• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විසුරුවපු පළාත් පාලන ආයතන යළි පිහිටුවන්න කැටගොඩ-සංජීව ගෙනාපු යෝජනාව අතේ පත්තු වෙලා! පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනෑ! ජනමත විචාරණයකුත් ඕනෑ! නීතිපති දැනුම් දීලා! VIDEO I Sri Lanka Latest News

July 12, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විසුරුවපු පළාත් පාලන ආයතන යළි පිහිටුවන්න කැටගොඩ-සංජීව ගෙනාපු යෝජනාව අතේ පත්තු වෙලා! පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනෑ! ජනමත විචාරණයකුත් ඕනෑ! නීතිපති දැනුම් දීලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook
ප්‍රාදේශීය සභා,නගර සභා,සුළු නගර සභා මන්ත්‍රීවරු නැවත බලාත්මක කිරීමේ රජයේ යෝජනාව පාර්ලිමේන්තුවේ 3/2 විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු වන අතර ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කළ යුතු බව නීතිපතිවරයා විසින් දැනුම් දී ඇතැයි අද (12) විපක්ශ නායක කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවෙදි අදහස් දැක්වු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කර සිටියේය.Sri Lanka Latest News

ඔබ හැම කවුරුත් දන්නවා පසුගිය සතියේ දැනට පවතින ප්‍රාදේශීය සභා පනත , නගර සභා පනත,සුළු නගර සභා පනත සංශෝධනය කරන්න පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කෙරුවා.මේ පනතෙන් බලාපොරොත්තු වෙන්නේ විසුරුවා හැරපු ප්‍රාදේශීය සභා සක්‍රිය කරලා හිටපු ප්‍රාදේශීය සභා , නගර සභා ,සුළු නගර සභා මන්ත්‍රීවරු නැවත වරක් පත් කරන්නයි.හැබැයි රජය බලාපොරොත්තු වුණේ නැති විදියට මේක අතේ පත්තුවෙලා. නීතිපතිවරයා කියලා තියෙනවා මෙය ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා.ඇත්ත වශයෙන්ම රජය මේක ගෙනාවේ රජයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු අද විශාල අසහනයක ඉන්නේ , සියලු දෙනාගේම මන්ත්‍රීධූර අහෝසි වෙලා මැතිවරණත් කල් දාලා නිසා .ඒ නිසා රජය පෙන්වන්න හැදුවා විශේෂයෙන්ම ආණ්ඩුවේ පොහොට්ටු මන්ත්‍රීවරුන්ට අපි ඕගොල්ලොන්ව බලාගන්නවා අපි ඕගොල්ලෝ වෙනුවෙන් කැපවෙනවා , පනතක් ගෙනල්ලා ඕගොල්ලෝ නැවත පත් කරනවා කියන එක.ඒ අදහස ඒ අයට දුන්නා .පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ව සම්පූර්ණ රැවටීමක් කරන්න හැදුවේ.මොකද ඉදිරියේදී මැතිවරණ ගණනාවක් එනවා.මැතිවරණ වලට වැඩ ගන්න මේ අය අවශ්‍යයි.තව කතාවක් පතුරවනවා මේ නීතිය ක්‍රියාත්මක උනාම විපක්ෂයේ මන්ත්‍රීවරු කවුරුත් පත් කරන්නේ නෑ ආන්ඩුවේ මන්ත්‍රීවරු විතරයි පත් කරන්න කියලා.ඒ පත්වීම් ලබා ගන්නත් පොරයක් අද.අපි රජයෙන් පැහැදිලිවම අහනවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සතුටු කරන්න ජනමත විචාරණයක් තියෙනවද කියලා.පළාත් පාලන මැතිවරණයට සල්ලි නෑ කියපු රජය ජනමත විචාරණයකට කටයුතු කරගෙන යනවා .පාර්ලිමේන්තු මැතිවරණයක් වේවා,ප්‍රාදේශීය සභා මැතිවරණයක් වේවා,ජනමතවිචාරණයක් වේවා,මේ මොන මැතිවරණයටත් එකම වියදම යන්නේ.බිලියන දහයකට ආසන්න මුදලක් අවශ්‍යයි.අපි රජයෙන් අහනවා මේ වගේ පනත් පාර්ලිමේන්තුවට ගෙන්නලා ,වටිනා කාලය නාස්ති කරලා,අපිව උසාවියට යන්න පොලඹවලා මේ කරන කටයුත්තෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?ජනමතවිචාරණයක් තියලා හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු නැවත පත් කරනවාද ? නැද්ද ? රජය පැහැදිලි උත්තරයක් දෙන්න ඕන.

