ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ඇරයුමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 20-21 යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත ය.Sri Lanka Latest News
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 75 ක් සපිරීමේ සංවත්සරය මෙම වසරේ දී සමරනු ලබන පසුබිමක මෙම සංචාරය සිදු කෙරේ.
ජනාධිපති වික්‍රමසිංහ මහතා මෙම සංචාරය අතරතුර ඉන්දීය ජනාධිපති ශ්‍රීමතී ද්‍රෞපදි මුර්මු මැතිනිය හමු වනු ඇත.
තවද ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ අනෙකුත් ඉන්දීය ප්‍රභූවරුන් හමු වී අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු රැසක් පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිත ය.
දෙරට අතර පවත්නා දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නැංවීමට සහ තහවුරු කිරීමට මෙම සංචාරය ඉවහල් වනු ඇත.










