හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝජිතයන් විසින් විසිරවපු පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන් නැවත බලයට ගෙන ඒමට යෝජනා කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුත්තක් බවත් අරගලයකින් එලවූ රාජපක්ෂවරුන්ගේ මෙවැනි යෝජනා හරහා පෙනී යන්නේ ඔවුන්ගේ අදහස් තවමත් පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන බවත් මෙය විහිළු සහගත බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (5) පාර්ලිමේන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News
පළාත් පාලන මන්ත්‍රිවරුන්ගේ කාලවකවානුව අවසන් ව ඇති මොහොතක මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන්ට එරෙහිව සමගි ජන බලවේගය අධිකරණය හමුවට යන බවත් බලයක් නොමැති රාජපක්ෂවරුන්ගේ ඒජන්තවරුන් විසින් ප්‍රජාතන්ත්‍රවාදය අමුඅමුවේ උල්ලංඝනය කිරීම හෙළා දකින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
එසේ ම අද රටේ ඇති උත්තරීතර නීතිය අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වුවත් රජය රුපියල් බිලියන 10ක් සොයා ගත නොහැකි යැයි පවසා කූට දේශපාලන කුමන්ත්‍රණයක් රජයේ මුද්‍රාණාලාධිපතිනිය සහ භාණ්ඩාගාරයේ ඇතැම් නිලධාරීන් සම්බන්ධ කර ගෙන ක්‍රියාත්මක කර ඇති බවත් මේ සියලු නිලධාරීන්ට අනාගතයේ දී වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










