රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. ඇය වෙනුවෙන් ඉදිරිපත් කළ ඇප පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කළා. එම ඇප ඉල්ලීමට විරුද්ධ නොවන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් කළ දැනුම් දීමෙන් පසුව විනිසුරුවරයා ඇප නියෝගය ප්‍රකාශයට පත් කළා.Sri Lanka Latest News
බුදු දහම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අදහස් පළකළ නතාෂා එදිරිසුරිය තව දුරටත් ජුලි 19 දක්වා යළි රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද උදේ නියෝග කර තිබුණා. එවන් පසුබිමකයි ඇය වෙනුවෙන් මහාධිකරණයට ඇප ඉල්ලීම සිදුකොට තිබුණේ.
මෙහිදී මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කොට තිබුණේ ICCPR පනත යටතේ නතාෂා එදිරිදූරිය කළ ප්‍රකාශය ආගමික හෝ ආගමික වෛරය සදහා පෙළඹවීමක් සිදුකරන ප්‍රකාශ ලෙස ගත නොහැකි බවයි.
ICCPR පනත ව්‍යවස්ථාදායකය මගින් ශ්‍රී ලංකාවට හදුන්වා දුන් අරමුණින් බැහැරව අද වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින බවද විනිසුරුවරයා කීය.










