• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීවරය සහ මෛථූන ධර්මය I Sri Lanka Latest News

July 21, 2023
in Exclusive, News
Reading Time: 9 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගෙදරකට ගොඩවෙන කවරකුට හෝ දෙපා පිරිසිදු කරගැනීමට නොව නිවැසියාගේ ගෙතුළට අපද්‍රව්‍ය ඇතුළු වීම වළක්වා ගැනීමට ඈත අතීතයේ සිටම ගැමි නිවෙස්වල fදාරකඩ පාපිස්සක් තැබීමේ සිරිත ඇතැම් තැනෙක අද පවා දක්නට ලැබේ.(Sri Lanka Latest News)

“පොල් කොහුවලින් තැනුණු කොට්ටයක් වැනි ඒ පාපිස්සේ “චස් චස්” ගා දෙතුන් වරක් පා ඇන, ගෑවී ඇති දූවිලි ආදිය පිසහැරීම චාරිත්‍රය වූයේය. ඔන්න ඔය කියන පාපිස්ස වෙනුවට මහා බ්‍රහ්මයාගේ හිස යොදාගැනීමට තරම් ශක්තියක් ජවයක් තිබුණු දෙදෙනකු ගැන ලෝවැඩ සඟරාව නමැති කවි පොතේ සඳහන්ය.

“සිරිමත් බඹ සිරසෙහි පා පිසිනා
සැරියුත් මහ මුගලන් පිළිවෙළිනා” යන කවියේ සඳහන් අන්දමට ඒ දෙදෙනා සැරියුත් සහ මහ මුගලන් රහතන් වහන්සේලාය.

ලෝකය මැව්වා යැයි වේදයේ ඉගැන්වෙන මහ ලොක්කාගේ (බ්‍රහ්ම) ඔළු ගෙඩිය උඩ තම කකුල් දෙක එසේ පිහින්න පුළුවන් අන්දමේ බලයක් ඇති උන්වහන්සේලා දෙනම මහා සංඝ ශාසනයේ කප්පිත්තන් බව එම පැදියේ “පිළිවෙත් සරු මහ සඟ ගණ සොබනා” යන පදයෙන් තේරුම් කර තිබේ.

මහා සංඝ ශාසනයේ ඉතා කුඩා මට්ටමේ තනතුරුධාරී සාමණේරයන් වහන්සේ කෙනකුන් වුව “නමස්කාරය කියන්න” යන නිකම්ම නිකං වචන දෙක පැවසූ කල්හි කෝටි ප්‍රකෝටි සන්නද්ධ හමුදා දණ ගැස්සිය හැකි බව අද ඊයෙක නොව වසර දෙදහස් පන්සියයකටත් වැඩි කාලපරිච්ඡේදයක සිට ලෝකයටම ප්‍රත්‍යක්‍ෂ කර තිබේ.

එතරම් බලයක් ජවයක් ඇති මහා සංඝරත්නය ලෝක සත්වයා කෙරෙහි දක්වන කරුණාව මෛත්‍රිය පෙරදැරි කරගත් ත්‍රිවිධ රත්නයේ ආරක්‍ෂාව නිසා ඕනෑම හයිකාර දළකාර කෙරුංකාර කවර එකකුට හෝ මේ රටේ ජීවත්වෙන සාමාන්‍ය ගිහියකුගේ අඩුම තරමේ මයිල් ගහකට පවා අත තියන්න බැරි බව නම් නොකියාම බැරිය.

ලෝකයේ මහම මහ ලොක්කා යැයි කියන ඇමෙරිකාවට දෙවැනි මහා ලෝක සංග්‍රාමයේදී බෝම්බ දමා පර්ල් වරාය සුන්නද්දූවිලි කළ ජපනා අපේ ශ්‍රී ලංකාවට දැමූ බෝම්බවලින් උන්ට කරන්න පුළුවං වූ කෙංගෙඩියක් නැත. දැමූ බෝම්බ පුපුරා ගියේ නැත්තේ ඇයි?

ඒ, ලෝකයේ නිර්මල බුද්ධ ධර්මය පවත්නා එකම රට මේ ශ්‍රී ලංකාද්වීපය නිසාත්, ඒ උතුම් ධර්මය රැකගැනීම සඳහා මහා සංඝරත්නය දිවි හිමියෙන් කැපවී සිටින නිසාත්ය.

