• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරාගෙ අම්මගෙන් පේන අහමු I Sri Lanka Latest News

July 21, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලාංකාවේ සාහිත්‍යය ඇත්තටම පුදුමාකාරය. එහි එන ඇතැම් අතීත යෙදුම් සහ කියමන් වර්තමානයට අදාළ වන්නේ පුදුමාකාර ලෙසටය. ‘හොරාගේ අම්මාගෙන් පේන අසනවා’ යැයි අප කීවේ වංචාවක් සඟවන්නට උත්සාහ ගන්නා කෙනකුගෙන් ඒ පිළිබඳ සත්‍ය දැනගත නොහැකි බව තහවුරු කර පවසන්නටය. අතීත ලාංකිකයෝ මේ වදන් පැවැසුවේ බොහෝ දුරදිග බලාය.(Sri Lanka Latest News)

එදා ඒ උදවිය කොතරම් දුර බැලුවේද යත් වත්මන් කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ධුර කාලය තෙක් බලා ඇති බව දැන්නම් ඉඳුරාම පැහැදිලි වෙයි. ලියුම්කරු එසේ කියන්නේ මේ ඊයේ පෙරේදා පාර්ලිමේන්තුවේදී පත්කරන ලද අපූරු කමිටුවක් දෙස බැලීමෙන් අනතුරුවය. මේ කමිටුව පත්කර තිබුණේ වෙන දේකට නොව, ශ්‍රී ලංකාව බංකොලොත් රටක් වීම ගැන කරුණු සොයන්නටය.

1948 බි්‍රතාන්‍ය කිරීටයෙන් මිදී ඩොමීනියන් නිදහස ලබාගන්නා අවස්ථවේදී ලංකාවේ ආර්ථිකය පැවැතියේ ආසියාවේ දෙවැනි හොඳම ආර්ථිකය ලෙසටය. එහෙව් ආර්ථිකය වසර හැත්තෑවක් තුළ බංකොලොත් කර ණය ගෙවීමට පමණක් නොව, අත්‍යාවශ්‍ය ආහාර සහ ඖෂධ ආනයනය කරගන්නටත් බැරි තැනට බිඳදැම්මේ දේශපාලනඥයන් විසිනි. ඊට වගකීම් විරහිත ජනතාව සහ නිලධාරීන්ද යම් තරමකට වන්දි ගෙවිය යුතුය.

වරද කාගේ වුවත් අද අප සැවොම ඊට වන්දි ගෙවමින් සිටින්නෙමු. හෙට අනිද්දා උපදින දරුවන් පවා ණයකරුවන් කොට බංකොලොත් රටක හිමිකරුවන් බවට පත්කිරීමේ කතාවේ වැඩි බරක් පසුගිය ගෝඨාභය රාජපක්ෂ රජයට මෙන්ම 2005 – 2014 රට කරවූ මහින්ද රාජපක්ෂ රජයටද පැවසීම සාධාරණය. එවන් පසුබිමක් තිබියදී මෙරට ජනතාවට, රටට සිදුවූ විනාශය සහ ඊට වගකිවයුත්තෝ කවුරුන්දැයි දැනගැනීමට අයිතියක් ඇත.

එකී අයිතිය ලබාදෙනු වස් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය රට බංකොලොත් වීමට හේතුව සහ ඊට වගකිව යුත්තන් ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පූර්ණ බලැති පාර්ලිමේන්තු කමිටුවක් පත් කරන්නැයි ඉල්ලා සිටියෝය.

කමිටුවක් පත්කර හරි විදියට කරුණු විමසුවහොත් රට බංකොලොත් වීමට වගකිවයුත්තෝ සොයාගත හැකිවනු ඇතැයි ජනතාවගේ බලාපොරොත්තුව විය. එහෙත් එසේ වන්නේ එවැනි කමිටුවක වැඩි බලය විපක්ෂයට හිමිවීමෙන් පමණක් බව ඔවුන්ගේ විශ්වාසය විය.

එහෙයින් සියලු දෙනාගේ බලාපොරොත්තුව වූයේ විපක්ෂයේ සභාපතිත්වයෙන් යුතු කමිටුවකි. විසුරුවන ලද පළාත් පාලන ආයතන යළි කැඳවන්නට ගෙන ආ කුප්‍රකට ‘කැටගොඩගේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව’ දෙසතියක් තුළ න්‍යාය පුස්තකයට ඇතුළත් කර සභාවට ඉදිරිපත් කිරීමට තරම් කාර්යක්ෂම පර්ලිමේන්තුවට, විපක්ෂය ඉල්ලූ කමිටුව ගෙන එන්නට බොහෝ කල් ගියේය. අවසානයේ කතානායකවරයා පසුගිය 06 වැනිදා එම කමිටුව නම් කළේය.

