• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කවදාවත් ලංකාවෙන් අහුනොවුණු 4MMC මත්කුඩු පළමුවරට මොරටුවෙන් මතුවෙයි! ගේම ගහලා තියෙන්නේ කෝටිපතියකුගේ පුතෙක්! I Sri Lanka Latest News

July 6, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
කවදාවත් ලංකාවෙන් අහුනොවුණු 4MMC මත්කුඩු පළමුවරට මොරටුවෙන් මතුවෙයි! ගේම ගහලා තියෙන්නේ කෝටිපතියකුගේ පුතෙක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරටදී පළමුවරට හමුවී ඇති 4MMC නමැති මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය එම වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 115කි.

පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සඳහන් කළේ මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන කෝටිපති ව්‍යාපාරිකයා, කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවය.

මෙරටදී පළමුවරට හඳුනාගත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මාලදිවයින සහ ඩුබායි සිට මෙහෙයවන බවට සැක කෙරේ.

මොරටුව සමන්පුර ප්‍රදේශයේ අති සුඛෝපභෝගී තෙමහල් නිවසක ජාත්‍යන්තරය හා සම්බන්ධ මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබී තිබූ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබුණි.

සිදුකළ වැටලීමට අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මෙරට බෙදාහැරීමේ නියෝජිතයා ලෙස කටයුතු කරන මොරටුව සමන්පුර කෝටිපති ව්‍යාපාරිකයාගේ පුත්‍රයා අත්අඩංගුවට ගත්තේය.

සැකකරු සන්තකයේ තිබී හඳුනානොගත් විශේෂිත වූ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 115ක් පොලිස් භාරයට ගැනුණි.

පසුව ඔහුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී කාලයක් තිස්සේ සිදුකළ මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ සුලමුල අනාවරණය වූ බව පොලීසිය කියයි.

සැකකරු අනාවරණය කළ තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාලයේ මහමොළකරු වන මෙරටට බෝට්ටු සහ එන්ජින් ආනයනය කිරීමේ කටයුතුවල යෙදෙන දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමේ තොරතුරු තවදුරටත් අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පැවසීය.

මෙම ජාවාරමේ මෙරට බෙදාහැරීමේ කටයුතුවලට සහාය ලබාදුන් දෙහිවල ඇන්ඩර්සන් පාරේ පදිංචි පුද්ගලයෙකුව ද කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20ක් සමග අත්අඩංගුවට ගෙන ඇත.

මෙම විශේෂිත වූ මත්ද්‍රව්‍ය සෙල්ලම් බඩු අතර සඟවා ඩුබායි සිට ගුවන් තැපැල් සහ කූරියර් සේවාව ඔස්සේ මෙරටට ආනයනය කර ඇති බවද හෙළිවී තිබේ.

පසුව එම භාණ්ඩ මොරටුව සමන්පුරදී අත්අඩංගුවට ගත් සැකකරුට භාරදීමෙන් අනතුරුව ඔහු ඒවා නැවත කොටස් කර සෙල්ලම් බඩුවල ඇසුරුම් කර මාලදිවයිනට ප්‍රති අපනයනය කිරීමට දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේ මහමොළකරු වෙත භාරදී තිබූ බවද මෙතෙක් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ඊට අමතරව මෙම හඳුනානොගත් මත්ද්‍රව්‍ය විශේෂය රාත්‍රී සමාජ ශාලාවලට ඇබ්බැහිවී සිටින ධන කුවේරයින් අතර ද ප්‍රචලිත කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වෙමින් පවතින බව වැටලීම කළ පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා දෙහිවල සහ මොරටුව පොලීසි වෙත භාරදී ඇත.

SendShareShare
Previous Post

අලි තුන් දෙනෙක් දීලා අලි ජංජාලයක් නටපු තායිලන්තය ඒ පාර කුරුල්ලො තුන්දෙනෙක් එවලා මොන ජල්ලියක් අල්ලයිද මන්දා! Sri Lanka Latest News

Next Post

යාපනේ ගමක 58ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.