2021 දී චීන සමාගමකින් මිලදී ගත් ආන්දෝලනාත්මක කාබනික පොහොර මිලදී ගැනීමක් සමථයකට පත් කිරීම සඳහා හිටපු රජය ගෙවා ඇති ඩොලර් මිලියන 6.9 ආපසු ලබා ගත හැකි බවට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට විශ්වාසයක් නැති බව The Sunday Morning පුවත්පත වාර්තා කොට ඇත.Sri Lanka Latest News
සමාගමේ වෙළඳ කීර්ති නාමය ආරක්ෂා කිරීමේ පියවරක් ලෙස, චීන පොහොර නිෂ්පාදකයා ශ්‍රී ලංකාවේ ඉල්ලීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කර ඇති බව පුවත්පත වාර්තා කොට ඇත.
පසුගියදා පැවති සාකච්ඡා වට කිහිපයකදී ඩොලර් මිලියන 6.9 ක මුදල අයකර ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීම චීන නිෂ්පාදකයා ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ වෙනුවට එම වටිනාකමට කාබනික පොහොර ලබාදීමට යෝජනා කර ඇති බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිලධාරීන් තවමත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උත්සාහ කරමින් සිටින බවද දැනගන්නට ඇත.
මේ අතර කාබනික පොහොර වෙනුවට රසායනික පොහොර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිලධාරීන් චීන නිෂ්පාදකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම සමාගම කාබනික පොහොර පමණක් නිෂ්පාදනය කරන බව පවසමින් කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කර තිබේ.
කෙසේවෙතත් පසුගිය දිනක කෘෂිකර්ම අමාත්‍යවරයා කියා සිටියේ එම මුදල යළි ලබා ගැනීමට සාකච්ඡා කරන බවකි.










