ඉහළින් එන අනීතික නියෝග පිළිපැදීම හේතුවෙන් රජයේ නිලධාරිනියක් කෝප් කමිටුව හමුවේ අසරණ වූ ආකාරය පිළිබද වීඩියෝවක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.Sri Lanka Latest News
එහිදී ගිවිසුමක් නොමැති ගනුදෙනුවක් සදහා මිලියනයක මුදලක් ගෙවන ලෙස ඉහළින් බලපෑම් එල්ල වී ඇති අතර මෙම නිලධාරිනිය එය ප්‍රතික්ෂේප කොට තිබේ.
නමුත් දිගින් දිගටම ආ බලපෑම් හමුවේ අවසානයේදී ඇය එම ගෙවීම සිදුකර තිබුණද ඊට තම විරෝධය ලිඛිතව දැන්වීමට ඇය පියවර ගෙන ඇත.
කෙසේවෙතත් කෝප් කමිටු ප්‍රධානීන් එහිදී අවධාරණය කර සිටියේ මෙම බලපෑම් කළ පිරිස පිළිබදව සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසය.