නීතිපතිවරයා කියනවා යෝජිත සංශෝධනය මගෙන් පළාත් පාලන ආයතනයක කාල සීමාව දීර්ඝ කරමින් මැතිවරණ කල් දැමීමේ ඵලයක් ඇති කල හැකි අතර ජනතාව විසින් තෝරා පත් කරගන්නා ලද නියෝජිතයන් වශයෙන් සිය ධූර කාලය ඉක්මවා ඇති පළාත් පාලන මන්ත්‍රීවරු හට කිසිදු ප්‍රජාතන්ත්‍රවාදි ජනවරමකින් තොරව දින නියමයක් නොමැති කාලයකට සිය ධුරය දැරිය හැකි වේ.එබැවින් ජනතාවගේ ඡන්ද බලයට මෙන්ම ඡන්දය ප්‍රකාශ කිරීම සහ මැතිවරණ වලට සහභාගිවීම විෂයෙහි ඔවුන් සතු මූලික අයිතිවාසිකම් වලට මෙම පනත මගින් බලපෑමක් එල්ල වනු ඇත .පැහැදිලිව මෙය ව්‍යවස්ථා විරෝධියි.මූලික මිනිස් අයිතිවාසිකම් වලට විරුද්ධයි.අපි රජයෙන් අහනව මොකක්ද කරන්න බලාපොරොත්තුව?මොකද මේ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුවා .සමහර අය අධිකරණයට ගිහිල්ලා තියෙනවා.පාර්ලිමේන්තුව නැවත ගේන්න වෙනවා,විවාද කරන්න වෙනවා,මේ සියල්ල කරලා අන්තිමේට මේක අත හරිනවාද?එසේ නැතිනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක සහ,ජනමත විචාරණයකට යනවද කියලා රජය පැහැදිලි කළ යුතුයි .අපි රජය අහන්නේ ඇයි ප්‍රාදේශීය සභා මැතිවරණය තියන්න බය ?

ඒ වගේම මම ඊයෙ දැක්කා රජයේ ජන හා නිවාස සංගණනය කරන්න ගැසට් කරලා තියෙනවා.සැප්තැම්බර් මාසේ එය ආරම්භ කරන්න නියමිතයි.මේවට පැහැදිලිවම මුදල් තියෙනවා .රජයට මුදල් නෑ කියන තර්කය දැන් ඉදිරිපත් කරන්න බෑ.මොකද රජයම කිව්වා ලංකාවට ගහලා තියෙන බංකලොත් කියන ලේබල් එක මීට පස්සෙ ලංකාවට විරුද්ධව පාවිච්චි කරන්න බෑ කියලා.අපි රජයට කියනවා අපේ ජනතාව ඉතාමත් නොඉවසිල්ලෙන් ඉන්නවා ඡන්දය පාවිච්චි කරන්න.විවිධ කණ්ඩායම් එන්න පුළුවන් ඒක හොඳයි.පසුගිය කල අරගලයට සම්බන්ධ වෙච්ච අය වගෙ අය .

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු පස් දෙනෙක් පත් කරලා තියනවා අපි දාපු නඩු විභාග කරන්න.මේ මාසේ මැද ඒ නඩු විභාග තියෙනවා.අපිට විශ්වාසයක් තියෙනවා අධිකරණය මැතිවරණ තියන්න කියලා නියෝගයක් ලබාදෙයි කියලා .අධිකරණයට තමයි ඒ මූලික වගකීම තියෙන්නෙ , වෙන කාටවත් නෙවෙයි.මැතිවරණ කල් දාන්න අපේ රටේ විවස්තාවේ හෝ කිසිම නීතියකවත් බලයක් නැ .

1944 දෙවන ලෝක යුද්ධය අවසන් වුනා .ඒ අවසන් වුණ අවුරුද්දෙම එංගලන්ත පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්න තිබුණා ඒ අය පාර්ලිමේන්තු මැතිවරණය තිබ්බා.කල් දැම්මේ නෑ.තුර්කියේ විශාල භූමිකම්පාවක් ඇති වුනා 50,000 පමණ ජීවිත නැති වුණා.නමුත් ඡන්දය කල් දැම්මේ නෑ.ඡන්දය තිබ්බා.ප්‍රජාතන්ත්‍රවාදී ඉස්සරහට අරන් යන්න කාලීන මැතිවරණ අවශ්‍යයි.රජය පැහැදිලිවම බයයි මැතිවරණයක් තියන්න .රජය කරලා තියෙන සමීක්ෂණ වලින් රජයේ ඉතා දුර්වල මට්ටමක ඉන්නේ .

පසුගිය පාර්ලිමේන්තු සැසිවාරයේදි රටේ බංකොළොත් භාවය ගැන හොයන්න කමිටුවක් විපක්ෂය යෝජනා කෙරුවා .පස්සේ එම යෝජනාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුවට ආවා.පොදුවේ හැමෝම ඒක පිළිගත්තා .අපි පැහැදිලිවම ඉල්ලීමක් කරා විපක්ෂයේන් මන්ත්‍රීවරයෙකු මුල් පුටුවට පත් කරන්න කියලා නමුත් එය සිද්ධ වුණේ නෑ.විපක්ෂ නායකතුමා අපිත් සමග සමඟ සාකච්ඡා කරලා තීරණයක් ගත්තා ඒ කමිටුවෙන් අයින් වෙන්න .නමුත් අපි වෙනම කමිටුවක් පත් කරනවා රට බංකලොත් උනේ වුණේ කොහොමද කියන එක ගැන හොයන්න .මම මේකත් කියන්න ඕනේ ,පාර්ලිමේන්තුවේදී මම කිව්වේ හොරාගෙ අම්මගෙන් පේන අහනවා කියලා නමුත් ඊයේ මට කෙනෙක් කතා කරලා කිව්වා ඔබතුමා කියපු දේ වැරදියි හොරාගෙ අම්මගෙන් නෙවෙයි හොරාගෙන්ම අහන්නයි මේ යන්නේ කියලා.

SendShareShare
Previous Post

තුන්පනේ පළාතේ උප ප්‍රධාන සංඝනායක ටැම්පිට විහාරාධිපති හිමියන්ගේ අපවත්වීම අබිරහසක්! අවසානයේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ සරමක් සහ කමිසයක්! සිරුර ළඟ එළවලු මල්ලකුත් තිබිලා! I Sri Lanka Latest News

Next Post

රනිල් රත්නපුරේ නව අධිකරණ සංකීර්ණය විවෘත කරයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.