන් පිරුණු හිනාව ඇට්ලි පෑවේ ෂාරුක්ට විතරක් නෙවෙයි. ඔහුට ඕනෑ වුණා ඔහුගේ අතීතය දිහා බලලා ආඩම්බරේට හිනාවෙන්න. සත්තකින්ම කියනවා නම් ඒ විදියට අතීතය දිහා බලලා ජයග්‍රාහීව ආඩම්බරේට හිනාවෙන්න පුළුවන් ලකී මිනිස්සු ඉන්නෙ කීයෙන් කීදෙනාද? ඇට්ලිත් ඒ වාගේ ලක්කාරයෙක් හිතුවටත් වඩා තමන්ගේ හීන හැබෑ කරන්න නොම්මර එකේ ලක්කාරයෙක්.

එක කාරණයක් මතක තියාගන්න.

‘කවදාවත් අපි අපේ හීන අතහරින්න හොඳ නෑ. අපේ ටාගට් අතහරින්න හොඳ නෑ. කලබලයක් නැතුව අධිෂ්ඨානශීලීව අපි අපේ ගමන යමු. හරියටම කියනවා නම් ඇට්ලි වගේ. මීට අවුරුදු ගානකට කලින් ෂාරුක් සර් එක්ක ෆොටෝ එකකට ඉඳලා ඒ ෆොටෝ එක නිසා පීචං වෙලා අන්තිමේදී ෂාරුක් සර්ගෙන්ම සර් කියන ගෞරව නාමය අහගත්ත ඇට්ලි වාගේ අපි අපේ ගමන යමු….’

අද කොලිවුඩයේ සුපිරි ඩිරෙක්ටර් කෙනෙක් වෙච්ච අරුන් ඇට්ලි කුමාර්ගෙන් අපි ඉගෙනගන්න ඕනෙ පාඩම අන්න ඒකයි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අධිවේගී මාර්ග සියල්ල මාර්ග සංවර්ධන අධිකාරියෙන් ගැලවෙයි! ‘සහස්‍යා ඉන්වෙස්ට්මන්ට්’ ආයතනයට පවරන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Next Post

පොහොට්ටුව දෙකඩ කරමින් ලන්සා අලුත් දේශපාලන කාර්යාලයක් රාජගිරියේ විවෘත කරයි! ළඟදීම පොහොට්ටුවට වෙන්න යන දේ මෙන්න! රාජ්‍ය රහස්! EXCLUSIVE I Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.