අද ලෝකයේ කෝටි ගණනාවක් අදහන බුද්ධ ධර්මය පළමුවෙන් ආරම් වූයේ කොණ්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම සහ අස්සජි යන මානවයන් පස්දෙනාගෙනි. ගෞතම බුදුන් යැයි කියන ශ්‍රේෂඨ මනුෂ්‍යයා මේ සද්කාර්යය ආරම්භ කෙළේ අබ පියැල්ලක තරම් ආත්ම ලාභයක් අපේක්‍ෂාවෙන් නොවේ.

ඒ ධර්මය පැතිරීමට එතුමා ඇතැම් ආගමික නායකයන් පරිද්දෙන් කඩුව තුවක්කුව බයිනෙත්තුව අතට ගත්තේ නැත. තිබුණේ දෑතෙහි හිස් ඇඟිලි දහය පමණකි.

තම මතය පිළිනොගත්තවුනට වෙනත් ආගම්වල මෙන් වස පොවා මරාදැමුවේ ද නැත. පණපිටින් පුලුස්සා මරන්ට කීවේත් නැත. කීවේ “අවුත් බලනු මැනවි“ (ඒහිපස්සිකෝ) යන්න පමණකි.

ඒ මග යන මහා සංඝරත්නයට වත්මන් සමාජයේ සංකීර්ණත්වය කරණ කොටගෙන කොතැනක හෝ පුහුදුන් කෙනකුන් ගෙන් සිදුවන වරදක් නිසා ඇතැම් විට අසන්නට විඳින්නට ඇති නොසරුප් චෝදනා එමටය.

අගේ දන්නෙ නැති ඇතැම් පාංකඩයන්ගෙන් මහා සංඝරත්නයට අපහාස උපහාස එදා මෙදාතුර එල්ල වුණේවී මුත් මේ පාපය නොකළ කෙනකුන් පළමු ගල ගහපල්ලා යැයි ජේසුස්වහන්සේ කී අන්දමට කීවොත් උන්වහන්සේලා ඉදිරියේ මේ පවුකාර දංඩෙකුට දුවන්න රට මදිය.

ඊට හේතුව අර පැදියේ “පිළිවෙත් සරු” යන පදයෙන් කියැවෙන්නේ ඒ ගුණයයි. උන් වහන්සේලා සුපටිපන්නය. උජුපටිපන්නය. සාමීචිපටිපන්නය.

මේ මිහිතලය මත උපන් කොයිකාට වුවත් හිමි මානව අයිතිවාසිකම් හතරක් මානව හිමිකම් ප්‍රඥප්තියෙන් පවා තහවුරු කර ඇත.

කුසගිනි දැනුණු විටක වෙලාව අවේලාව නොතකා යමක් කෑම, නිදිමතක් දැනුණු විට මොකේකට හෝ ඇලවී ඇහැපිය තට්ටු කර ගැනීම, කුළු හරකකුගෙන් හෝ එවන් වෙනත් සතකුගෙන් හෝ ඇතිවන අනතුරකින් ගැලවීමට දිවගොස් ගසකට නැගීම, අඩු තරමින් ශාරීරික අවශ්‍යතාවක් ඉටුකරගැනීම (සුළුදිය බෑම) උදෙසා කුමකට හෝ මුවාවීම ඒ කරුණුය.

අනේ මිනිසුනේ අපේ මහා සංඝරත්නයට ඔය කියන මානව අයිතිවාසිකම් හතරවත් තිබේ දැයි මඳක් සිතන්න. එසේ නම් වෙනත් ආගම්වල ඇති සමාජමය නිදහස “ලෝක හිතාය ගත” (ලෝකවාසීන්ගේ යහපත උදෙසා) පවා මහා සංඝරත්නය විසින් අත්හරිනු ලැබ තිබීම සාමාන්‍ය කෙනකුට කළ හැක්කක් දැයි විමසනු වටී.

බොරැල්ල බන්ධනාගාරයේ පවුරෙහි “සිරකරුවෝත් මිනිස්සුය” යනුවෙන් ලොකු අකුරෙන් ලියා තිබේ. කවර ඇඳුමක් ඇන්දත් මිනිස්සු මිනිස්සුමය.

