මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. (Sri Lanka Latest News)
එවැනි ස්ථාන දියුණු කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික අංශයද සම්බන්ධ කරගනිමින් සුදුසු ආයෝජකයන් සොයාගන්නා ලෙසද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට විසින් දැනටමත් මෙරට වෙරළ තීරය ආශ්‍රිතව නව සංචාරක ස්ථාන 24ක් හඳුනාගෙන තිබෙන අතර, ගඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව, වයික්කාල, මීගමුව කලපුව, කපුන්ගොඩ, ප්‍රීතිපුර, කොක්ගල කලපුව, සීතගල්ල, රැකව කලපුව, ලුනම කලපුව, මලාල ලේවාය, කිරින්ද, කුනුකලේ බීච්, එලිෆන්ට් රොක්, සලතිව් දූපත, තඹලගමුව බේ, ගවනර් ඔෆිස්, උප්පුවේලි, සම්පල්තිව් බීච්, අර්යමල්ල බීච්, නයාරු බීච්, නන්දිකඩාල් බීච්, සන්තකුලම් බීච් මෙලෙස නව සංචාරක කලාප ලෙස හඳුනාගෙන තිබේ.
ආර්ථික සම්පත් බහුල මෙරට වෙරළ තීරය කිලෝමීටර 1620ක දිගකින් යුතු වේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවැසූයේ මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කරගනිමින් රට වටා වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් ආර්ථික අර්බුදවලට විසඳුම් සොයාගත හැකි බවයි.
newscenter










