පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ , දාරළුව ප්‍රදේශයේ තිබූ ” පඩු කරද ” ගස කපා ඉවත් කොට ඇති බව දාරළුව ප්‍රදේශවාසීහු පවසති.Sri Lanka Latest News
බැකෝ යන්ත්‍රයක් ඇතුලු වාහන කිහිපයක් සහ පිරිසක් පැමිණ ගස කපා ඉවත් කළ බව ඔවුහු පැවසූහ.
පඩු කරද ශාඛය ඉතා දුර්ලභ ගණයේ ශාකයක් බවට පසුගිය කාලයේදී කතා බහට ලක් වූ අතර මෙම ශාඛය , ගම්පහ උද්භිද උද්‍යානය ඇතුලු ස්ථාන කිහිපයක ඇති බවට ප්‍රකාශ වූ අතර දාරළුව ප්‍රදේශයේ ගස ඉවත් නොකළහොත් අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අමතරව අධික මුදලක් වැය කිරීමට සිදුවන බවද සදහන් විය.