රහත් නොවූ සියල්ලෝම පුහුදුන්ය.(පෘථග්ජන)

චීවරයේ (සිවුරෙහි) ගුණය බලය පිහිටා ඇත්තේ එහි පෙනෙන කහ පැහැයෙන් නොවේ. පූරණය කරන ලද ප්‍රතිපත්ති නිසාය. සුපේශල ශික්‍ෂාකාමී ගුණයෙන් ඔපවත්වන ශාන්තභාවය නිසාය. තිස්තුන් කෝටියක් සංවරශීලය නිසාය. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද විනය පිටකයේ සඳහන් දෙසිය විසිහතක් (227) වන ඇවැත් (ශික්‍ෂා) නොකඩා, නොබිඳ ආරක්‍ෂා කිරීම නිසාය.

එසේ නොවුණහොත් සිවුර යන්න නිකම්ම නිකං ඇඳුමක් පමණෙකි.

හිමාල වනයේ වසර දහස් ගණනක් ආයුෂ විඳිමින් ගස් මුල්වල (රුක්ඛමුල ගතෝවා) දැහැන්වලට සමවැද වෙසෙන යෝගීහු සිටිත්.

(මහාර්ෂි, යුතේෂ්වර, මෙන්ම පරමහංසයෝගානන්ද වැනි උත්තමයෝ එසේ වෙසෙත්. (තම අනුගාමිකයිනට සිදුවන කිසියම් උපද්‍රවයකට පිහිට වීමට උන්වහන්සේලා වරින්වර මිනිස් සමාජයේ පහළ වූහයි එසේ එතුමන්ලා සම්මුඛ වූ අනුගාමිකයෝ සපථකර ඇත්තාහ. යථෝක්ත ඉසිවරුන් පිළිබඳ ලියැවුණු වටිනා ග්‍රන්ථ ද ඇත.)

නුග ගස් යට එසේ එරමිණිය බැඳ (පද්මාසනයෙන්) දීර්ඝකාලයක් තිස්සේ නොසෙල්වී ධ්‍යානගතව සිටින විට දිගට වැවුණු රැවුලෙහි කුරුල්ලන් කූඩු සාදා ඇතැයි ද, නුග ගසේ මුල් සිරුර වෙළාගෙන වැවී ඇති බවද කියති.

එවැනි ධ්‍යානලාභීන්ගේ ආහාරය තමා ආසන්නයට වැටෙන අඹ කොළයක් සහ ආශ්වාස කරන වාතය පමණි. එසේ දැහැන්ගතව වෙසෙන තවුසන්ට ආසන්නව වනාන්තරයේ ලියතඹර පුෂ්පයක් (මලක්) පිපී සුළඟේ වැණෙනු දුටුවොත් එම තවුසා දැහැනෙන් මිදී නුග මුල් කඩා බිඳ ගෙන නැගිටින බව කියැවේ.

(නිතැතින් පවන් අඹසර බුදින තවසර
දැහැනෙන් මිදේ දුට ලෙළ දෙන ලිය තඹර) යැයි සුභාෂිතයේ සඳහන්ය.

රාගය ඒ තරම් බිහිසුණුය. ඉන් විනිර්මුක්ත (මිදිය, අසුනොවී) විය හැක්කේ මගපල (සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, මග සහ පල) ලාභීන්ට පමණක් බව දහමෙහි පැවසේ.

“ස්ත්‍රීන් වනාහි “වෛති” (මැළියම්) මෙනි” යැයි (මට මතක හැටියට) අමාවතුරේ හෝ ධර්මප්‍රදීපිකාවේ හෝ තිබූ බව මතකය.

මෛථුන ධර්මයෙහි (මෙවුන්දම) යෙදුණු කසාවතුන් පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ ද සඳහනි.