රට බංකොලොත් වීමට හේතුව හොයන්න පත්කළ කමිටුවේ සභාපතිත්වය හිමිව තිබුණේ සාගර කාරියවසම්ටය. සාගර කාරියවසම් යනු රට බංකොලොත් කරන්නට නායකත්වය දුන් බවට චෝදනා එල්ල වූ පක්ෂයේ මහලේකම්ය. ඔහුගේ සැබෑ තනතුර බැසිල් රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකකම යැයි කීමේ වරදක් නැත. මන්දයත් ද්විත්ව පුරවැසි බව නිසා ලංකාවේ දේශපාලනයට අවලංගු කාසියක් වූ බැසිල්ගේ අදහස් ජාතික දේශපාලනයට ගෙන එන්නේ සාගර කාරියවසම්ය.

ඒ අනුව මතු දිනයක සාගර කාරියවසම්ගේ මූලිකත්වයෙන් මේ කමිටුව රැස්වෙන්නේ නම් එය බැසිල් රාජපක්ෂගේ සභාපතිත්වයෙන් රැස්වනවාට සමාන බව බොහෝ දෙනාගේ අදහසය. වෙනසකට ඇත්තේ ටයි කෝට් අඳින සාගර, කුරහන් සාටකයක් නොපැලඳීමය.

කතානායකවරයා විසින් නම් කළ මේ කමිටුව දෙස බලන කල පියවි සිහිය ඇති කිසිවකුට සිනහ නොවී සිටිය නොහැකිය. එම කමිටුවට සභාපති සාගර කාරියවසම්ට අමතරව නීතිඥ පවිත්‍රාදේවි වන්නිආරච්චි, ඩී.වී. චානක, ශානක්‍යන් රාසමානික්කම්, ප්‍රදීප් උඳුගොඩ, විජිත හේරත්, ඉරාන් වික්‍රමරත්න, අශෝක් අබේසිංහ, හර්ෂණ රාජකරුණා, සංජීව එදිරිමාන්න, නාලක බණ්ඩාර කෝට්ටේගොඩ, මහින්දානන්ද අළුත්ගමගේ, ජයන්ත කැටගොඩ, මහාචාර්ය රංජිත් බණ්ඩාර අයත් වෙති.

මේ අතරින් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනා හැරුණු කල සෙස්සෝ රට බංකොලොත් කරන්නට අඩු වැඩි වශයෙන් දායක වූවෝය. මේ සියල්ලෝම එක වල්ලේ පොල් ලෙස හැඳින්වීමේ වරදක් නැත්තේය.

කොවිඩ් වසංගතය රට වසාගනිමින් පැතිර යද්දී ඊට නිසි ලෙස මැදිහත් නොවෙමින් ජනතාව නොමග යවමින් වසංගතය උපරිම තලයට පැමිණෙන තුරු මේසන් බාස් කෙනකුගේ පැණියක් ප්‍රසිද්ධියේ බොමින් ජනතාව නොමග යවමින් අමුතුම ෆැන්ටසියක දිවි ගෙවූ ඇය සෞඛ්‍ය අමාත්‍ය ධුරයේ වගකීම් ප්‍රසිද්ධියේ පැහැර හැරි බවට චෝදනා එල්ල විය. ඉන්ද නොනැවතුණු ඕ, ඒලියන්ත ව‍යිට් නම් කිසිම සුදුසුකමක් නැති ගොඩ වෙදකුගේ පැන් කළයක් ගංගාවකට දමා රටම මුළා කරමින් මහා විගඩමක් නැටුවාය.

කොවිඩ් මෘතදේහ භූමිදානය සඳහා නිර්දේශ ලබාදුන් විද්වත් කමිටු වාර්තා ඉවතලමින් වර්ගවාදීන්ගේ මනදොළ පිනවන නිර්දේශයක් ලැබෙන තෙක් කමිටු පත්කරමින් රටම හෑල්ලු කළ ඕ, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස සිය වගකීම් මගහැරීම නිසා රට බංකොලොත් කිරීමට දැඩිව මැදිහත් වූවාය. එහෙත් අද ඈ රට බංකොලොත් වීමට හේතුව සොයන කමිටුවට පත්කරන්නට කතානායක කටයුතු කර ඇත්තේය.

මේ අපූරු කමිටුවේ වඩාත් කැපීපෙනෙන සාමාජිකයා මහින්දානන්ද අළුත්ගමගේය. ඔහු, රටම හාමතේ තබමින්, කෘෂිකර්මය වළපල්ලට යවා ගොවියා හිඟමනට දැක්කූ ගෝඨාභය රාජපක්ෂගේ කාබනික විගඩමට සුදු හුණු ගාමින් රටක් නොමඟ යැවූ, රට බංකොලොත් කරන්නට ඍජුවම දායක වූ බවට චෝදනා එල්ල විය.

