මැතිවරණය දිගින් දිගටම කල් දැමීම නිසාඊට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ට වැටුප් සහ දීමනා නිසි පරිදි ගෙවා නැති බවත් ඇතැම් රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවකයන්ට හිමි නිවාඩු පවා නිසි පරිදි නොලැබී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙින්තුවේදී පැවසීය.Sri Lanka Latest News
මේ තත්ත්වය ඔවුන්ගේ සමස්ත සේවා කාලයට අදාලව බලපාන බවත් කෙතරම් මේ තත්ත්වය විසදුනා යැයි කීවත් තවම එය විසදී නැති බවත් පැවසීය. ආණ්ඩුවට චක්‍ර ලේකයක් නිකුත්කර මෙම ගැටලු විසදා ගත නොහැක්කේ මන්ද කියා විමසන බව ද විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මෙහිදී අනුර කුමාර දිසානායක, ඩලස් අලහප්පෙරුම සහ විමල් වීරවංශ මහතාද මේ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට පියවර ගත්හ.










