බම්බලපිටිය ලෙයාර්ඩ්ස් පාරේ ග්‍රාම නිලධාරි කාර්යාලය අසල මෝටර් රථයක රැඳී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ පුත් නීතිඥ කවින් ජයසේකර මහතාට පෙරේදා (03) සවස පුද්ගලයකු පිහියක් පෙන්වා බිය ගන්වා රුපියල් 163,000ක මුදල් හා සුදු රත්තරන් මාලයක් කොල්ලකා පලා ගොස් ඇත. Sri Lanka Latest News
නීතිඥවරයා මෝටර් රථය තුළ සිටියදී එම මෝටර් රථය අසලට පැමිණි පුද්ගලයකු අතපාමින් මුදල් ඉල්ලා ඇති බව පොලිසිය කියයි. මුදල් නැති බව පැවසූ විට එම පුද්ගලයා විසින් ඉණේ සඟවාගෙන සිටි උල් පිහියක් අතට ගෙන එය දිගු කර මෝටර් රථයේ ඩෑෂ් බෝඩ් එක මත තිබුණු රුපියල් 3000ක මුදලක් මුලින්ම කොල්ලකා ඇත. අනතුරුව මෝටර් රථයේ තිබුණු බෑගයක් ද ඔහු විසින් කොල්ලකෑමට තැත් කර ඇත. ඒ තුළ තිබුණු සුදු රත්තරන් මාලයක් එළියට විසි වී ඇති බවත් අනතුරව එය ද කොල්ලකා සැකකරු පලාගොස් තිබේ.
ආරක්ෂක කැමරා මඟින් කොල්ලකරුව හඳුනා ගැනීමට පොලිසිය සමත්ව ඇත. ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම කොල්ලකරු මත්ලෝලියකු බවට පොලිසිය සැක කරයි.