එක්තරා මාගමක් විසින් ඇයට රිසි විටෙක කැඳවනු ලැබූ කසාවතෙක් උන්නේය. එක් දිනෙක එසේ රහසින් වන් ඔහුට එළිය වැටෙන්නට පෙර නිවෙසින් පිටමංවීමට නුහුණු වූ බැවින් කඩිමුඩියේ සහ අඳුරේ සිවුරුකඩ අතපතගා සොයා පෙරවා පලා යන්නේ හිරුපායා එන්නහාම දනව් වැසි පුරුෂයන් විසින් දක්නා ලද්දේ කසාව වෙනුවට නිල්වන් චීවරයක් පෙරවා වඩින මුණ්ඩයෙකු (හිස මුඩුකළ තැනැත්තා) නිසා ඊට කාරණා විමසුවේල. තමා චීවරය යැයි මුළාව අර මාගම ගේ නිල්වන් වස්ත්‍රය පොරවාගෙන ඇති බව අවබෝධ කර ඒ තෙමේ ඒ බැව් වසඟා “අප අලුත් ශාස්තෘ කෙනෙක අපේ ධර්මය “නිලපට දර්ශනය” යැයි පවසා ගියේලු.

නීල පට දර්ශනය ඇතිවූයේ එවක් පටන් බව පොතපතෙහි සඳහන්ය.

බුදුන් ධරමාන (ජීවමාන) සමයේද මෛථුන ධර්මයේ හෙවත් ග්‍රාම ධර්මයේ හැසිරුණු බිකුන් විසූ නිසා මෛථුන ධර්ම යනුවෙන් පාරාජිකාවක් පනවා ඇති බව විනය පිටකයේ තිබේ.

විනය පිටකයේ විනය කොටස් දෙකකට බෙදේ. ඒ ඡේධ්‍ය සහ උට්ඨාන වශයෙනි. විනය පිටකයේ ප්‍රධානවන පාරාජිකා හතර සතර පාරාජිකා නමි.

මෛථුන ධම්ම (ස්ත්‍රීයක හා සංසර්ගය), අදින්නා දානා (සොරකම් කිරීම), මනුෂ්‍ය විග්‍රහය (මිනිසකු මැරීම) සහ උත්තරීතර ගුණ ඇතැයි ඇගයීම (තමා ළඟ නැති ගුණයක් ඇතැයි කීම) ඒවාය.

මේ සතර පාරාජිකා ඡේධ්‍ය ගණයේ ගා සැලකේ. ඒ සතර කඩ කළහොත් භික්‍ෂුත්වය අහිමි වේ. ඡේධ්‍ය යන්නෙහි අර්ථය කැපීයාමය. ඉවත්ව යාමය. හරියට පොල් ගසක කරටිය ළඟින් කැඩී වෙන්වූ කල නැවත සවිකළ නොහැක්කා සේ බැව් උපමාවකින් දක්වයි. (සිද්ධාර්ථ තවුසා කේශ ඡේධනය කළ නියාව විමසත්වා)

ඉතුරු පාරාජිකා දෙසිය විසිතුන (223) උට්ඨාන නමි. ඒ වැරදි ඉතා උස්සාහයෙන් නිවැරදි කරගත හැකි වේ.

ආහාරය විවිධාකාරක වේ. කායික වර්ධකයක් වශයෙන් භුක්තිවිඳිය හැකිය. එමෙන් රෝගසුව කෙරෙන ඔසුවක් වශයෙන්ද භාවිත කෙරේ. වරෙක කාමස්ථම්භනයකි. ලිංගික ශක්තිජනකයකි.

බුදුන් වහන්සේ විසින් භික්‍ෂුන් වහන්සේලාට “කබලිංකාර ආහාර” නිර්දේශ කරන ලද සේක් වූයේ ශරීර පැවැත්ම උදෙසාමය. එසේම රාගය නිර්වින්දනය කිරීම උදෙසාමය. ඒ පැවැත්මෙන් වැළකී තෙලෙන් කිරෙන් වැළඳීම වනාහි කාමයාට අතවැනීමක් බවද කිවයුත්තේමය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

හැකි ඉක්මනින් පළාත් සභා ඡන්දය තියන්න! ඉන්දීය අගමැති ජනාධිපති රනිල්ට දැනුම් දීලා! I Sri Lanka Latest News

Next Post

කෙහෙළිය කියපු පට්ටපල් බොරුවක් අතේ පත්තු වෙයි! ලෝක සෞඛ්‍ය සංවිධානය ඇත්ත හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.