නවකයකු ලෙස බහුදින ධීවර යාත්‍රාවක සේවයට එක්ව මුහුදු ගිය තරුණයකුට මුහුද මැදදී මාසයක් පුරා නවක වදය දුන් ජ්‍යෙෂ්ඨ ධීවරයන් හත් දෙනකු නැවත බේරුවල ධීවර වරායෙන් ගොඩබිමට පැමිණි පසුව අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
බේරුවල ධීවර වරායෙන් මීට මාසයකට පෙර මුහුදු ගොස් පැමිණි බහුදින යාත්‍රාවක ගමන්ගෙන ඈත දියඹේ රැකියාවට ගිය අට දෙනකුගෙන් යුතු කණ්ඩායමක නවක ධීවරයා වන තරුණයෙක් මුහුද මැද දී පළමු මුහුදු ගමනෙදී තමන්ට එම යාත්‍රාවේ ගමන් ගත් පිරිස පහර දී විවිධ තාඩන පීඩනවලට ලක්කර පැය ගණන් මුහුද මැද ගිල්ලවා නැවත ගොඩගෙන නවක වදය මෙන් හිරිහැර කළ බව පවසා බේරුවල පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ පරීක්ෂණ පවත්වා ඊට සම්බන්ධ බේරුවල අඹේපිටිය ඇතුළු ප්‍රදේශවල පදිංචි යාත්‍රාවේ පැදිකරු ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාර තරුණ ධීවරයා රෝහල්ගත වී ඇති අතර, මුහුදු ගමනින් පසුව අත්අඩංගුවට ගත් ධීවරයන් පිරිස කලුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
dasathalankanews