කාබනික කෘෂිකර්මයෙන් රටේ ආහාර අවශ්‍යතාව සපුරාලිය නොහැකි බව මහාචාර්ය බුද්ධි මාරඹේ සාක්ෂි සහිතව ඔප්පුකරද්දී ඔහුට අනේකවිධ පරිභව කරමින් කෘෂිකර්ම අමාත්‍යංශයේ ඔහු දැරූ උපදේශකත්වයෙන් නෙරපා හරින්නට කටයුතු කළ මහින්දානන්ද, මිථ්‍යාවෙන් රටක් අන්දවමින් බංකොලොත් බවේ පතුලට ලංකාව තල්ලු කර දැමූ බව විපක්ෂයේ චෝදනාව විය.

ඊට අමතරව කාබනික පොහොර යන ලේබලයට මුවාවී චීනයෙන් අසූචි මිශ්‍ර පොහොර’ ලංකාවට ගෙන ආවේ ඔහු කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරූ අවධියේය. හානිකර ක්ෂුද්‍ර ජීවීන් සහිත එම පොහොර එක කිලෝවක්වත් රට තුළට නොගත්මුත් ඒ වෙනුවෙන් ඩොලර් මිලියන 6.9ක් චීන සමාගමට ගෙවීමට අප රටට සිදුවූයේය. ඒ දැවැන්ත පාඩුව සිදුවන විට අමාත්‍යවරයා වූ මහින්දානන්ද අළුත්ගමගේ රට බංකොලොත් වූ හැටි සොයන්නට පත්කිරීම පියවි සිහිය ඇති කිසිවෙක් අනුමත කරන්නේ නැති බව බොහෝ දෙනාගේ අදහසය.

මහාචාර්ය රංජිත් බණ්ඩාරද අවසාන මොහොත තෙක් ගෝඨාභය රාජපක්ෂගේ දියාරු ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියේය. එය නිවැරදි බව කීවේය. අවසානයේ ගෝඨාභය පලාගිය පසු රනිල් සමග ගෑවී නොගෑවී සිටින්නකු ලෙස රංජිත් බණ්ඩාර ප්‍රකටය. ගෝඨාභය රාජපක්ෂට ලණු ගිල්ලවමින් රට බංකොලොත් කළ ‘වියත් මගේ’ සාමාජිකයෙක් වූ රංජිත් බණ්ඩාර, රට බංකොලොත් කිරීමේ විත්තිකරුවෙක් විනා ඒ ගැන හොයන කොමිසමක සාමාජිකයෙක් වීමට සුදුසු යැයි කතානායකට සිතීම පවා පුදුමයක් බව බොහෝ දෙනාගේ අදහසය.

මේ කමිටුවේ අනෙක් අරුම පුදුම නියෝජනය ජයන්ත කැටගොඩය. බැසිල්ගේ බඩියාගේ භූමිකාව ඉටුකරන ඔහු, වරක් ඉල්ලා අස්වී බැසිල්ට පාර්ලිමේන්තු එන්නට පාර කපා දුන් පුද්ගලයාය. එදා කැටගොඩට මුවාවී පාර්ලිමේන්තුවට රිංගාගත් බැසිල්, රට බංකොලොත් කර ඉල්ලා අස්වූයේය. ඒ අතරතුර චෝදනා එල්ල වූ අජිත් නිවාඩ් කබ්රාල් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පුරවන්නට පාර්ලිමේන්තුවට රිංගා ගත් ඔහු, කොහොමටත් හැසිරුණේ ව්‍යවස්ථාදායකය යනු සෙල්ලම් ගෙයක් යැයි සිතාගෙනය. රට බංකොලොත් කළ බවට චෝදනා එල්ල වන බැසිල් සමග එක්ව කටයුතු කළ ඔහු මේ කමිටුවට පත්කිරීම මේ රටේ ජන මතයට ඔච්චම් කිරීමක් බව විපක්ෂයේ චෝදනාව වී තිබේ.

රටට විහිළුවක් වූ මේ ‘බංකොලොත් කමිටුව’ට ගල් නොගසන්නේ ආණ්ඩුවේ හෙංචයියලා පමණි. සිහි බුද්ධිය ඇති කිසිවෙක් මේ කමිටුවෙන් සත පහක වැඩක් වේ යැයි විශ්වාස කරන්නේ නැත. එවන් පසුබිමකදී රට බංකොලොත් වීමට හේතු සොයන කමිටුවට පත්කළ සාමාජිකයන් සම්බන්ධයෙන් විරෝධයක් ඇත්නම් එය පාර්ලිමේන්තුවේ වැඩි බහුතරයෙන් ඔප්පු කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විපක්ෂයට දැනුම් දුන්නේ මහනුවරදී පැවැති මාධ්‍ය හමුවකදීය.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුවේ ඔනෑම සාමාජිකයකුට පාර්ලිමේන්තු කමිටුවල සාමාජිකත්වය දැරීමේ අයිතියක් ඇති බවය. ඊට විපක්ෂය විරුද්ධ වන්නේ නම් එය පාර්ලිමේන්තු බහුතරයකින් ඔප්පු කර පෙන්විය යුතු බවද අමාත්‍යවරයා කීය. විපක්ෂයට බහුතරය තිබුණා නම් ආණ්ඩුව ගෙදර යන්නේ පළමු අයවැයේදී බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට නොවැටහීම පුදුමයකි.

රට බංකොලොත් වීමට අදාළ හේතු සෙවීමට පත්කළ තේරීම් කාරකසභාවේ සභාපතිවරයා ලෙස පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පත්කිරීමට හේතුව ආර්ථිකය වැනසූ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායමට සුදුහුණු ගෑම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මතයය. ඔහුගේ අපේක්ෂාව විපක්ෂය විසින් එකට එකතු වී තේරීම් කාරක සභාවක් සකස් කර රට බංකොලොත් වීමට හේතු සොයා නැවත රට ගොඩගැනීමට කටයුතු කිරීමය. ජනතා බලාපොරොත්තුවද ඒකය.

වනවාසී රාහුල හිමියෝ මේ කමිටුව ගැන පවසන අදහස කෙටිය. ඒ තරමටම එය ගැඹුරුය. උන්වහන්සේ පවසන්නේ ‘රට බංකොලොත් කළේ කවුරුන්ද යන්න සෙවීම සඳහා එම කණ්ඩායමෙන්ම පස්හය දෙනකු පත්කොට ඇති බවයි’ උන්වහන්සේ කියා සිටියේ එහි අඩු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පමණක් බවකි. එම නිසා අදාළ කමිටුව විසුරුවා හරින ලෙසද උන්වහන්සේ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිති. මේ කමිටුවෙන් ඉවත් වීමට ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් දැනටමත් කටයුතු කොට ඇති අතර සජබයද මේ වන විට ඉන් ඉවත් වීමට තීන්දු කොට අවසානය.

2019 ජනාධිපතිවරණයෙන් බලයට ආ ගෝඨාභය රාජපක්ෂ වැඩ ඇල්ලුවේ රටේ සුපිරි ධනවතුන්ට බිලියන 600ත් 700ත් අතර බදු සහන ලබාදෙමිනි. ඒ නිසා රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12 සිට 8 දක්වා පහළ වැටුණු බවත් ඒ නිසා ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන වන ෆිච්, මූඩීස්, ස්ටෑන්ඩ් ඇන්ඩ් පුවර් අප රටේ ශ්‍රේණිගත කිරීම් පහළ දැමූ බවත් ඒ නිසා රජයට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළට ප්‍රවේශ වී අඩු පොලියට ණයක් ගැනීමේ පහසුකම අහිමි වී ගියේය.

මේ දැවන්ත බදු සහනය වෙනුවෙන් අත ඉස්සූ ආණ්ඩුවේ කිසිම මන්ත්‍රීවරයකුට රට බංකොලොත් වීම ගැන හොයන්නට පත්කළ කමිටුවක වාඩිවෙන්නට අයිතියක් නැත. එවන් කමිටුවකින් ප්ලේන්ටියක් නොව වතුර උගුරක් බොන්නට අයිතියක් නැත. එහෙයින් ලැජ්ජාවක් තිබේ නම් මේ කමිටුවෙන් ඉල්ලා අස්වීම ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ වගකීමය. එසේ නොකර මේ කමිටුව තව දුරටත් පවත්වාගෙන යන්නේ නම් එහි සාමාජිකයන් ලෙස අජිත් නිවාඩ් කබ්රාල් සහ ගෝඨාභය රාජපක්ෂද පත්කිරීමට අප යෝජනා කරන්නෙමු. අවශ්‍ය නම් කමිටුවේ ලේකම් ධුරයට හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර පත්කරගත හැකිය.

අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලන්දේසි අපෙන් අරන් ගිය බඩු ඔන්න අපිට දෙනවලු I Sri Lanka Latest News

Next Post

කවුද කියන්නෙ ජනාධිපතිල හොරකම් කරපුව අල්ලන්න බෑ කියලා I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.